As we mentioned in the previous article, in addition to the traditional coconut varieties available in Sri Lanka, a large number of coconut varieties have been produced so far. Mainly the Coconut Research Institute has introduced these improved coconut varieties. Each of these coconut varieties can be divided into two main categories for home gardening and commercial cultivation. Having a clear understanding of the planting density at the beginning and the planting material used for the varieties of coconut to be planted will contribute to the success of coconut cultivation.Please note that what we are referring to here is only for information on existing and recommended coconut varieties.
සී. ආර්. අයි. සී. 60 ප්‍රභේදය / TT
• මෙය ටිපිකා (T) කාණ්ඩයට අයත් ගති ලක්ෂණ පවතින ශාඛයක් වන අතර, ශ්‍රී ලංකා උස ප්‍රභේදය වෙනස් කිරීමට ලක් කර තොරාගත් ශාඛ අතර පර පරාගණයෙන් මෙම වර්ගයේ බීජ පොල් නිෂ්පාදනය කරනු ලබයි.
• මව් සහ පිය ශාඛ තෝරාගත් ශ්‍රී ලංකා උස පොල් ගස් වර්ගයි (T).
• ඉහත ප්‍රභේදය පොල් පර්යේෂන ආයතනය වර්ෂ 1960 සිට වගාකරුවන්ට නිර්දේශ කර ඇත.
• This variety is suitable for cultivation in all coconut-growing areas in Sri Lanka.
• වසරක් තුළ හෙක්ටයාරයකට ගෙඩි 12000 ක පමණ ඵලදාවක් ලබාදෙයි.
• සිටුවීමෙන් පසු අවුරුදු 6-7 ත් අතර කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• එක් පොල් ගෙඩියකින් කොප්පරා ග්‍රෑම් 225 ක් පමණ ලබාදේ.
• නියඟයට සහ රෝගී තත්වයන්ට ප්‍රතිරෝධීතාවය ඉතා වැඩි අතර ශක්තීමත් කඳක් ඇත.
• පොල් වගා කිරීමේ මණ්ඩලයේ සහ පොල් පර්යේෂනායතනයේ ලියාපදිංචි තවාන් වලින් එම ප්‍රභේද ලබාගත හැකි අතර නිල් පැහැති ස්ටිකරය මගින් හදුනාගත හැකිය.
• මෙය දෙමුහුම් වර්ගයක් නොවේ.
සී. ආර්. අයි. සී. 65 ප්‍රභේදය / DT
• මෙය කුන්දිරා පොල් වර්ග (D) සහ දේශීය උස පොල් වර්ග සමග පර පරාගනය වීමට සැලැස්විමෙන් ලබාගන්නා බීජ පොල් වලින් සාදා ගනී (දෙමුහුමකි).
• මව් ශාඛ ශ්‍රී ලංකා කොළ කුන්දිරා හෝ ශ්‍රී ලංකා කහ කුන්දිරා වන අතර පිය ශාඛ තෝරාගත් ශ්‍රී ලංකා උස පොල් ගස් වර්ගයි.
• ඉහත කරුණ අනුව ප්‍රධාන අනු වර්ග දෙකක් පවතින අතර, ඒවානම්
* Yellow dwarf x tall coconut (YD x T)
* Green dwarf x tall coconut (GD x T).
• ඉහත ප්‍රභේදය පොල් පර්යේෂන ආයතනය වර්ෂ 1965 සිට වගාකරුවන්ට නිර්දේශ කර ඇත.
• This variety is not suitable for cultivation in all coconut-growing areas in Sri Lanka. Ideal for home gardens.
• වසරක් තුළ හෙක්ටයාරයකට ගෙඩි 20000 ක පමණ ඵලදාවක් ලබාදෙයි (ගසකින් වසරකට ගෙඩි 125ක් පමණ).
• සිටුවීමෙන් පසු අවුරුදු 3-4 ත් අතර කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• Copra percentage is quite low and can be used as a suitable variety for the toddy industry.
