Slide thumbnail
Slide thumbnail
Slide thumbnail

අපගේ දැක්ම හා මෙහෙවර

දැක්ම

🟢 ශ්‍රී ලංකාවේ පරිභෝජන අවශ්‍යතාවයන් ඉටු කිරීම 

🟢 ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වන්නා වූ විදේශ විනිමය ලබා ගැනීම

🟢 ශ්‍රී ලංකාවට සීග්‍රයෙන් අවම වී යන්නා වූ පොල් පලදාව නැවත නගා සිටුවීම 

මෙහෙවර

🟢 සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සුදුසු ස්ථානයක අළුතෙන් එක් පොල් පැළයක් හෝ රෝපණය කිරීම සඳහා උනන්දු කරවීම සහ රෝපණය කිරීමට පොල් ගෙඩියක් මගින් පොල්පැළ ලබා ගැනීමේ ක්‍රම සම්බන්ධයෙන් දැනුවත් කිරීම 

🟢 පොල් පැළ රෝපණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ සහාය ලබා දීම 

🟢 අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු, පොල් නිෂ්පාදකයින් සහ ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයින් සම්බන්ධ කර ගෙන පොල් වගාව දිරිමත් කිරීම සඳහා සාර්ථක අඩිතාලමක් ඇති කරලීම 

  • ඔබ දැන සිටියාද?

    ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් පලදාව රටේ ප්‍රධාන අවශ්‍යතාවයන්ට පවා ප්‍රමාණවත් නොවන බව. මේ නිසා දේශීය වෙළෙඳ පොලේ පොල් මිල ඉහල යෑම පමණක් නොව පොල් නිෂ්පාදන අපනයනයට අවශ්‍ය පොල් ප්‍රමාණය සීමා වීම නිසා රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමට ඇති අවස්ථා සීමා වී ඇති බව.
  • ශ්‍රී ලංකා තේ පමණක් නොවේ

    ශ්‍රී ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන ලොව ඉහලම ගුණාත්මකභාවයෙන් යුත් අපනයන ලෙස සැලකේ.පොල්තෙල් සහ ඒ ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සහ බලගැන්වීම මගින් අති විශාල විදේශ විනිමය උපදවා ගැනීමේ ශක්‍යතාවක් අප රට වෙත ඇත.වේගවත් ආර්ථික පිම්මක් සඳහා වෙර දරණ මේ යුගයේ එය අතිශයින්ම වැදගත් වනු ඇත.
  • එක් සරල පියවරක් ප්‍රමාණවත්

    එක් පුද්ගලයෙක් එක් පොල් පැළයක් වගාකිරීමට උනන්දු කරමු. ඉදිරි වසර කීපය තුළ දේශීය ආර්ථීකයට සවියක් වීමේ පියවර අදම තබමු. පැන ගැගෙන ඕනෑම ගැටළුවක් සඳහා අප සමග එක්ව පිළිතුරු සොයමු. යහපත් අරමුණින් අත්වැල් බැඳ ගනිමින් මුළු රටක් සුපෝෂණය කිරිමේ ජාතික කර්තව්‍යයට අදම උර දෙමු.
  • මේ අපේ කප්රුකයි

    ශක්තිමත් පාරම්පරික අත්දැකීම් අපට පවසන්නේ පොල් ගස සමග සවිමත්ව බැඳුණු අපගේ ජීවන රටාව නැවතත් ඔප් නංවා ගත යුතු බවයි. එවක අපේ ගෙවත්තේ තිබුණු පොල් ගස් කිහිපය අපේ නිවසේ පරිභෝජනයට ප්‍රමාණවත් වූ අතර මෑත කාලීන අධ්‍යයනයන්ගෙන් තහවුරු කරන්නේ ද එක් පුද්ගලයෙකුගේ වාර්ෂික පරිභෝජනය සඳහා එක් පොල් ගසක පලදාව සෑහෙන බවයි. ඒ අනුව පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් අප විසින්ම වගා කර ගැනීම ඍජුවම ඔබේ පසුම්බියට සහනදායි වන අතර පවුලේ ආහාර සුරක්ෂිතතාවද තහවුරු කරයි. එපමණක්ද නොවේ; ඔබ විසින් රටට ඉතිරි කරන සෑම පොල් ගෙඩියක් මගින්ම අප රටට විදේශ විනිමය උපදවන ව්‍යායාමයේ සාඩම්බර කොටස්කාරයෙකු වීමට අවස්ථාව සැලසෙයි.

