Kapruka from School – 24th School Based Series of Program 

කප්රුක පාසලෙන් - 24 වැනි පාසල් පාදක වැඩසටහන් මාලාව 

ස්ථානය: රුවන්ගිරි ජාතික පාසල, බෝගමුල්ල, ගිරිඋල්ල

වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉගෙනීමට සුදුසුම ස්ථානයක් ලෙස බෝගමුල්ල සුන්දර ගම්මානයේ පිහිටි රුවන්ගිරි ජාතික පාසල කැපී පෙනේ. සිසුන් 500 කට අධික සංඛ්‍යාවක් ඉගෙනුම ලබන මෙම පාසල, නාරම්මල ප්‍රදේශයේ 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පන්හිඳක් ලෙස වැදගත් ස්ථානයකි. තවද මෙම පාසල අධ්‍යාපනික සාර්ථකත්වය කෙරෙහි පමණක් නොව ක්‍රීඩා සහ විෂයභාහිර ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට සිසුන් දිරිමත් කරන තෝතැන්නකි.

පාසලේ සේවය නියුතු, අනධ්‍යයන කාර්ය මණ්ඩලය නියෝජන කරන මංගල සහ විදුහලේ විදුහල්පති ප්‍රදීප් යන මහත්වරුන්ට ඉල්ලීමට අනුව 24 වැනි පාසල් පාදක වැඩසටහන් මාලාව රුවන්ගිරි ජාතික පාසලේදී ආරම්භ ක්‍රියාත්මක විය. ගිරිවුල්ල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය හා එක්ව සිදු කරන ලද මෙම වැඩසටහන සිසුන්ට සහ ප්‍රජාවට පරිසරය සහ තිරසාරත්වය යන්න පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කර ගෙන දියත් කෙරුණි.

වැඩසටහන ආරම්භ වූයේ ගොවීන් මුහුණ දෙන ගැටලු සහ ඒවා විසඳා ගත හැකි ක්‍රම පිළිබඳව සාකච්ඡා කරමින් සහ පොල් වගා කිරීම පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීමකිනි. තවද කෘෂිකර්ම මුල් කොට පැවැත්වූ තරගාවලිය සඳහා සිසුන් ඉතා උනන්දුවෙන් සහභාගි වූහ. මේ සඳහා සහභාගී වී ජයගත් සිසුන් වෙත පාසල් උපකරණ සහ සහතිකපත් ලබා දෙමින් කෘෂිකර්මය පිළිබඳ වැඩිදුර ඉගෙන ගැනීමට ඔවුන්ව දිරිමත් කිරීමක් මීට සමගාමීව කරන ලදී.

ව්‍යාපෘති කණ්ඩායමේ සහය ඇතිව සිසුන් කැටුව කප්රුක් සහ පොල් බීජ රෝපණය කිරීමේ වැඩසටහන එදින සැමටම විශේෂ විය. ඒ සිසුනගේ කැපවීම නිසාවෙනි. ඔවුන් අප කණ්ඩායමේ මඟපෙන්වීම යටතේ සහ ප්‍රායෝගිකත්වය අවබෝධ කර ගනිමින් පාසල් භූමිය තුළ රුක් රෝපණ ක්‍රියාකාරකම් වල නියැලින. මෙම ප්‍රායෝගික අත්දැකීම ඔවුන්ට ගොවිතැන ගැන පමණක් ඉගැන්වූවා පමණක් නොව පරිසරය රැකගැනීම කොතරම් වැදගත්ද යන්න වැඩිහිටි සියල්ලටම පෙන්වා දුන්නේය.

වැඩසටහනට සහභාගී වූ ගම්වාසීන්ට සහ ගුරුවරුන්ට ස්තුතිය පුද කිරීම සඳහා සහ රටේ තිරසාරත්වය වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගයමින්, පොල් පැළ බෙදාහැරීම සිදු කරන ලදී. ගුඩ් හෑන්ඩ්ස් කණ්ඩායමෙන් නිකුත් කරන්නාවූ “පොල් වගා කිරීම පිළිබඳ අත්පොත” ද පාසලේ පුස්තකාලය වෙත පිරිනැමුණි.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.