Kapruka from School – 25th School Based Series of Program

කප්රුක පාසලෙන් - 25 වැනි පාසල් පාදක වැඩසටහන් මාලාව

ස්ථානය - අ/මොරොත්තේගම කනිෂ්ඨ විද්‍යාලය, දේවහුව – A/Moroththegama Junior School, Dewahuwa

උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මොරොත්තේගම කනිෂ්ඨ විද්‍යාලය ග්‍රාමීය අධ්‍යාපනියේ දිදුලන ආදර්ශමත් පාසලක් ලෙස නම කළ හැක. පළාත් මට්ටමේ ආයතනයක් ලෙස ආඬියාගල අධ්‍යාපන කොට්ඨාසය තුළ ක්‍රියාත්මක වන එම පරිශ්‍රය 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන්ට අධ්‍යයන ජයග්‍රහණ සමඟ කුසලතා සංවර්ධනය කෙරෙහි මූලික අවධානය යොමු කරයි. විශේෂයෙන් බොහෝ සිසුන් මුහුණ දෙන මූල්‍යමය බාධාවන් සහ පහසුකම් පිළිබඳ සැලකිල්ලට ගත්විට මෙවන් පාසල් සඳහා රජයේ අවධානය ඉතා වැදගත් වේ. 

මෑතකදී, පාසල good hands initiatives (GHI) සමඟ සහයෝගීතාවයෙන් " කප්රුක- පාසලෙන් " යන මාතෘකාව යටතේ එහි 25 වන පාරිසරික වැඩසටහන ආරම්භ කළේය. විදුහල්පති කමල් මාරසිංහ මහතාගේ කැපවූ නායකත්වය විසින් මෙහෙයවන ලද මෙම වැඩසටහන් මාලාව, පාරිසරය සහ කෘෂිකර්මය පිළිබඳව මනා දැනුවත්භාවය ඇති කිරීම සහ එහි සිසුන්, දෙමාපියන් සහ පුළුල් ප්‍රජාව අතර තිරසාර කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කොට ක්‍රියාත්මක විය. එම කාලවකවානුවේදී උතුරුමැද පළාතේ පැවති අධික උෂ්ණත්වය වැනි අභියෝගවලට මුහුණ දීමට වැඩසටහනට සිදු වුවද, සිසුන්, දෙමාපියන්, ගම්වාසීන් සහ ගෞරවනීය අමුත්තන් ඇතුළු පුද්ගලයන් 160 දෙනෙකුගේ පමණ උද්යෝගිමත් සහභාගීත්වයෙන් වැඩසටහන 2024 පෙබරවාරි 28 වන දින දීප්තිමත් ලෙස ක්‍රියාත්මක කළ හැකි විය. 

ව්‍යාපෘති නිලධාරීන්, ප්‍රදේශයේ නිළධාරි (දේවහුව), හිටපු විදුහල්පති සහ වත්මන් විදුහල්පති ඇතුළු සම්භාවනීය කථිකයන් පොල් වගා කිරීමේ ක්‍රමෝපායන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් කෘෂිකාර්මික අභියෝගවලට මුහුණ දීම පිළිබඳ ඔවුන්ගේ අවබෝධය සහ අත්දැකීම් සියල්ල හමුවේ බෙදාහැරීම ලදී. ආකර්ශනීය දේශන, ප්‍රශ්නෝත්තර සැසි සහ තාක්ෂණික තොරතුරු ඉදිරිපත් කිරීම් හරහා, සහභාගිවන්නන් දේශීය සන්දර්භයට ගැළපෙන තිරසාර කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ වටිනා දැනුමක් ලබා ගත් බව ඔවුනගේ ප්‍රතිචාර හමුවේ ස්ථීර විය. 

දැඩි රස්නය නොතකා විදුහල්පති කමල් මහතා සහ කැපවූ දෙමාපියන්, වැඩසටහනේ අත්‍යවශ්‍ය කටයුත්තක් වූ පොල් පැළ සිටුවීමට අත්‍යවශ්‍ය කාර්යයක් වන පොල් වලවල් සකස් කරලීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ අයුරු අගනේය. සිසුන් දෙදෙනෙකුට පවරා එක් පැළයක්ද එක් බීජයක් එක් සිඩුවෙකුට වන සේ බෙදා දුන් පසු, ඒවා රෝපණය සඳහා ඔවුන්ගේ සහයෝගී උත්සාහය, තිරසාර කෘෂිකර්මාන්තය සඳහා අනාගත පරපුරේ කැපවීම සංකේතවත් වන ලදී. සිසුන්ගේ සහ දෙමාපියන්ගේ යුහුසුළු සහභාගීත්වය, තිරසාර අනාගතයක් පෝෂණය කිරීම සඳහා ප්‍රජාවේ සාමූහික කැපවීම අවධාරනය කළේය. 

ඔවුන්ගේ ඉගෙනීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා "පොල් වගා කිරීමේ අත්පොත්" පාසල් පුස්තකාලයට බෙදා දෙන ලදී. ක්‍රියාශීලී සිසුන් ඇගයීම සඳහා සහතික පත්‍ර සහ ත්‍යාග ද ප්‍රදානය අවසන් අදියරේදී සිදු කරන ලද අතර, සහභාගි වූ සියලුම දෙනාට පාසල් ලිපි ද්‍රව්‍යද බෙදා දෙන ලදී. අවසාන වශයෙන්, මොරොත්තේගම කනිෂ්ඨ විද්‍යාලයේ පැවති 25 වැනි පාරිසරික වැඩසටහන තිරසාරත්වය පෝෂණය කිරීම සඳහා සහයෝගීතාවයේ සහ ප්‍රජා සහභාගීත්වයේ ශක්තිය පිළිබඳ සාක්ෂියක් විය. අධ්‍යාපනය, දැනුවත් කිරීම සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් තුළින් පාසල්, හෙට දින ජයගැන්මට වඩා ඔරොත්තු දෙන ශක්තිමත් දරුවෙකු බිහි කිරීම මෙවන් කැපවූ පාසල් වෙත තවදුරටත් සහය වීම අප ඉදිරි අරමුණයි.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.