Homemade compost for coconut

පොල් සඳහා නිවසේදීම කොම්පෝස්ට් පොහොර

All parts of the coconut tree, known as Kapruka, are removed from the field and used by human beings for their daily consumption. However, with our knowledge, the nutrients around the coconut tree will be available again, resulting in reduced yields, stunted growth, and increased incidence of diseases and pests.

මේ අනුව ඉහළ පොල් අස්වැන්නක් සහ ඒකාකාරී පලදාවක් ලබා ගැනීම සඳහා පොල් ගසෙන් ඉවත්ව යන පෝෂක ද්‍රව්‍ය නැවත පසට ලබාදීම අනිවාර්‍යය කටයුත්තක් වේ. කාබනික හෝ රසායනික පොහොර මඟින් පොල් ගසට මෙම පෝෂක අවශ්‍යතාව සපුරාලිය හැක.

පොහොර ලෙස මූලිකවම කොම්පෝස්ට් පොහොර බාවිතා කිරීමෙන් මූලික වශයෙන්,

  • පාංශු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වන නිසා පසේ සාරවත් බව වැඩි වීම.
  • පසේ භෞතික ගුණා දියුණු වීම සහ සෝදා පාළුව අවම වීම.
  • සාර්ථක ලෙස ශාඛයේ වර්ධනය හා අස්වැන්න වැඩි වීම.
  • පරිසරයට හිතකර වීම සහ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රයෝජනවත් වීම
  • පොහොර සඳහා වැයවන වියදම් අවම වීම.
  • රෝග හා පළිබෝධ වලට එරෙහිව ශාඛයේ ප්‍රතිරෝධීතාවය වැඩි වීම.
  • පසට පෝෂක එකතු වීම සෙමින් සහ චක්‍රීයව සිදුවන නිසා දිගුකාලයක් පෝෂක පසෙහි පැවතීම සහ පසෙන් ශාක පෝෂක සමතුලිතව ගසට ලබාදීමේ හැකියාව ලැබේ.

පොල් ගසට කාබනික පොහොර ලෙස කොම්පෝස්ට් යෙදීමේ දී වසරකට ශාඛයකට අවශ්‍ය පෝෂක ප්‍රමාණය සැලකිය යුතුය. කාබනික පොහොර වල අඩු සාන්ද්‍රණයකින් ප්‍රධාන පෝෂක අඩංගු බැවින් යෙදිය යුතු ප්‍රමාණය තරමක් විශාලය.

මූලිකවම කොම්පෝස්ට් යනු වාණිජ වටිනාකමක් ඇති ප්‍රධාන කාබනික පොහොර වර්ගය වේ. කොම්පෝස්ට් නිෂ්පාදනයේ දී සිදු කරන්නේ, ශාක කොටස් හා සත්ව අපද්‍රව්‍ය පාලිත තත්ව යටතේදී ක්ශුද්‍ර ජීවීන් මගින් දිරා පත් කිරීමයි. කොම්පෝස්ට් පොහොර අපට වෙළෙඳ පොළෙන් මිලදී ගත හැකි නමුත් ඒවායේ ප්‍රමිතිය පිළිබඳව (N, P, K ප්‍රතිශත) නිවැරදිව සඳහන් කල නොහැකිය. මේ නිසා ඔබගේ ගෙවතතෙන් හා නිවසින් ඉවතලන දෑ, කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිතා කිරීම ඉතාම සුදුසුය.

කොකො-කොම්පෝස්ට්

කොම්පෝස්ට් පොහොර වල අඩංගු පෝෂක ප්‍රමාණයන් තීරණය වන්නේ සකස් කිරීමට භාවිතා කරන අමුද්‍රව්‍ය මතය. එබැවින් පොල් වගාවට භාවිතා කළ යුතු කොම්පෝස්ට් වල ප්‍රමාණය තීරණය කල හැකි වන්නේ ඒවායේ අන්තර්ගත පෝෂක විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.