• මෙහි CRIC 65 කහ වර්ගයෙන් හටගන්නා ගෙඩිය, සමාන්‍ය උස වර්ගයේ (T) පොල් ගෙඩි තරමටම ඝනකම් බැවින්, කහ වර්ගයේ වෙළද වටිනාකම ඉහළය. තවද මයිටා හානි වලට තරමක ප්‍රතිරෝධයක් දක්වයි. එනමුත් CRIC 65 කොළ වර්ගයට වඩා ඵලදාව තරමක් අඩුය.
• මෙම ප්‍රභේදයේ පොල් පැළ තද කොල පැහති ස්ටිකරයෙන් සහතික කර ඇත.
• අඹකැලේ ප්‍රදේශයේ පවතින, පොල් පර්යේෂන ආයතනයට අයත් බීජ පොල් උයනේ පොල් බීජ නිෂ්පාදනය කෙරේ.
• මෙය දෙමුහුම් වර්ගයක් වේ.
සී. ආර්. අයි. එස්. එල්. 98 ප්‍රභේදය
• මෙය පිලිපින් සන්රමොන් නමැති උස පොල් වර්ගය සහ දේශීය උස පොල් වර්ග අතර කෘත්‍රිමව පරාගනය කරවීමෙන් ලබාගන්නා බීජ පොල් වලින් සාදා ගනී (දෙමුහුමකි).
• මව් ශාඛ තෝරාගත් ශ්‍රී ලංකා උස පොල් ගස් වර්ග වන අතර පිය ශාඛ පිලිපින් සන්රමොන් ගස් වර්ගයි.
• ඉහත ප්‍රභේදය 1998 දී පැවති ජාතික පොල් නැවත සිටුවීමේ වැඩසටහනේ සිට වගාකරුවන්ට නිර්දේශ කර ඇත.
• මෙම වර්ගය ලංකාවේ පොල් වගා කරන සියලුම ප්‍රදේශවල වගාකිරීම සඳහා උචිත වේ. නමුත් වියළි කලාපයේ පවතින දිගුකාලීන නියඟ කාලවලදී, CRISL 98 ඵලදාව අඩුවී, ශාඛය තම වර්ධනය පවත්වා ගැනීමට නැඹුරු වේ. එබැවින් ශ්‍රී ලංකාවේ තෙත් සහ තෙත් අතරමැදි කලාපවල පමණක් වගාකිරීමට නිර්දේශිත ප්‍රභේදයක් ලෙස වර්තමානයේදී පොල් පර්යේෂණ ආයතනය විසින් සංශෝධනය ඉදිරිපත් කරන ලදී.
• වසරක් තුළ හෙක්ටයාරයකට ගෙඩි 12000 ක පමණ ඵලදාවක් ලබාදෙයි.
• සිටුවීමෙන් පසු අවුරුදු 5-6 ත් අතර කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• ගෙඩියේ මදය ඉතා ඝනකම් අතර ඉහළ කොප්පරා ප්‍රතිශතයක් ඇත. එක් පොල් ගෙඩියකින් කොප්පරා ග්‍රෑම් 280-300 ක් පමණ ලබාදේ.
• මෙම ප්‍රභේදය, දේශීය උස පොල් වර්ග වලට වඩා ශක්තිමත් කඳක් ඇත. විවිධ පරීසරික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව හා ගෙඩී නිෂ්පාදන හැකියාව යන ලක්ෂ්ණ අනුව CRIC 60 ප්‍රභේදයට බොහෝ දුරට සමනවේ. • මෙම ප්‍රභේදයේ පොල් පැළ තද රතු පැහති ස්ටිකරයෙන් සහතික කර ඇත. • මෙය දෙමුහුම් වර්ගයක් වේ.
