“Promoting Coconut Cultivation for Sustainable Development” Avissawella National School at Seethawaka

“තිරසාර සංවර්ධනයක් උදෙසා පොල් වගාව ප්‍රවර්ධනය” සීතාවක මධ්‍ය මහා විද්‍යාලය සමඟ පැවති වැඩසටහන් මාලාව

පුංචි සිත් තුළ පාරිසරික වගකීම පිළිබඳ හැඟීම ඇති කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස සීතාවක අවිස්සාවේල්ල ජාතික පාසල Good Hands Initiative සමඟ එක්ව අර්ථවත් වැඩසටහන් මාලාවක් ආරම්භ කළේය. පොල් වගාව කේන්ද්‍ර කරගනිමින් පාසල් පාදක පරිසර වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

අවිස්සාවේල්ල ප්‍රදේශවාසී තුෂාර සේනාරත්න මහතාගේ ආරාධනයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට මූලික අඩිතාලමක් විය. මේ අනුව ව්‍යාපෘති නිළධාරීන් එම සම්බන්ධතාව, සීතාවක මධ්‍ය මහා විද්‍යාලයේ සිට අවිස්සාවේල්ල කලාප අධ්‍යාපන කාර්යාලය දක්වා පරිවර්තනීය සහයෝගීතාවයකට අඩිතාලම සකස්කරන ලදී. 2023 ජූනි මාසයේ සිට Good Hands ව්‍යාපෘති නිළධාරීන්, නියෝජ්‍ය විදුහල්පති ක්‍රිෂාන්ත මහතාගේ සම්බන්ධීකරණයෙන් පාසලට ගැළපෙන පරිදි පාසල් පාදක වගා වැඩසටහනක් ලෙස දියත් කිරීමට කටයුතු සූදානම් කිරීම අරඹන ලදී.

සීතාවක මධ්‍ය මහා විද්‍යාලය, අවිස්සාවේල්ල ජාතික පාසල ලෙසද හැඳින්වේ, එය මනරම් සීතාවක කලාපයේ ප්‍රාථමික සිට උසස් මට්ටම දක්වා සිසුන්ට අධ්‍යාපනය නිසිලෙස ලබාදෙන්නා වූ තෝතැන්නකි. 2023 සැප්තැම්බර් 6 වන දින Good Hands කණ්ඩායම පාසල් පරිශ්‍රය තුළ තම ව්‍යාපෘති ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී. පාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ 6 ශ්‍රේණියේ සියලුම සිසුන්ගේ උද්යෝගිමත් සහභාගීත්වය සහ ප්‍රතිචාර අතිමහත් විය. පළමුව පොල් වගාව කෙරෙහි අවධානය යොමු කරමින් වත්මන් කෘෂිකාර්මික අභියෝග, විභව විසඳුම් සහ උපාය මාර්ග පිළිබඳව සිදු කරන ලද ආරාධිත කථිකයන්ගේ ආමන්ත්‍රණය සමඟ ව්‍යාපෘතිය ආරම්භ විය. ඵලදායි පළිබෝධ සහ රෝග කළමනාකරණය ඇතුළු පොල් වගාවේ ආරම්භය සහ නිසි කළමනාකරණ පිළිවෙත් පිළිබඳව තීක්ෂණ දේශනයක්, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පවත්වමින් Good Hands වැඩසටහන් පාසල පුරා පැතිරයන්නට විය.

නියෝජ්‍ය විදුහල්පතිතුමා ඇතුළු කැපවීමෙන් කටයුතු කළ ගුරුභවතුන්ගේ මඟපෙන්වීම යටතේ, මීළඟ අංගය වූ පොල් පැළ රෝපණය සහ ප්‍රායෝගිකත්වය යන සැසියට සහභාගි වූ සිසු සිසුවියන්ගේ සක්‍රීය දායකත්වය එදින විශේෂත්වය විය. මෙම ඉගෙනුම් අත්දැකීම ශක්තිමත් කිරීම සඳහා, පොල් බීජ භාවිතයෙන්, බීජ තවානක් දරුවන්ගේ සියතින්ම අප කණ්ඩායමේ මඟ පෙන්වීම ඔස්සේ ස්ථාපිත කරන ලදී. දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස පාසල් පුස්තකාලය සඳහා " Good Hands පොල් වගා අත්පොත" විදුහල්පතිතුමා වෙත පිළිගන්වා, සහභාගි වූ සැමට බෙදා දෙන ලදී. වැඩසටහන සඳහා ඔවුන්ගේ නොසැලෙන දායකත්වය සහ උනන්දුව සඳහා කෘතඥතාව පළ කිරීම සඳහා, සහභාගී වූ දෙමාපියන්ට පොල් පැළ, තිරසාර සංවර්ධනය සඳහා වූ ඔවුන්ගේ කැපවීම පිළිබඳ අගයකිරීමක් ලෙස ලබා දෙන ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.