Cultivating a Greener Future for Anuradhapura Central College

අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට - හරිත අනාගතයක්

2013 සැප්තැම්බර් මස 21 වන දින අනුරාධපුර මධ්‍ය විද්‍යාලීය භූමියේදී සිදුකරනු ලැබූ "CENTEC 2023" සිසු ප්‍රදර්ශනය අතරතුරදී Good hands ක්‍රියාන්විතය පාසල වෙත නවමු අත්දැකීමක් ඇතිකරලීමට දායක වන ලදී. Good hands කණ්ඩායම විසින් ආරම්භ කරන ලද මෙම නව්‍ය ව්‍යාපෘතිය පාරිසරික දැනුවත්භාවය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ප්‍රමුඛපෙලේ අධ්‍යාපන ආයතනයක් වන අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, පොල් වගාවේ වටිනාකම පිළිබඳ සිසුන්ට මෙන්ම ගුරුවරුන්ටද එක සේ උනන්දුව ඇති කරලීම සඳහා කදිම පසුබිමක් විය.

කප්රුක පාසලෙන්

මෙම වැඩසටහන, පොල් වගාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ක්‍රමානුකූල ගොවිතැන පිළිබඳ දැනුමෙන් තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා උත්සාහ කරන්නා වූ ක්‍රියාදාමයකි. තවද මෙම මුලපිරීම කෘෂිකාර්මික අභියෝගවලට විසඳුම් සෙවීම, විභව විසඳුම් ඉදිරිපත් කිරීම සහ තිරසාර ගොවිතැන් පිළිවෙත් සඳහා ක්‍රියාත්මක කිරීමේ උපාය මාර්ග ලබා දීමට නිරතුරුවම උත්සාහ කරයි. හුදෙක් පොල් පැළ බෙදාදීම වෙනුවට, වැඩසටහනේ මූලික අරමුණ වූයේ පොල් වගාව සහ ඒ පිළිබඳ උනන්දුව සිසුන්ගේ සිත් තුළ තැන්පත් කිරීමයි.

CENTEC 2023 ප්‍රදර්ශනය සහ දැනුවත් කිරීමේ සැසිය

වැඩසටහන් මාලාවේ ඇරඹුම සිසු ප්‍රදර්ශනය ආරම්භයත් සමඟම ක්‍රියාත්මක විය. ව්‍යාපෘති ප්‍රධාන විධායක නිලධාරී, ව්‍යාපෘති කළමණාකරු සහ පාසලේ කෘෂිකර්ම අධ්‍යයන ප්‍රධානී ඇතුළු කථිකයන් පිරිසක් කෘෂිකාර්මික ගැටලු සහ ඒවාට මුහුණ දෙන ආකාරය පිළිබඳව සහභාගි වූවන් අමතන ලදී. ශ්‍රී ලංකාවේ පොල් වගාවේ ඇති වැදගත්කම පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණි. වැඩසටහනේ අංගයක් වූ තරගකාරී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සියළු සිසුන්ගේ සිත්ගත් අංගයක් වූ අතර සහභාගී වූ බොහෝ දෙනාහට ඒ මගින් කෘෂි විද්‍යාව පිළිබඳ ඉගැන්වීම පහසුවක් වන ලද ආකාරය නිරීක්ෂණය විය. තවද උද්යෝගීමත්ව සහභාගි වූ සහ ජයග්‍රහණය කළ සියළු දෙනා හට පාසල් උපකරණ බෙදා හැරීමක් ද සිදු කරන ලදී.

Hands-On Learning

වැඩසටහනට Good hands සාමාජිකයන් සහ පාසලේ ගුරුවරුන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස පාසලේ සිසු සිසුවියන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල නියැලෙන ආකාරයෙන් පැහැදිලි විය. මෙම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිසුන්ගේ ප්‍රායෝගික දැනුම වර්ධනය කිරීම සහ පාසලේ නේවාසිකාගාර සඳහා උපකාරයක් සිදු කිරීමද අරමුණු විය. මෙහිදී විශේෂයෙන්ම සිසුන්ගේ සුරතින්ම අපගේ අධීක්ෂණය යටතේ, තවාන්කරණය සඳහා සුදුසු පොල් බීජ 150කට අධික ප්‍රමාණයක් ස්ථාපනය කරන ලදී. 

තවද පොල් පැළ 50 ක පමණ ප්‍රමාණයක් පාසල් පරිශ්‍රයේ සිටුවීමට කටයුතු කරන ලදී. මෙහිදී පාසලෙන් කළ ඉල්ලීමකට අනුව පොල් සඳහා නිර්දේශිත ආරම්භක පොහොර ලබාදීමක් මෙන්ම පොහොර යොදන්නා වූ ආකාර පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී. සිසුන්ගේ දැනුම තවදුරටත් වර්ධනය කිරීම සහ පාසලට වටිනා සම්පතක් ලෙස "පොල් වගා කිරීමේ අත්පොත" විද්‍යාලයේ පුස්තකාලය සඳහා උප විදුහල්පතිතුමා වෙත පිළිගන්වා සහභාගී වූ සියලුම දෙනා වෙත බෙදා දෙන ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.