අප මේ ලොව එලිය දැකීමෙන් පසු ආහාර ගන්නා අවධියේ පටන් ජීවිත අවසාන වන තෙක්ම අපගේ ජීවිතය හා බැඳී ඇති ආහාරයක් ලෙස පොල් සඳහන් කළ හැක. පොල් ගෙඩියේ ප්‍රධාන කොටසක් ලෙස පොල් වතුර හඳුනාගැනීමට පුලුවන. පොල් ගෙඩිය බිඳීමේදී අපි විසිකර දමන පොල් වතුරේ ගුණ පිළිබඳ පොඩි හෝ වැටහීමක් තිබුනේ නම්, කිසිවෙකුත් ඉදිරියට එලෙස නොකරනු ඇත.

අපේ රටේ එලෙස සිදු වුණාට වෙනත් රටවල පිරිස් පොල් වතුර ටින් කර හෝ බෝතල් කර නිරෝගී දිවි පෙවෙතක් සඳහා පානය කරයි. මෙලෙස ඔබ ඉවත දමන්නේ අපගේ කප්රුකෙන් ලබාදෙන අගනා සම්පතක් බව මෙම ලිපිය කියවීම මගින් වැටහෙනු නොඅනුමානය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද අනුමත කර ඇති පොල් වතුර, සිරුරේ අභ්‍යන්තර හා බාහිරව ඇතිවන රෝග ගණනාවක් සමනය කිරීමේ ශක්තිය අන්තර්ගත පානයකි. පොල් මද සහ පොල් වතුරේ අඩංගු බොහෝ රෝග නාශක ගුණාංග මිනිසාට සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් ගත කිරීමට උපකාරී වෙයි. පොල් වතුර සෑදී ඇත්තේ ජලය 94% ක් සහ ලිපිඩ සුලු ප්‍රමාණයකිනි. එක් පොල් ගෙඩියක, සාමාන්‍යයෙන් පොල් වතුර මිලි ලීටර් 206 ක ප්‍රමාණයක් අඩංගුවේ. එක් පොල් ගෙඩියකින් ලබාගන්නා පොල් වතුරෙහි (මිලි ලීටර් 206) කැලරි 39 ක් අඩංගු වන අතර පහත සඳහන් පෝෂක සංඝටක ඇතුලත්ය.
.

පොල් වතුරේ වැදගත්කම් කිහිපයක් නම්:

• පොල් වතුරවල පොටෑසියම් බහුල බැවින්, දොඩම් වීදුරුවකටත්, එළකිරි වීදුරුවකටත්, වඩා පෝෂ්‍ය ගුණයක් ඇති අතර. දෙවැනි ලෝක යුද්ධ සමයෙහි මෙම ඖෂධීය දියරය සේලයින් ලෙස යොදා ගැන්මෙන් විශාල පිරිසක් සුවපත් කරගත් බවට වාර්තා ඇත.

• පොල්වතුරෙන් සේදීමෙන් පිළිස්සුම් සුව වීම, සමෙහි ඇති කුරුලෑ, ලප කැළැල් මැකීයාම, සමෙහි තෙත් බව හා කාන්තිමත් බව රැකීමට හැකියාවක් තිබෙනවා.

• පොල්වතුර ගල්වා හිස සම්බාහනය කිරීමෙන් හිසෙහි උකුණු බිබිලි තුවාල සුව වී, කෙස් වැටීම වැළකී, නිල්වන් කෙස් කළඹක් ලැබෙනු ඇත. මෙයට හේතුව වන්නේ පොල් වතුරේ දිලීර නාශක ගුණ ඇති “ලෝරික් අම්ලය” ස්වභාවික හිසකෙස් සේදුම් කාරකයක් සේ ක්‍රියාත්මක වන බැවිනි.

• හදවතට හිතකර මේද අම්ල ඇති පොල්වතුර හෘදයාබාධ හා අධි රුධිර පීඩනය පාලනය කර දී ඉතා වටිනා මෙහෙයක් ඉටුකරයි.

• සිරුරේ කොලෙස්ටරෝල් පාලනය කර රුධිර සංසරණ පද්ධතියට හිතකර තත්ත්වයක් ඇති කරයි. මෙයට උදාහරණයක් ලෙස, අධි රුධිර පීඩන රෝගීන් යොදා ගෙන කෙරුණු එක් අධ්‍යයනයකදී, හෙළිවුණේ පොල්වතුර පානයෙන් රෝගීන්ගේ අධි රුධිර පීඩන මට්ටම 71% කින් අඩු වූ බවයි.

• මෙහි අඩංගු “මොනොලෝරින්වල” ව්‍යාධිජනක බැක්ටීරියා වෛරස්, හර්පිස්, HINI දරුණු වෛරසය, විනාශ කිරීමේ ශක්තිය පවතී.

• පොල්වතුරෙහි ඇති සෝඩියම් පොටෑසියම්, මැග්නීසියම් බහුලතාවත් සමඟ, මද සරුභාවය දුරුකර ලිංගික සක්‍රීයත්වය ඇති කිරීමට එයට හැකියාවක් තිබේ

• පොල්වතුර පානය කිරීම ඇසට හිතකරය. එයින් ඇසේ සුද ඇතිවීම, ග්ලූකෝමා වැනි රෝග ඈත් කරමින් ඇස්පෙනීම ද වර්ධනය කරයි.

• මස්පිඩු ශක්තිමත් කර කෙණ්ඩ පෙරළීම් වැනි තත්ත්වයන් වළකයි.

• මානසික පීඩනය, විෂාදය, ගැස්ට්‍රයිටිස්, පිළිකා, උදරාබාධ, පණු රෝග වැනි විවිධ රෝග මැඬලන්නට ද පොල්වතුරවලට හැකියාවක් තිබේ.

• පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.

• පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.

ඉතින් ඔබත් තීරණයකට ආවද?

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.