පරම්පරා ගණනාවක් පුරාවට, ශ්‍රී ලාංකීකයන්ගේ ජීවිත පෝෂණය කරමින් සහ සුවපත් කරමින් මෙන්ම ස්වයංපෝෂිත කරමින් අප හා මේ නිහතමානි කප්රුක බැදී සිටියි. මදක් සිතා බලන්න, ගෙවත්තේ ඇති ඔබේම කප්රුකෙන්, ඔබ සහ ඔබගේ පවුල තිරසාර ලෙස පෝෂණය වන අනාගතයක් ගැන. ඔබේ ගෙවත්තේ ඇති පොල් ගස් කිහිපයක්, ඔබගේ පවුලේ පොල් අවශ්‍යතා සපුරාලමින්, ඔබේ අතැති මුදල් ඉතිරි කර ඔබට ලැබිය යුතු පෝෂණය සහතික කරනවා නිසැකයි. මේ යහපත් අනාගතය රැදී ඇත්තේ ඔබගේ යහපත් දෑත්වලමය.
අපගේ සාම්ප්‍රදායික උරුමයන් සුරකින, ඔබේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කරන මෙන්ම අපේ ආර් ථිකය ඉදිරියට ගෙන යන තිරසාර හෙට දවසක් අප හදවතින්ම බලාපොරොත්තු වන්නෙමු.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් අස්වැන්න රටේ ප්‍රධාන අවශ්‍යතාවන් පවා සපුරාලන්නේ නැත. මේ නිසා දේශීය පොල් මිල ඉහළ ගොස් තිබේ. මෙලෙස පොල් සීමිත වීම හේතුවෙන් අපනයන කේන්ද්‍ර කරගත් පොල් ආශ්‍රිත නිෂ්පාදන අවම වී ඇති අතර වටිනා විදේශ විනිමය උපයා ගැනීමේ අවස්ථාද රටට අහිමි වී ඇත.
ශ්‍රී ලාංකාවේ නිෂ්පාදිත ලොව අනර් ඝතම නිෂ්පාදන අතරට අයත් වන බව. පොල්තෙල් සහ ඒ ආශ්‍රිත පොල් නිෂ්පාදන අපනයනය දියුණු කිරීම සහ ශක්තිමත් කිරීම තුළින් රටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගැනීමේ හැකියාව ඇත. එබැවින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ ඉහළ පිම්මකට සූදානම් වෙමින් සිටින මෙවන් මොහොතක මෙය අතිශයින්ම වැදගත්ය.
එක පුද්ගලයකුට එක පොල් ගසක් සාදාගන්න පහසුකම් සලසමු. තව වසර කිහිපයකින් ශක්තිමත් ජාතික ආර්ථිකයක් නිර් මාණය කිරීමේ කොටස්කරුවන් වීමට අපි අද පියවරක් ඉදිරියට තබමු. අපි එක්ව අභියෝගවලට මුහුණ දී, අතරමඟදී ඇති විය හැකි ඕනෑම දුෂ්කරතාවයකට විසඳුම් සොයමු. අද එක්වූ යහපත් දෑත්වල ඉතාමත් පහසු සාධනීය ක්‍රියාවක් හෙට දින මුළු මහත් ජාතියම වර්ධනය කරන්නෙහිය.
පොල් ගස හා බැඳුණු අපගේ අතීත ජීවන රටාව යළි ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය කරුණකි. පෙර කී පරිදිම ඔබේ ගෙවත්තේ ඇති ගස් කිහිපයකට ඔබේ පවුලේ පොල් අවශ්‍යතා සපුරාලිය හැකි අතර, එක් නිරෝගී ගසක් වාර්ෂිකව එක් පුද්ගලයෙකුට ප්‍රමාණවත් අස්වැන්නක් ලබා දෙයි. ඔබටම කියා පොල් පැළයක් සාදා ගැනීමෙන්, ඔබ අතැති මුදල් ඉතිරිය තහවුරු වීමට, ආහාර සුරක්ෂිතතාව සහතික වීමට සහ ශ්‍රී ලංකාව වෙත විදේශ විනිමය ජනනය ඉහල නංවාලීම සඳහා ද දායක වේ. ඔබත් අදම ජාතියේ ආර්ථිකයට සාඩම්බර දායකයෙකු වන්න.
ඔබ පොල් පැළයක් සිටුවා, රැක බලා ගතහොත්