මෙම ගැටවළු නිරාකරනය කර ගැනීමට පොල් වගාව සඳහා විශේෂිත “කොකො-කොම්පෝස්ට්”හඳුන්වා දී ඇත. මෙම කොකො-කොම්පෝස්ට් කි.ග්‍රෑ 30ක් සකස් කිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයන් පහත දැක්වේ.

මෙලෙස පසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය භාවිතය මඟින් මාස 2-3 ක කාලයකදී කොකො-කොම්පෝස්ට් නිපදවා ගත හැකිය. අමුද්‍රව්‍ය කුඩා කැබලිවලට කපා භාවිත කිරීම පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩි කරවීමට ඉවහල් වේ.

ගොඩ ක්‍රමය 

කොම්පෝස්ට් නිෂ්පාදනය කළ හැකි ක්‍රම කිහිපයක් ඇති අතර, කොකො කොම්පෝස්ට් සඳහා පහසුම ක්‍රමය ගොඩ ක්‍රමයයි. ඉක්මණින් දිරාපත් වීම, පෙරලීමට සහ මිෂ්‍ර කිරීමට පහසු වීම වැනි වාසි නිසා සාර්ථක ක්‍රමයක් ලෙස මේ සඳහා භාවිතා කළ හැක

පියවර

1. කොම්පෝස්ට් නිෂ්පාදනයේ දී පළමුවෙන්ම අමුද්‍රව්‍ය සපයා ගැනීමට සහ ජලය සපයා ගැනීමට පහසු තැනිතලා, තරමක් උස් කර සාදාගත් බිමක් තෝරා ගත යුතුය.

2. ඉන්පසුව පිදුරු හෝ පොල් අතු තට්ටුවක් බිම අතුරා ගොඩේ උපරිම පළල අඩි 5ක් පමණද, දිග සපයාගත් අමුද්‍රව්‍ය ප්‍රමාණයට සරිලන පරිදි සාදාගත යුතුයි.

3. දෙවැනි තට්ටුව ලෙස සත්ත්ව පොහොර යොදනු ලබයි. මේ සමඟ නිපදවාගත් (මුහුන්) කොම්පොස්ට් ග්‍රෑම් 200ක් පමණ ගොඩේ සෑම ස්ථානයකටම පෙතිරෙන ලෙස ඉසිය යුතුය.

4. දෙවන සත්ත්ව පොහොර තට්ටුවට පසුව මීළඟ තට්ටුව සඳහා ශාක කොටස් භාවිතා කළ යුතුයි. ගිලිරිසීඩීයා වැනි කොළ වර්ග යෙදීමේදී, මෝරපු දඬු කොටස් ගොඩෙහි කෙළවරට අඟල් දෙක තුනක් එලියට සිටින සේ පළමු පෙරළීමේ දී ඉවත් කිරීමට පහසු වන ලෙසින් ඇසිරිය යුතුයි.

5. මීළඟට රොක්පොස්පේට් ශාඛ තට්ටුවට ඉහළින් ඉසීම සිදු කල යුතුයි. කොම්පොස්ට්හී අඩංගු පොස්පරස් ප්‍රතිශතය වැඩි කිරීම සඳහා එප්පාවල රොක් පොස්පේට් භාවිතා කරයි.

6. මේ අයුරින් අමුද්‍රවය සුලබතාවය අනුව ගොඩෙහි උස පවත්වාගන්න. ශාක කොටස් තට්ටු දෙකකට, සත්ව පොහොර අතරමැදි වන අයුරින් කොම්පෝස්ට් ගොඩ නිර්මාණය කර ගත යුතුය. දිරාපත් වීමට අපහසු ද්‍රව්‍ය මතට මුහුන් කොම්පෝස්ට් යෙදීම අත්‍යවශ්‍ය වේ.

සැ.යු. - පසේ රඳා පවතින ජල ප්‍රමාණය, දැඩි නියඟය, වැනි හේතු නිසා ද මීට සමාන ලක්ෂණ ඇති විය හැකි ය.