කප්රුවන/ DGxSR
• මෙය දේශීය කොළ කුන්දිරා පොල් වර්ග සහ පිලිපින් සන්රමොන් උස පොල් වර්ග අතර කෘත්‍රිමව පරාගනය කරවීමෙන් ලබාගන්නා බීජ පොල් වලින් සාදා ගනී (දෙමුහුමකි).
• මව් ශාඛ ශ්‍රී ලංකා කොළ කුන්දිරා පොල් ගස් වර්ග වන අතර පිය ශාඛ පිලිපින් සන්රමොන් උස ගස් වර්ගයි.
• ඉහත ප්‍රභේදය පොල් පර්යේෂන ආයතනය වර්ෂ 2004 සිට වගාකරුවන්ට නිර්දේශ කර ඇත.
• මෙම වර්ගය ගෙවතු වගාව සඳහා උචිතය.
• වසරක් තුළ හෙක්ටයාරයකට ගෙඩි 20000 ක පමණ ඵලදාවක් ලබාදෙයි.
• සිටුවීමෙන් පසු අවුරුදු 3-4 ත් අතර කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• සිටුවීමෙන් පසු අවුරුදු 3-4 ත් අතර කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• මෙම ප්‍රභේදයේ පොල් පැළ තැඹිලි පැහති ස්ටිකරයෙන් සහතික කර ඇත.
• මෙය දෙමුහුම් වර්ගයක් වේ.
කප්සුවය
• මෙය දේශීය දුඹුරු කුන්දිරා පොල් වර්ග සහ දේශීය උස පොල් වර්ග අතර කෘත්‍රිමව පරාගනය කරවීමෙන් ලබාගන්නා බීජ පොල් වලින් සාදා ගනී (දෙමුහුමකි).
• මව් ශාඛ ශ්‍රී ලංකා දුඹුරු කුන්දිරා පොල් ගස් වර්ග වන අතර පිය ශාඛ ශ්‍රී ලංකා උස ගස් වර්ගයි.
• ඉහත ප්‍රභේදය පොල් පර්යේෂන ආයතනය වර්ෂ 2012 සිට වගාකරුවන්ට නිර්දේශ කර ඇත.
• මෙම වර්ගය ගෙවතු වගාව සඳහා උචිතය.
• වසරක් තුළ හෙක්ටයාරයකට ගෙඩි 20000 ක පමණ ඵලදාවක් ලබාදෙයි.
• සිටුවීමෙන් පසු අවුරුදු 3-4 ත් අතර කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• මෙම ප්‍රභේදයේ පොල් පැළ දුඹුරු පැහති ස්ටිකරයෙන් සහතික කර ඇත.
පල්ලම ප්‍රදේශයේ පවතින, පොල් පර්යේෂන ආයතනයට අයත් බීජ පොල් උයනේ පොල් බීජ නිෂ්පාදනය කෙරේ.
• CRIC 65 වලට සමාන ගති ලක්ෂණ ඇත.
• මෙය දෙමුහුම් වර්ගයක් වේ.
කප්සෙත /සී. ආර්. අයි. සී. 2013 /DBxSR
• මෙය දේශීය දුඹුරු කුන්දිරා පොල් වර්ගය සහ පිලිපින් සන්රමොන් උස පොල් වර්ග අතර කෘත්‍රිමව පරාගනය කරවීමෙන් ලබාගන්නා බීජ පොල් වලින් සාදා ගනී (දෙමුහුමකි).
• මව් ශාඛ ශ්‍රී ලංකා දුඹුරු කුන්දිරා පොල් ගස් වර්ග වන අතර පිය ශාඛ පිලිපින් සන්රමොන් උස ගස් වර්ගයි.
• ඉහත ප්‍රභේදයද පොල් පර්යේෂන ආයතනය වර්ෂ 2012 සිට වගාකරුවන්ට නිර්දේශ කර ඇත.
• මෙම වර්ගයද ගෙවතු වගාව සඳහා උචිතය.
