SOIL The Foundation for Coconut CultivationSOIL

පස පොල් වගාවේ ප්‍රධානතම සාධකය

පොල් වගාවක් ඇරඹීමට පෙර "පස (පාංශු පැතිකඩ)" පිළිබඳ වඩාත් හොඳින් සැලකිලිමත් විය යුතුය. එබැවින් පොල් සඳහා විශේෂ පාංශු යෝග්‍යතා වර්ගීකරණයක් වර්තමානයේදී හඳුන්වා දී ඇත. මේ පිළිබඳ මනා දැනුවත් වීමක් හරහා ඔබට පොල් ඉඩමක වටිනාකම තක්සේරුව, පොල් වගාවට ඇති යෝග්‍යතාව සහ විභව අස්වැන්න නිර්ණය සහ සිදු කළ යුතු ශෂ්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ නිසි අවබෝධයක් ලැබීමට වැදගත් වේ.

වඩාත්ම සුදුසුම පස් වර්ගය වන්නේ වැලි ලෝම සහිත ගැඹුරු පසයි.

මේවාහි

*මැටි පස් : 30-40%

*රොන් මඩ : 25-50%

*වැලි : 25-50%

*පී.එච් (pH) අගය : 5.5-7.5

නිසි කළමනාකරණ තත්ත්වයන් යටතේ වගා කිරීමෙන් බොරළු සහිත පසෙහි වුවද සාර්ථක ඵලදාවක් ගත හැක. වඩා හොඳ පාංශු තත්ත්වයක් නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් සහ ක්ෂුද්‍ර පෝෂක ඇතුළු අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථවල ප්‍රශස්ත සමතුලිතතාවයට දායක වේ. මෙම සමතුලිතතාවය ශාක වර්ධනයේ තීරණාත්මක අංගයන් වන තෙතමනය රඳවා තබා ගැනීම, මුල් වාතනය සහ සමස්ත පොල් ශාඛයේ වර්ධනයට පහසුකම් සලසමින් හිතකර ක්ෂුද්‍ර ජීවීන් සඳහා වාසස්ථාන නිර්මාණය කිරීම සඳහාද සහාය වේ.

පොල් ඉඩම් යෝග්‍යතා වර්ගීකරණය

පොල් ඉඩම් යෝග්‍යතා වර්ගීකරණයේදී පොල් වගාව සඳහා සුදුසු ලෙස සලකන කලාප තවදුරටත් යෝග්‍යතා පන්ති පහකට (S1, S2, S3, S4 & S5) සහ යෝග්‍ය නොවන කලාප තවදුරටත් අයෝග්‍ය පන්ති දෙකකට (N1 සහ N2) වෙන්කර ඇත. ආරෝහණ අංකනයේ පදනම වන්නේ පොල් ගසේ වැඩීම සහ ඵලදාව සීමා කරන පාරිසරික සාධකයන්හි තිව්‍රතාවයේ වැඩිවීම සහ වගාවෙන් ලැබෙන ප්‍රථිලාභයේ අඩුවීමය. මේ අනුව පොල් වගාවට වඩාත්ම යෝග්‍ය පාංශු කාණ්ඩය වන්නේ S1 පාංශු කාණ්ඩයයි.

