Ganoderma – Rotting disease at the base stem and roots of coconut

ගැනෝඩර්මා - පොල් මුල් හා කඳ පාමුල කුණුවීමේ රෝගය

"ගැනෝඩර්මා බොනිනෙන්ස්" නම් දිලීරය මගින් මගින් මෙම රෝගය වැළඳේ. දකුණු පළාතේ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ මෙම රෝගය බහුලව ව්‍යාප්තව පවතී. රෝගය වැඩිපුරම දකින්නට ඇත්තේ වයස අවුරුදු 15 ට වැඩි ගස්වලය. රෝගය පැතිරීම ඉතා සෙමින් සිදුවන අතර රෝගය නිසා මුල හා කඳ පාමුල කොටස් දිරා යෑම සිදුවේ.

පළිබෝධ මර්ධනය විකල්ප ක්‍රම - කළු කුරුමිණි පෙරමෝන උගුල්

කළු කුරුමිණි හානිය රතු කුරුමිණි හානිය තරම් මාරාන්තික නොවන නිසා, බහුතරය මේ පිළිබඳ ඉතාමත් අඩුවෙන් අවදානය යොමු කරයි. ලංකාවේ සියලු පොල් වගා කරන ප්‍රදේශ වල දැකිය හැකි කුරුමිණි හානිය නිසා පොල් ගසේ වර්ධනය බාල වීම සහ එමඟින් ගහ පීදීමට ගතවන කාලය වැඩි වීම ප්‍රධාන ගැටලුවකි.

Amazing Coconut Water!

විශ්මය ජනක පොල් වතුර

අප මේ ලොව එලිය දැකීමෙන් පසු ආහාර ගන්නා අවධියේ පටන් ජීවිත අවසාන වන තෙක්ම අපගේ ජීවිතය හා බැඳී ඇති ආහාරයක් ලෙස පොල් සඳහන් කළ හැක.

Distribution of Coconut Seedlings and Nursing of Coconut Seeds Project at “Suraliyasewana”, Centre for Women with Special Needs managed by The Department of Social Welfare, Probation and Childcare Services, Southern province by Good Hands Initiative

good hands ක්‍රියාන්විතය විසින් දකුණු පළාත් සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂණ සේවා දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක වන "සුරලිය සෙවණ" විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ දියත් කෙරුණු ලැබූ බීජ පොල් තවාන් දැමීමේ සහ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

මාර්තු මස 26 වන දින "සුරලිය සෙවණ" විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණ මධ්‍යස්ථානයේ පොල් පැළ රෝපණය සහ බීජ පොල් තවාන් දැමීම සිදු කෙරුණේ එහි ස්ථානභාර නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි.

Coconut Seedling Distribution Project in launched at the Headquarters Police Station Trincomalee premises e by Good Hands Initiative with the objective of encouraging Sri Lankans to cultivate coconut.

ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිස් ස්ථාන පරිශ්‍රයේ දියත් කෙරුණු ලැබූ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

පෙබරවාරි මස 18 වන දින ත්‍රිකුණාමලය මූලික පොලිස් ස්ථානයේද පොල් පැළ 10 ක් රෝපණය කෙරුණේ එහි පොලිස් නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි.