From Seed to Success

බීජයේ සිට සාර්ථකත්වය දක්වා

කබගමුව ගම්මානය Good Hands තුළින් බලගැන්වීම

කෑගල්ල දිස්ත්‍රික්කය පුරා පුළුල් පළපුරුද්දක් ඇති විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වන හේමකුමාර මහතා මෙම වැඩසටහන වෙත මූලික ආරාධනාව යොමු කළේය. good hands ව්‍යාපෘති නිලධාරීන්ගේ විසින්, මෙම මුලපිරීම ප්‍රජාවට ධනාත්මක බලපෑමක් ඇති කරමින් මනාව සංවිධානය වූ වැඩසටහනක් දක්වා වර්ධනය විය. තුම්මුදුන වාළුකාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී නන්දන දහම් පාසල් පරිශ්‍රය තුළ මෙම උත්සවය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබුණි. 250 සිට 300 දක්වා වූ සැලකිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවකට දහම් දැනුම ලබා දීමට මෙම අධ්‍යාපන ආයතනය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


බුලත්කොහුපිටිය සහ කෑගල්ල නගර අතර පිහිටි කබගමුව දුෂ්කර ගම්මානයේ සිදුකළ good hands වැඩසටහනේ සමාරම්භක පරිච්ඡේදයට සත්කාරකත්වය ගම්වාසීන් සපයන ලදී. විශ්‍රාමික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වන හේමකුමාර සහ එන්.ඒ.එස්. බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු කලංගම රාජසිංහ මහා විද්‍යාලයේ විදුහල්පතිනි, ටී.ඒ.ආර්. මැණිකේ; සහ එක්ව සිටි අසල්වැසි පාසල්වල ගුරුවරුන් මෙන්ම දහම් පාසලේ සිසුන් සහ කබගමුව ග්‍රාම සේවා වසමේ ගම්වාසීන් වැඩසටහනේ සාර්ථකත්වයට දායක වූහ.


මෙම වැඩසටහනට, දැනුවත් කිරීමේ, දැනුම බෙදාහැරීමේ සහ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් මූලිකව ඇතුළත් විය. දැනුවත් කිරීමේ සැසියෙන් පසුව, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනට සහභාගී වූවන් සඳහා ත්‍යාගයක් පිරිනැමීමක් සිදු කෙරිණ. අනතුරුව සාර්ථක පොල් වගාවට අදාළ ප්‍රායෝගික තාක්ෂණික ක්‍රම සහ සාර්ථකව වගා පිළිවෙත්, ගුරුවරුන්ගේ මගපෙන්වීම යටතේ සිසුන් වෙත ලබා දෙන ලදී. තිරසාර බව සංකේතවත් කරමින්, විහාරස්ථානයට සහ දහම් පාසලට බීජ හා පැළ good hands කණ්ඩායම විසින් නොමසුරුව පරිත්‍යාග කරන ලදී.


එපමණක් නොව, වැඩසටහන ආරම්භයේ සිට අවසානය දක්වා රැඳී එය සාර්ථක කිරීමට සක්‍රීයව ඇප කැප වූ සියලු දෙමාපියන් සහ ගුරුවරුන් වෙත ප්‍රණාමයක් ලෙසට වෙත පොල් පැළ ලබා දීමක් සිදු කෙරිණ. තවද, අඛණ්ඩ "දැනුම බෙදා හැරීම" සහතික කිරීම සඳහා දහම් පාසල් පුස්තකාලයට පොල් වගා මාර්ගෝපදේශ අන්තර්ගත good hands අත් පොත් පරිත්‍යාග කරන ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.