සීමාකාරී සාධකවිභව පොල් අස්වැන්න (හෙක්/ වසර)අමතර
යෝග්‍යතා පන්ති
S1සැලකිය යුතු සීමාකාරී සාධක නොමැත15,000මෙම පන්තියේ පස පොල් වගාව සහ පොල් යටතේ අතුරු බෝග වගාව සඳහා ප්‍රශස්ත තත්ත්වයන් පෙන්නුම් කරයි. පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම, තෙතමනය, පාංශු ව්‍යුහය සහ පාංශු වාතනය යන සියල්ල හොඳ මට්ටමක පවතී.
S2පෝෂක හෝ තෙතමනය (සීමිත වශයෙන්)12,500-15,000පොල් වගාව සඳහා යෝග්‍ය වන අතර, මෙම පස පන්තියට පෝෂක ලබා ගැනීමේ හෝ තෙතමන ප්‍රමාණයේ සුළු සීමාවන් ඇති විය හැකිය. 
S3තෙතමනය (කෙටිකාලීනව)10,000-12,500මෙම පාංශු පන්තිය කෙටි කාලීන තෙතමනයකට මුහුණපෑමට හැක. ප්‍රමාණවත් ජල සම්පාදන ක්‍රම සහ තෙතමනය සංරක්ෂණය කිරීමේ පිළිවෙත් මගින් මෙම ගැටලුව විසඳා ගත හැකිය.
S4පාංශු වාතනය සහ ජලය රඳා පැවතීම5,000-10,000මෙම පාංශු පන්තිය දුර්වල පාංශු වාතනය, ජලය රඳවා ගැනීමේ හැකියාව හෝ පාංශු ඛාදනය වැනි සැලකිය යුතු සීමාකාරී සාධක පවතී. කෙසේ වෙතත්, නිසි වගා කළමනාකරණ පිළිවෙත් සමඟ, මෙම පස පොල් වගාව සඳහා සුදුසු විය හැකිය.
S5පෝෂක, තෙතමනය, සහ පාංශු වාතනය2,500-5,000මෙම පාංශු පන්තිය පෝෂක ඌනතාවයන්, ප්‍රමාණවත් පාංශු තෙතමනය නොමැතිවීම, දුර්වල පාංශු වාතනය සහ පාංශු ඛාදනය ඇතුළු බහුවිධ සීමාකාරී සාධකවලට මුහුණ දෙයි. නමුත් ප්‍රමාණවත් සහ සුපරීක්ෂාකාරී වගා පිළිවෙත් භාවිතයෙන් වගාව සුදුසු තත්ත්වයකට ගත හැක.
අයෝග්‍ය පන්ති
N1තෙතමනය සහ පෝෂක (දැඩි සීමාකාරී). වාතනය සහ ලවණතාවය.-පාංශු තෙතමනය, පාංශු පෝෂක පදාර්ථ, පාංශු වාතනය සහ බෑවුම් සහිත ප්‍රදේශයන්හි පවතින අධික ලවණතාව වැනි සීමාවන් හේතුවෙන් මෙම පාංශු පන්තිය පොල් වගාව සඳහා නුසුදුසු යැයි සැලකේ. 
N2අහිතකර පාංශු තත්ත්වය සහ පාරිසරික සාධක-මෙම පාංශු පන්තිය පොල් වගාව සඳහා තාක්ෂණික වශයෙන් සුදුසු නොවේ. විවිධ පාරිසරික සාධක සමඟ පස ආශ්‍රිත විවිධ ගැටලු හේතුවෙන් සාර්ථක පොල් වගාවකට නුසුදුසු වේ. 

The ascending notation is based on increasing severity of environmental factors limiting coconut tree growth and productivity and decreasing returns from cultivation. Thus, the most suitable soil group for coconut cultivation is S1 soil group.

S1 යෝග්‍යතා පන්තිය

මෙම පස සහිත ඉඩමක තෙතමනය සීමාකාරී සාධකයක් නොවේ. ආවරණ බෝග වගාව සමඟ පොහොර කවය වටා වසුන පවත්වාගෙන යාමත් සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වේ. වාර්ෂික ඵලදා විභවය ගසකට ගෙඩි 95-120 ක ප්‍රමාණයක් පවතී. ඵලදාව පවත්වා ගැනීමට නියමිත පරිදි පොහොර යෙදීම අවශ්‍යය.

S2 යෝග්‍යතා පන්තිය

මෙම කාණ්ඩයේ ඉඩමක, ගැඹුරු වැලි සහිත පාංශු වයනයකින් යුතු පසක් සහිත වේ. අසම්පූර්ණ ජල වහත තත්වයන් පවතින නිසා ශාකයේ ඌනතා ලක්ෂණ ඇති විය හැක. තවද තෙතමනය සංරක්ෂණය වැදගත්ය. ආවරණ බෝග වැවීම, කුමානුකූලව හා අඛණ්ඩව පොහොර යෙදීම සිදු කළ යුතුය. රසායනික පොහොර වලට අමතරව පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම වඩාත් යෝග්‍ය වේ. වාර්ෂික ඵලදා විභවය ගසකට ගෙඩි 80-95ක ප්‍රමාණයක් පවතී.

S3 යෝග්‍යතා පන්තිය

මෙම ඉඩම්, වියළි හා අතරමැදි දේශගුණික කාලාපයන්ට අයත් වේ. මධ්‍යස්ථ ගැඹුරු, ලෝම පසක් සහ අසම්පූර්ණ ජල වහනයක් සහිතය. වසරේ තුන්වන කාර්තුවේ දී වගාවන් තරමක ජල හිඟයකට භාජනය විය හැක. ආවරණ බෝග වැවීම, පොහොර කවය වසුන් කිරීමට අමතරව පොල් ලෙලි වල යෙදීම සිදු කළ යුතුය. ක්‍රමානුකූලව හා අඛණ්ඩ පොහොර යෙදීම මෙන්ම පසට කාබනික ද්‍රව්‍ය එකතු කළ යුතුය. වාර්ෂික ඵලදා විභවය ගසකට ගෙඩි 70 -80 ක ප්‍රමාණයක් පවතී.