ඔබට කල හැක්කේ කුමක්ද?

අපගේ රට අද මුහුණපා ඇති ව්‍යසනකාරී අර්බුදයෙන් මුදවා ගැනීම සඳහා වගකිවයුතු පුරවැසියෙකු ලෙසින් ඔබට කල හැක්කේ කුමක්ද?

පළමු පියවර වන්නේ මනා අවබෝධයෙන් යුතුව ගැටළුව තේරුම් ගැනීමයි. පොල් මිල වැඩි වී ඇත්තේ සැපයුම අඩු වී ඇති නිසාවෙනි; සැපයුම අඩු වී ඇත්තේ නිෂ්පාදනය අඩු වී ඇති නිසාවෙනි; මෙය දාම ප්‍රතික්‍රියාවකි. පොල් වලින් ස්වයංපෝෂිත වීමට නම්, පොල් නිෂ්පාදනය වැඩි කිරීම අප විසින් කල යුතුය.

මෙහිදී ඔබට බලගතු ගාමක ශක්තියක කොටසක් වීමට හැකිය!

ඔබගේ වත්තේ, ගෙමිදුලේ එසේත් නැත්නම් ඉඩක් ඇති බිම් කොටසක අවම වශයෙන් එක් පොල් පැළයක් හෝ සිටුවීමට අදම අදිටන් කර ගන්න. ඔබට ඒ සඳහා ඉඩකඩ නොමැත්තේ නම්, එක පැළයක් හෝ ලබා ගෙන, ගසක් වැවීමට ඉඩකඩ ඇති ඔබේ මිතුරේකුට හෝ ඥාතියෙකු ට හෝ ඔබගේ සේවා ස්ථානයේ සහෘදයෙකු ට ත්‍යාගයක් ලෙසින් ප්‍රදානය කරන්න. පැළ කල ගස නඩත්තු කරන්න. good hands ක්‍රියාන්විතය විසින් ගස නඩත්තු කරන ආකාරය ගැනත් එහි වර්ධනය ගැනත් ඔබට උපදෙස් ලබා දෙනු ඇත. ඉතාමත් වැදගත් කරුණ වන්නේ හොඳ ආකල්පයක් ඇති කර ගැනීම සහ හොඳ කටයුත්තකට සහභාගි වීමයි. අපි අද පරිභෝජනය කරන්නේ අපගේ මුතුන් මිත්තන් විසින් රෝපණය කල පොල් ගස්වල පලදාවයි. ඔවුනට ණයකරුවෙකු නොවන්න!

අදම මතු පරම්පරාව උදෙසා පොල් පැළ රෝපණය කරන්න!

Slide

ශ්‍රී ලංකාවෙන් පොල් පාදක නිෂ්පාදනයන් වැඩිමනත්ම ගන්න ගැනුම් කරුවා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.2018 දී එම රටට එක අපනයන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 109.9කි. මෙය එම වර්ෂයේදී පොල් පාදක නිෂ්පානදයන් අපනයනය කිරීමෙන් ලද ආදායමෙන් 17.9% වෙයි.
ශ්‍රී ලාංකිකයන් ලංකාවේ පොල් පලදාවෙන් 70%ක් එනම් , දළ වශයෙන් පොල් ගෙඩි බිලියන 1.8 පරිභෝජනය කරයි.

Slide

රුසියාව,තුර්කිය,ඊජිප්තුව සහ ඉරානය යන රටවල් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන්නේ ඇමරිකානු මිලියන ඩොලර් 10ට අඩු ප්‍රමාණයකි.
පොල් පාදක කරගෙන කෙරුණු නිෂ්පාදන අපනයනය කිරීමෙන් 2020 අගෝස්තු මාසයේදි ශ්‍රී ලංකාව උපයා ගත් විදේශ විනිමය ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල් මිලියන 12029කි. 2019 මෙම කාල පරිච්ඡේදය හා සමග සැසඳීමේඳී මෙය ශ්‍රී ලංකා රුපියල් මිලියන 2626ක වැඩි වීමකි.