*තෙතමනය පවතින කොටස් ඉක්මනින් දිරාපත් වීම සිදුවන බැවින්, ගොඩ සැකසීමේදී දිරාපත් වීමට පහසු ද්‍රව්‍ය හා අපහසු ද්‍රව්‍ය මාරුවෙන් මාරුවට තට්ටු ලෙස ඇසිරිය යුතුයි.

*කොම්පෝස්ට් ගොඩෙහි උස අඩි 4ක් පමණ උස් වූ පසු ගොඩ පිරවීම අවසාන කරන්න.

7.ජලය ක්ෂූද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය අත්‍යාවශ්‍ය වන බැවින් ජලය ප්‍රමාණවත් පරිදි ඉසීම (සාමාන්‍යයෙන් 2 ලීටර ) සිදුකළ යුතුයි.

8. සකස්කරගත් ගොඩට වාතාශ්‍රය ලැබෙන පරිදි කළු පොලිතීන් භාවිතා කර රූපයේ පරිදි වසා ගත යුතුයි. මෙහිදී පොලිතින් කවර යොදනුයේ උත්ස්වේදනය මගින් ජලය ඉවත්ව යෑම අවම කිරීමටයි. පොළොව මට්ටමේ සිට අඟල් හයක් වත් උසකින් ආවරණය පවත්වා ගැනීම අනිවාර්යය වන වාතාශ්‍රය අවම නම් ඒ සදහා පී.වී.සී බට මගින් කවුළු යෙදිම ද සිදු කළ හැකිය.

සැ.යු. - පසේ රඳා පවතින ජල ප්‍රමාණය, දැඩි නියඟය, වැනි හේතු නිසා ද මීට සමාන ලක්ෂණ ඇති විය හැකි ය.

*දින 6කට 7කට වරක් ඉටි රෙද්ද අයින් කර තෙතමනය පරීක්ෂා කළ යුතුයි. අතින් මිරිකා බැලූ විට වතුර බින්දු වෑහේනම් ජලය වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර වියළි හා සිසිල් ස්වභාවයක් ඇත්නම්, වහා ජලය එක් කල යුතුය.

*වියළි කලාපයේදී නම් තෙතමනය පරීක්ෂා කිරීම දින 2 කට වරක් වත් සිදු කළ යුතුයි.

9. ගොඩ සකස්කරගෙන මාසයකට හා මාස දෙකකට පසුව කොම්පෝස්ට් ගොඩ පෙරලීම හා මිෂ්‍ර කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

A. මාසයකට පසු - පළමු පෙරළීම

B. මාස දෙකකට පසු - දෙවන පෙරලීම

    *මෙහිදී මුහුම් කොම්පෝස්ට් ග්‍රෑම් 300ක් පමණ ගොඩට යොදා මිෂ්‍ර කර පෙරලීම සිදු කරයි.

සැ.යු. - පසේ රඳා පවතින ජල ප්‍රමාණය, දැඩි නියඟය, වැනි හේතු නිසා ද මීට සමාන ලක්ෂණ ඇති විය හැකි ය.

*නිවැරදිව සකසන ලද කොම්පෝස්ට් ගොඩක උෂ්ණත්වය පරීක්ෂා කිරීමේදී, දවස් 15ක් පමණ වන විට උෂ්ණත්වය ආසන්න වශයෙන් 400c පමණ සටහන් වනවා ඔබට අද්‍යනය කළ හැකිය.

10. මාස තුනක් වන විට ඔබට අවශ්‍ය කොම්පෝස්ට් භාවිතයට සුදුසු මට්ටමට සකස් වී ඇත. කලු දුබුරු පැහැ, දුඟඳක් නොමැති සහ කුඩක් හෝ කැබලි ආකරයට කොම්පෝස්ට් පොහොර ලබා ගත හැක.

*කොම්පෝස්ට් යෙදීමේදි,

  1. පොල් පැළ සඳහා වසරකට කොම්පෝස්ට් සමඟ අවශ්‍ය පොහොර ප්‍රමාණයන්.

2. ඵල දරණ පොල් ගස් සඳහා වසරකට අවශ්‍ය පොහොර ප්‍රමාණයන් පොහොර වර්ගය

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.