S4 යෝග්‍යතා පන්තිය

මෙම ඉඩම්, තෙත් හා අතරමැදි කලාප ආශ්‍රිත මඳ බෑවුම් හෝ සාමාන්‍ය බෑවුම් සහිත කාලාපයන්ට අයත් වේ. පසෙහි වයනය ප්‍රධාන වශයෙන් වැලි මැටි සහිත ලෝම වන අතර, මතුපිට සිට අඩි 2 - 4 ගැඹුරකින් බොරළු හෝ කබොක් තට්ටු පිහිටා ඇත. මෝසම් වැසි අතර ඇතිවන කෙටි වියළි කාලාන්තරයන්හිදී ජල හිඟයන්ට හසුවේ. මේ සඳහා ද තෙතමනය සංරක්ෂණය කිරීමට, ආවරණ බෝග වැවීම, පොහොර කවය වසුන් කිරීමට අමතරව පොල් ලෙලි වලවල් යෙදීම ද සිදු කළ යුතුය. ක්‍රමානුකූලව හා අඛණ්ඩව පොහොර යෙදීම මෙන්ම පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම කළ යුතුය. වාර්ෂික ඵලදා විභවය ගසකට ගෙඩි 50 -70 ක ප්‍රමාණයක් පවතී.

S5 යෝග්‍යතා පන්තිය 

මෙම ඉඩම් ද බොහෝවිට S4 ඉඩම් පිහිටි ප්‍රදේශයෙන් ආශ්‍රයෙන්ම පවතී. මෙම ඉඩම්වල බොරළු හෝ කබොක් තට්ටුවක් මතුපිට සිට අඩි 1/2 - අඩි 2 අතර අඩු ගැඹුරකින් පිහිටා ඇත. එබැවිත් පොල් ගසේ මූල පද්ධතිය ඉතා සීමාකාරී වේ. එසේම තරමක් දුර්වල ජල වහනය සහිත මැටි අධික ඉඩම් හෝ වැලි සහිත දුර්වල ජල වහනයක් සහිත ඉඩම් ද මෙම කාණ්ඩයට අයත් වේ. එවැනි ඉඩම් වල පොල් වගාව සිදුකිරීමේ දී ආවරණ බෝග වැවීම, පොහොර කවය වසුන් කිරීම, පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම, පොල් ලෙලි වලවල් යෙදීම හා සමෝච්ඡ කාණු යෙදීම සිදු කළ හැක.

එසේම දුර්වල ජල වහනයක් සහිත ඉඩම් වලදී ඇළි වැටි ක්‍රමයට පැළ සිටුවීමද යෝග්‍ය වේ. මෙම පාංශු යෝග්‍යතා පන්තියට අයත් ඉඩම් වල ගසකින් ලබාගත හැකි ඵලදා විභවය ගසකට ගෙඩි 30 ක් පමණ වේ.

N1 පන්තිය

මෙම පස් කාණ්ඩය අයත් ඉඩම් ලාබදායී පොල් වගාවක් පවත්වාගෙන යාම අපහසු වේ. මෙවැනි ඉඩම්වල සාර්ථක පොල් වගාවක් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා ඉඩමේ මූලික ව්‍යුහය හා පිහිටීම වෙනස් කරගත යුතුය. ඒ සඳහා අධික මූලික පිරිවැයක් දැරිය යුතු වේ.

N2 පන්තිය

N2 පාංශු කාණ්ඩයට අයත් ඉඩම් සංවර්ධනය කර පොල් වගා කිරීම සඳහාත් සුදුසු තත්ත්වයකට පරිවර්තනය කර ගත නොහැක. ඒ අනුව වාණිජ වශයෙන් පොල් වගාවත් සිදුකරනු ලබන අවස්ථාවකදී එම වගාව සඳහා යොදාගැනීමට අපේක්ෂිත ඉඩම කිනම් යෝග්‍යතා පත්තියකට අයත් වේ දැයි ඉඩම් යෝග්‍යතා සිතියම් අධ්‍යයනය මඟින් හඳුනාගත හැකිය. එ

සේ හඳුනාගත් ඉඩම් ලාබදායී පොල් වගාවක් උදෙසා යොදාගත හැක. එසේම අදාළ ඉඩම්වල සීමාකාරී සාධක පවතින අවස්ථාවකදී එම සාධක කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය පිළියමිද යෙදීම සිදු කළ හැකිය.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.