පොල් දළඹු හානිය

ලංකාවේ පොල් වගා කෙරෙන බොහෝ ප‍්‍රදේශවල පැතිරී ඇති පොල් දළඹුවා, පොල් වගාවට දැඩි හානියක් කිරීමට සමත් පළිබෝධකයෙකි.

පොල් දළඹුවා පොල් ගසට හානි සිදු කරන්නේ, පොල් කොළය යට පැත්තේ පටක හෙවත් පොල් කොළයේ සාරවත් කොටස් ආහාරයට ගැනීම මගිනි.

හානි ලක්ෂණ,

  1. පොල් කොළයේ හානි කරන ලද ස්ථාන පළමුව කොළ පැහැයට තිබී පසුව ක‍්‍රමයෙන් දුඹුරු පැහැගැන්වී වියළි පිලිස්සුන ස්වභාවයකට හැරීම.
  2. පොල් ගසේ පහත මාලයේ අතුවල තැනින් තැන අක‍්‍රමවත් ලෙස වියළි ගිය ස්ථාන හඳුනා ගත හැකි වීම. 
  3. අතුවලට සිදු වන හානියේ බලපෑම නිසා ගස දුර්වල වීම සහ අස්වැන්න අඩුවිම.
  4. පත්‍රවල යටි පැත්ත පරීක්ෂා කිරීමේදී පණු කැදලි දැකිය හැකි වීම.

හානිය නිසි ලෙස කළමනාකරණය නොකළහොත් ගස මිය යාම සිදුවේ.

පොල් දළඹුවාගේ ජීවන චක‍්‍රය,

හානි කළමනාකරණය

1. උවදුර හඳුනා ගන්නා අවස්ථාවේ ඉතා සුළු වශයෙන් (අතු 05 ට වඩා අඩුවෙන්) හානි ලක්ෂණ පවතීන්නේ නම්, එම අතු සහ පහත මාලයේ පොල් අතු 5 - 6 කපා, පුළුස්සා දැමීමට කටයුතු කළ යුතුය.

නිසි දැනුමක් හෝ අවබෝධයක් නොමැතිව අතු කපා පිළිස්සීම නොකළ යුතුය. මිට හේතුව වන්නේ සුහුඹුල් අවධියේ පසුවන පොල් දළඹුවන් සිටින ගස් වල අතු කපන විට, උන් යාබද නිරෝගී පොල් ගස් වෙත පියඹා යාමට ඇති හැකියාව නිසාවෙනි. මෙලෙස නිරෝගී පොල් ශාඛවල බිත්තර දැමීම සිදුවිය හැකි නිසා හානිය සහිත ගස් සංඛ්‍යාව වැඩිවීම සිදුවිය හැක. මේ නිසා සුහුඹුල් අවස්ථාව හැර ජීවන චක්‍රයේ අනෙකුත් අවස්ථාවන් ක්ෂේත්‍රයේ පවතින කල්හි පොල් අතු කපා, පුළුස්සා දැමීම යෝග්‍ය වෙයි.

ගිනිමැල ගැසීම මගින් පොල් දළඹුවාගේ සුහුඹුල් අවස්ථාව ගිනිමැලය දෙසට ආකර්ෂණය කර මර්දනය කළ හැක.

3. ජීව විද්‍යාත්මකව මර්දනය සඳහා පොල් දළඹුවාගේ පරපෝෂීත කෘමීන් (විලෝපිකයින්) භාවිතා කළ හැකිය.

• පරපෝෂීත කෘමීන් ප්‍රධාන කාණ්ඩ 2 කි.

  A. කීට පරපෝෂීතයන් - බ්‍රැකන් හිබේටර්

  B. පිලා පරපෝෂීතයන් - බ්‍රැකිමේරියා නෙපැන්ට්ඩිස්

හානිය පරපෝෂිතයන් මගින් පාලනය කළ නොහැකි තරම් උග‍්‍ර වූ විට, රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම අවශ්‍ය වේ.

රසායනික ක්‍රම

තමාගේ වගාව ගැන සැළකිලිමත්ව සිටීම හා හානිය හඳුනාගත් විගස තම පළාතේ පොල් සංවර්ධන නිලධාරී මහතා වෙත හෝ සුදුසු බලධාරීන්ට දැනුම් දීම මගින් හානිය ඉක්මනින් පාලනය කිරීමට සුදුසු ක්‍රියායාමාර්ග ගත හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *