“Promoting Coconut Cultivation for Sustainable Development” Series of Projects with District Secretariat Office & Ovilikanda Maha Vidyalaya in Matale

“තිරසාර සංවර්ධනයක් උදෙසා පොල් වගාව ප්‍රවර්ධනය” මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ඕවිලිකන්ද මහා විද්‍යාලය සමඟ පැවති වැඩසටහන් මාලාව

Good hands පාසල් ආශ්‍රිත ව්‍යාපෘතියේ 10 වැනි අදියර දියත් කිරීම සඳහා පෙර සිටම ක්‍රියාන්විතය සමඟ කටයුතු කළ මාතලේ ළමා ආරක්ෂක නිළධාරී බුද්ධික කල්ප මහතා සහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද විජයකුමාර මහතා අගය කළ යුතු ක්‍රියාදාම රැසක් සිදු කළ නිළධාරීන්ය. මේ අයුරින් පාසල ආශ්‍රිත වැඩසටහන සඳහා උකුවෙල කොට්ඨාශ අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි ඕවිලිකන්ද මහා විද්‍යාලය තෝරාගනු ලැබිණි. 

මීට අමතරව දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මියගේ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් නිශාන්ත කරුණාතිලක මහත්මාගේ ඉල්ලීම පරිදි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් නිළ නිවාස ආශ්‍රිතව වැඩසටහනක්ද සංවිධානය කරන ලදී.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය

කාර්යාලීය නිළධාරීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්, දිස්ත්‍රික් ලේකම් සහ නියෝජ්‍ය දිස්ත්‍රික් ලේකම් සමඟ සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව එම පරිශ්‍රයට අයත් නිළ නිවාස මූලික කොට පොල් වගාව පිළිබඳ වැඩසටහනක් දියත් කිරීමට අප විසින් කටයුතු පිළියෙළ කරන ලදී. මෙම වැඩසටහනට දිස්ත්‍රික් ලේකම්, පරිපාලන නිලධාරීන් සහ කාර්යාලයේ සේවය කරන අනෙකුත් නිළධාරීන්ගේ උද්යෝගිමත් සහභාගීත්වය දක්නට ලැබිණ. 

පොල් වගාව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනකින් අනතුරුව, කාර්යාල පරිශ්‍රය ආසන්නයේ පිහිටි නිළ නිවාස කිහිපයක පොල් පැළ සිටුවීමේ සහ බීජ තවාන් සැකසීමේ කර්තව්‍යයන්ගෙන් බාහිර ක්‍රියාකාරකම් ඇරැඹිණ. මේ අනුව Good hands කණ්ඩායම විසින් වගා පිළිවෙත් ඇතුළත් "good hands අත්පොතේ" පිටපත් මෙන්ම පොල් බීජ, පොල් පැළ නොමිලේ නිළධාරීන් වෙත බෙදා දෙන ලදී. ඒ අනුව මාතලේ ප්‍රදේශයේ පිහිටි නිළ නිවාසවල එම පොල් පැළ සිටුවීමේ කරයුත්ත වෙනුවෙන් මූලිකත්වය අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා සහ ආයතනික පරිපාලන නිලධාරිවරයා ගන්නා ලදී.

ඕවිලිකන්ද මහා විද්‍යාලය

කටුඅත්තමඩ ග්‍රාම නිළධාරී කොට්ඨාශයේ දුෂ්කර කඳුකර ප්‍රදේශයක පිහිටි ඕවිලිකන්ද මහා විද්‍යාලයට හිමිදිරියේම පැමිණීමෙන් "good hands" වැඩසටහන් මාලාවේ ආරම්භ සනිටුහන් වන ලදී. ඉහත පාසල තුළ අධ්‍යාපනික කුසලතා අතින් සඳහා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇති, දුෂ්කර මුත් දක්ෂ සිසුන්ගෙන් පිරි තෝතැන්නක් විය. මෙම වැඩසටහන සඳහා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ, දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී, විදුහල්පති සමන් දසනායක මහතා, ගුරුවරුන්, දෙමාපියන් සහ 7, 8 සහ 9 ශ්‍රේණිවල සිසුන්ගේ උද්යෝගිමත් සහභාගීත්වයක් දක්නට ලැබිණි.

මෙදින පැවැත්වූ පළමු වැඩසටහනේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව තුළ පොල් වගාව ප්‍රවර්ධනය කිරීමයි. සිසුන්ගේ උනන්දුව ග්‍රහණය කර ගත් ආකර්ශනීය ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පැවැත්වීමට Good Hands කණ්ඩායමට හැකිවූ අතර, මේ වෙත සහභාගී වූ සිසුන් හට, අත්‍යාවශ්‍ය පාසල් උපකරණ ප්‍රදානය කිරිමක් ද අප කණ්ඩායම විසින් සිදු කරන ලදී. පාසල් දරුවන්ගේ පාරිසරික අධ්‍යාපනයේ කොටසක් ලෙස සෑම දරුවෙකුටම තවාන් කිරීම සඳහා පොල් බීජයක් ලබාදෙන ලදී. මීට සමගාමීව "එක් සිසුවෙකුට පොල් ගසක්" යන තේමාව යටතේ "කප්රුක් රෝපණ වැඩසටහනක්" ගුරුවරුන් සහ ගම්වාසී දෙමාපියන්ගේ සහයෝගය මධ්‍යයේ පාසල් පරිශ්‍රයේ සාර්ථකව ක්‍රියාත්මක විය. මෙම ප්‍රායෝගික සැසියේ අරමුණ වූයේ ප්‍රායෝගික ඉගෙනුමින්, අත්දැකීම් ලබා දීම මඟින් පැළ සහ බීජ රැක බලා ගැනීමට දරුවන් පෙළඹවීමය.

පොල් වගාව පිළිබඳ දැනුම තවදුරටත් බෙදා හැරීම සඳහා, අප කණ්ඩායම විසින් වගා පිළිවෙත් ඇතුළත් "good hands අත්පොතේ" පිටපත්, පොල් බීජ සහ බීජ පැළ, සක්‍රීයව සම්බන්ධ වූ සියලුම ගම්වාසීන් සහ ගුරුවරුන් වෙත නොමිලේ බෙදා දෙන ලදී. පාසලේ කැපවීම අගය කිරීමක් වශයෙන් good hands අත්පොතේ තවත් පිටපත් පාසල් පුස්තකාලයට පිරිනැමීම ද අවසානයේදී අප කණ්ඩායම විසින් සිදු කෙරුණි.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.