Kapruka from School – 26th School Based Series of Program

පාසලෙන් කප්රුක - 26 වැනි පාසල් පාදක වැඩසටහන් මාලාව

ස්ථානය: කුබියන්ගහඇල කනිෂ්ඨ විද්‍යාලය, කෝන්ගහවෙල ග්‍රාම නිළධාරි කොට්ඨාශය, නාවුල

2024 මාර්තු මස අවසන් සතියේදී සිරිලක මධ්‍යම පළාතේ කෝන්ගහවෙල ගම්මානයේ පිහිටි, කුබියන්ගහඇල කනිෂ්ඨ විද්‍යාලය 26 වැනි පාසල් පාදක පරිසර වැඩසටහනට දොරටු විවර කරන ලදී. ගුඩ් හෑන්ඩ්ස් ක්‍රියාන්විතයේ නිළධාරීන් විසින් සංවිධානය කරන ලද සහ කැපවූ රාජ්‍ය නිළධාරිනියක වන ළමා ආරක්ෂක නිළධාරි චාමිකා මහත්මියගේ මැදිහත්වීම මගින් මෙහෙයවනු ලැබූ මෙම සහයෝගීතා ප්‍රයත්නය තිරසාර කෘෂිකාර්මික භාවිතයන් තුළින් ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගෙන සිදු කෙරිණ. 

හාදඩු ග්‍රාම නිළධාරි කොට්ඨාශයේ සහ හාදුව කනිෂ්ඨ විද්‍යාලයේ පෙර සිදු කරන ලද වැඩසටහන් මාලාව අති සාර්ථක වීමත් සමඟම, නාවුල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් “කප්රුක පාසලෙන්” වැඩසටහන වෙත ආරාධනයක් කරනු ලැබුවේ, ආර්ථික වශයෙන් අභියෝගයට ලක්වෙමින් පවතින කෝන්ගහවෙල ප්‍රදේශයේ මෙම වැඩසටහන දියත් කරන ලෙසයි. අබාන හන්දියේ නිස්කලංක වටපිටාවක් මධ්‍යයේ පිහිටා ඇති කුබියන්ගහඇල කනිෂ්ඨ විද්‍යාලය 1952 දී ආරම්භ කළ දා සිට අධ්‍යාපනික විශිෂ්ටත්වයේ රන්කෙතක් බඳු විය. 208 ක සිසු සිසුවියන් පිරිසක් සිටින මෙම පාසල කෘෂිකාර්මික හෝ තාක්ෂණික විෂයයන් සඳහා විශේෂඥ ගුරුවරුන් හිඟ ත්ත්වයක් පවතින බව විදුහල්පති තුමා දන්වා සිටින්නේය. 

6, 7, සහ 11 ශ්‍රේණිවල ගුරුවරුන් සහ සිසුන් 70-80 අතර ප්‍රමාණයක් මනා උනන්දුවකින් සහභාගී වීම නිසා වැඩසටහන උද්‍යෝගයෙන් දිග හැරුණි. ප්‍රධාන විධායක නිලධාරී සහ සහකාර ව්‍යාපෘති කළමනාකරු ඇතුළු සම්භාවනීය කථිකයන් කෘෂිකාර්මික අභියෝග සහ වගා ක්‍රමෝපායන් පිළිබඳව දේශන මාලාවක් පැවැත්වූ අතර, සහභාගිවන්නන් අතර තිරසාර භාවිතයන් සඳහා සිතිවිල්ලක් දැල්වීය හැකිවිය. දරු දැරියන් වෙත සැලසුම් කළ ප්‍රායෝගික සැසි මඟින් ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සඳහා සලස්වන ලද අතර වැඩසටහනට සහභාගී වූ කෘෂි විශේෂඥයින්ගේ සහ කැපවූ ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ, සිසුන් පොල් වලවල් සකස් කිරීමේ සිට නියමිත තවාන් වල පැළ පෝෂණය කිරීම දක්වා ක්‍රියාකාරකම්වල නිරත වන ලදී. 

අවසන් වශයෙන්, පාසලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, අප කණ්ඩායම 11 ශ්‍රේණියේ සිසුන්, කෘෂිකර්මය සම්බන්ධ ක්ෂේත්‍රවල උසස් අධ්‍යාපනය හැදෑරීමට පෙළඹවීම සඳහා සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. නවීන කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ දියුණු වීමට අවශ්‍ය දැනුම හා කුසලතාවන්ගෙන් සිසුන් සන්නද්ධ කිරීම, එමඟින් ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් ඉහළ නැංවීම මෙම මුලපිරීමේ අරමුණ විය. වැඩසටහනට සිසුන්, ගුරුවරුන් සහ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් 200 කට අධික සංඛ්‍යාවකගේ ක්‍රියාකාරී සහභාගීත්වය මෙදින දැකගත හැකි විය. තිරසාර කෘෂිකර්මාන්තය සඳහා වූ සාමූහික කැපවීම සංකේතවත් කරමින් පොල් පැල 100ක් සහ පොල් බීජ 100ක් බෙදාදීම මීට සමගාමීව සිදු කෙරිණි. සිසු සහභාගීත්වය සහ දායකත්වය ඇගයීම සඳහා සහතික පත්‍ර සහ පාසල් ලිපි ද්‍රව්‍ය ප්‍රදානය කරන ලද අතර සිසුන්ගේ දැනුමට අතිරේකව සහ අඛණ්ඩ ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා පොල් වගා කිරීමේ අත්පොත් බෙදා දෙන ලදී. 

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.