• වසරක් තුළ හෙක්ටයාරයකට ගෙඩි 20000 ක පමණ ඵලදාවක් ලබාදෙයි.
• සිටුවීමෙන් පසු අවුරුදු 3-4 ත් අතර කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• සන්රමොන් ගති ලක්ෂණ නිසා ගෙඩියේ මදය ශ්‍රී ලංකා උස පොල් තරමටම ඝනකම වන අතර CRIC 65 වලට සමාන ඵලදාවක් ලබා දෙයි.
• මෙම ප්‍රභේදයේ පොල් පැළ කළු පැහති ස්ටිකරයෙන් සහතික කර ඇත.
• පල්ලම ප්‍රදේශයේ පවතින, පොල් පර්යේෂන ආයතනයට අයත් බීජ පොල් උයනේ පොල් බීජ නිෂ්පාදනය කෙරේ.
• මෙය දෙමුහුම් වර්ගයක් වේ.
සී. ආර්. අයි. එස්. එල්. 2020 ප්‍රභේදය / T x MRD
• මෙය මලයාසියානු රතු කුන්දිරා පොල් වර්ගය සහ දේශීය උස පොල් වර්ග අතර කෘත්‍රිමව පරාගනය කරවීමෙන් ලබාගන්නා බීජ පොල් වලින් සාදා ගනී (දෙමුහුමකි).
• මව් ශාඛ ශ්‍රී ලංකා උස පොල් ගස් වර්ග වන අතර පිය ශාඛ මලයාසියානු රතු කුන්දිරා ගස් වර්ගයි.
• මෙය පසුගිය වසර 14 දී ශ්‍රී ලංකාව තුළ බහු ස්ථානීය ඇගයීමක් සිදුකර 2020 වසරේ සිට වගාකරුවන්ට නිර්දේශ කර ඇත. මෙම ප්‍රභේදයේ වර්ධනය, මල් පිපීම සහ ගෙඩි අස්වැන්නේ තිබූ ඉහළ විභවය හේතුවෙන් මහා පරිමාණ සහ ගෙවතු වගා සඳහා නිර්දේශිත විය.
• පොල් පර්යේෂන ආයතනයට අයත් අඹකැලේ බීජ උද්‍යානයේ කෘතිම පරාගනය මඟින් දැනටමත් බීජ පොල් නිෂ්පාදනය ආරම්භ කර ඇත.
• මෙම ප්‍රභේදයහි, නියඟයට ඔරොත්තු දීමේ හැකියාව සහ මයිටාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇගයීම සඳහා වැඩිදුර අධ්‍යයනයන් මේවන විට සිදු වෙමින් පවතී.
මොරොක් උස
• මොරොක් වත්ත නමැති පොල් උයනේ පවතින පොල් ගස් වලින් ලබාගන්නා බීජ පොල් වලින් සාදා ගනී.
• මෙය විදේශීය පොල් වර්ගයක් නොවේ.
• මෙම වර්ගය ලංකාවේ තෙත් හා තෙත් අතරමැදි කලාපවල වගාකිරීම සඳහා උචිත වන අතර මෙය වියළි කලාපයන්ට නුසුදුසු ය.
• වසරක් තුළ හෙක්ටයාරයකට ගෙඩි 11000 ක පමණ ඵලදාවක් ලබාදෙයි.
• සිටුවීමෙන් පසු අවුරුදු 5-6 ත් අතර කාලයේදී මල් හටගැනීම ඇරඹේ.
• මෙම ප්‍රභේදයේ පොල් පැළ සුදු පැහති ස්ටිකරයෙන් සහතික කර ඇත.
• මෙය දෙමුහුම් වර්ගයක් නොවේ.
මීට අමතරව දැනට පර්යේෂණ මට්ටමේ පවතින වැඩි දියුණු කළ පොල් ප්‍රභේද වර්ග ගණනාවක් තිබේ.
ප්‍රතිචාරයක් සටහන් කරන්න