Slide

පොල් පාදක කරගෙන කෙරුණු නිෂ්පාදන අපනයනය කිරීමෙන් මෙතෙක් වාර්තාගත උපරිම අගය වන්නේ 2020 ජුලි මාසයේ දී උපයාගත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 13790 වෙයි.
පොල් පාදක කරගෙන කෙරුණු නිෂ්පාදන අපනයනය කිරීමෙන් මෙතෙක් වාර්තාගත උපරිම අගය වන්නේ 2020 ජුලි මාසයේ දී උපයාගත් ශ්‍රී ලංකා රුපියල් මිලියන 13790 වෙයි.

Slide

ශ්‍රී ලංකාවෙන් පොල් පාදක නිෂ්පාදනයන් වැඩිමනත්ම ගන්න ගැනුම් කරුවා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.2018 දී එම රටට එක අපනයන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 109. 9කි. මෙය එම වර්ෂයේදී පොල් පාදක නිෂ්පානදයන් අපනයනය කිරීමෙන් ලද ආදායමෙන් 17.9% වෙයි
ශ්‍රී ලංකාවෙන් පොල් පාදක නිෂ්පාදනයන් වැඩිමනත්ම ගන්න ගැනුම් කරුවා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි.2018 දී එම රටට එක අපනයන්ගේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 109. 9කි. මෙය එම වර්ෂයේදී පොල් පාදක නිෂ්පානදයන් අපනයනය කිරීමෙන් ලද ආදායමෙන් 17.9% වෙයි

Slide

ශ්‍රී ලාංකිකයන් ලංකාවේ පොල් පලදාවෙන් 70%ක් එනම් , දළ වශයෙන් පොල් ගෙඩි බිලියන 1.8 පරිභෝජනය කරයි.
රුසියාව,තුර්කිය,ඊජිප්තුව සහ ඉරානය යන රටවල් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන්නේ ඇමරිකානු මිලියන ඩොලර් 10ට අඩු ප්‍රමාණයකි.

Slide

පොල් වගාව තව දුරටත් වර්ධනය කිරීම මගින් අප රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට ඇති අවස්ථාවන් බෙහෙවින් පවතින බව ඉතාමත් පැහැදිලිය.
පොල් වගාව තව දුරටත් වර්ධනය කිරීම මගින් අප රටට අත්‍යවශ්‍ය විදේශ විනිමය ලබා ගැනීමට ඇති අවස්ථාවන් බෙහෙවින් පවතින බව ඉතාමත් පැහැදිලිය.

OUR IMPACT

 

පොල් ගසෙන් ලබාගත හැකි දහසකුත් ප්‍රයෝජන

පොල්ගස බහු වාර්ෂික ශාකයක් වන අතර එය උෂ්ණ හා තෙත් නිවර්තන කලාපීය දේශගුණයන්ට මනාව අනුවර්තනය වී ඇත.

"කොකෝස් නිවුසිෆේරා" යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පොල් ගස ශ්‍රී ලංකාවේ වසර අවුරුදු 2000ක ටත් ඉහත සිට පැවත එන්නකි.ක්‍රමානුකූලව සාම්ප්‍රදායික තාක්ෂණික ක්‍රම අනුගමනයෙන් වගාවක් ලෙස ලංකාව තුල පොල් වගාව ආරම්භ වී ඇත්තේ දහනම වන සිය වසේ දීය.

ඉහත සඳහන් කළ ආකාරයට "කොකෝස් නිවුසිෆේරා" යන විද්‍යාත්මක නමින් හඳුන්වන පොල් ගස "පාමේ" කුලයට අයත් වැදගත් ඒක බීජ පත්‍රික ශාකයක් හා "කොකෝස්" නැමැති ගණයට අයත් එකම වර්ගයයි.පොල් ගස සාමාන්‍ය ව්‍යවහාරයේදී කල්ප වෘක්ෂය ලෙස හැඳින්වෙන්නේ ඉන් ලබා ගත හැකි අති විශාල ප්‍රයෝජනයත් , නිශ්පාදන විවිධත්වය හා අතුරු ඵල වලින් වෙනත් නිෂ්පාදනත් ලබා ගත හැකි නිසාය.

si_LKSinhala