ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය බ්‍රොන්ටිස්පා(Brontispa longissima) ලෙස හඳුන්වනකෘමි පළිබෝධකයෙකුගේ නව තර්ජනය කට මුහුණ දී සිටී. මෙම ආක්‍රමණශීලී කෘමි පළිබෝධකයා දකුණු පළාතේ, විශේෂයෙන්ම ගාල්ල, දොඩන්දූව, මාතර සහ කඹුරුපිටිය වැනි ප්‍රදේශවල පොල් වගාවන්ට සැලකිය යුතු හානියක් සිදු කරන බව මෑතක සිට නිරීක්ෂණය වී ඇත. බ්‍රොන්ටිස්පා කෘමියා, සාමාන්‍යයෙන් “Coconut Hispine Beetle” ලෙස හඳුන්වනු ලබන අතර, විශේෂයෙන්ම පොල් පැළ සඳහා විනාශකාරී බලපෑම් ඇති කරන්නා වූ "ප්ලැසිස්පා" (Plesispa reichei) නම් කෘමියා සමඟ කැපී පෙනෙන සමානකම් පවතී.

බ්‍රොන්ටිස්පා කෘමියාගේ ජීවන චක්‍රය අවධීන් හතරකින් සමන්විත වේ. ඒවා නම් බිත්තර, කීටයන්, පිළවා සහ වැඩිහිටි අවධීන් ය. බිත්තර අවධිය දුඹුරු හැඩැති බිත්තර වලින් සංලක්ෂිත වන අතර දිග මි.ලි.මීටර් 1.5 ක් සහ පළල මි.ලි.මීටර් 1 ක් පමණ වේ. මෙම අදියර ආසන්න වශයෙන් දින 3 සිට 7 දක්වා පවතී. පැටවුන් බිහි වූ පසු පිටතට පැමිණෙන කීට අවධිය, සුදු පැහැති වන අතර විවෘත නොවූ පොල් පත්‍ර තුළ රැඳී සිටියි. දින 4 සිට 6 දක්වා පවතින පිළවා අවධිය, කීට අවධිය පසුව ඇති වේ.මෙම කාල සීමාව තුළ පවතින පිළවා අවධිය, ලා කහ-දුඹුරු පැහැයක් ගන්නා අතර විවෘත නොවූ පොල් පත්‍ර වලින් පෝෂණය දිගින් දිගටම ලබා ගනී. බ්‍රොන්ටිස්පා කුරුමිණියාවැඩිහිටි අවධියට එළැඹෙන විට දිග මි.ලි.මීටර් 8 සිට 10 දක්වා සහ පළලින් මි.මී.2 දක්වා වර්ධනය වේ. මෙම අවධිය රතු-දුඹුරු සිරුරකින් සහ ලා දුඹුරු හිසකින් සමන්විතය. මෙම අවධිය ආසන්න වශයෙන් මාස 2 සිට 3 දක්වා පවතින අතර, පෙර පරිදිම පොල් ශාකයට හානි සිදු කරයි.
වැඩිහිටියන් සහ කීටයන් ආලෝකයෙන් වැළකී සිටීමට ප්‍රිය කරන අතර, ඒ සමඟම, වැඩිහිටියන් රාත්‍රි කාලයේදී පියාසර කර විවෘත නොවූ පොල් පත්‍රිකා අනුභව කරති.

බ්‍රොන්ටිස්පා කෘමි හානිය පවතින බවට සාක්ෂි වන්නේ ගොබයේ විවෘත නොවූ පත්‍රිකාවල මධ්‍ය ඉරටුවට සමාන්තරව, දිරා ගිය රතු - දුඹුරු පැහැ තීරු දිස්වීමය. මෙම පත්‍ර දිගහැරෙන විට, මුලින් දිරාපත් වී තිබෙන්නා සේ නිරීක්ෂණ වූ, පිළිස්සුණු පොල් කොළයකට සමාන අළු-දුඹුරු පැහැයකට හැරේ. මෙම හානිය ශාකයේ වයස අනුව සීමා නොවේ, එනම් කුඩා වයසේ සහ වැඩිහිටි පොල් ශාක දෙවර්ගයටම බලපායි. බ්‍රොන්ටිස්පා උවදුරේ ප්‍රතිවිපාක අතරට පැළ වර්ධනය අඩාල වීම සහ අස්වැන්න සැලකිය යුතු ලෙස අඩුවීම වැනි ආර්ථික වශයෙන් පාඩු ගොවීන්ට අත් විය හැක.
බ්‍රොන්ටිස්පා කුරුමිණි උවදුර මැඩලීමේ ප්‍රයත්නයන්ට ස්වභාවික සහ රසායනික ද්‍රව්‍ය යන උපාය මාර්ග රැසක් ඇතුළත් වේ. පළිබෝධ හානිවල ලක්ෂණයන් පෙන්නුම් කරන ශාක හඳුනාගෙන ඒවාට ප්‍රතිකාර කිරීම තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා ඉතා වැදගත් වේ.සමහර රටවල් කෘමි බිත්තර,කීට සහ වැඩිහිටි ඇතුළු පළිබෝධකයාගේ විවිධ ජීවන අවස්ථා ඉලක්ක කර ගැනීම සඳහා ස්වභාවික සතුරන් ඵලදායී ලෙස යොදවා ඇත. මෙම ස්වභාවික විලෝපිකයන් අතර, බ්‍රොන්ටිස්පා කුරුමිණි කීටයන්ගෙන් පරපෝෂණය වන “ඉයර් වින්ග්” (Chelisoches morio) කෘමියා මෙන්ම, මෙටාරයිසම් (Metarhizium anisopliae) සහ බියුවෙරියා (Beauveria bassiana) වැනි අන්තඃ පරපෝෂී දිලීර, සහ බියුවරියා බසිආනා සාර්ථකව පාලනය කිරීමට සමත් වී ඇත.

රසායනික පාලනය
රසායනික පාලනය සඳහා පොල් පර්යේෂණ ආයතනය නිර්දේශ කර ඇත්තේ මොනොක්‍රොටපස් නම් විශේෂිත කෘමිනාශකය කඳට එන්නත් කිරීමයි. කෙසේ වෙතත්, සුදුසුකම් ලත් නිළධාරී මහතෙකුගේ මගපෙන්වීම යටතේ පරීක්ෂාවකින් අනතුරුව ප්‍රතිකාර කිරීම අනපේක්ෂිත ප්‍රතිවිපාක අවම කිරීම සඳහා වඩාත් යෝග්‍ය වේ.

අපගේ මුහුණුපොත goodhandslk හා රැඳී සිටීමෙන්,
බ්‍රොන්ටිස්පා කෘමි හානිය සහ එහි බලපෑම ගැන නවතම තොරතුරු පිළිබඳ යාවත්කාලීන විය හැක.