A series of GHI programmes centred on Motana village for the safety of coconut cultivation.

පොල් වගාවේ සුරක්ෂිතතාවය උදෙසා මොටන ගම්මානය කේන්ද්‍ර කොට දියත් කෙරුණ වැඩසටහන් මාලාව.

2023 වසරේ ජනවාරි මස good hands ක්‍රියාන්විතය විසින් සිදු කරනු ලැබූ දෙවන ප්‍රධාන වැඩසටහන, මධ්‍යම පළාතේ බලන ප්‍රදේශයේදී පසුගිය දා ක්‍රියාත්මක විණ. මෙම වැඩසටහන සඳහා අප වෙත ආරාධනා කරනු ලැබුවේ යුධ හමුදාවේ සේවය කරන කෝප්‍රල් සදුන් නිශ්ශංක මහතාය. මූලික අදියරේ සාකච්ඡා කිහිපයකින් අනතුරුව අප නිළධාරීන් හට මොටන ගම්මානය වෙත පැමිණිය හැකිවිය. සදුන් මහත්මා, good hands වැඩසටහනක්, බලන ප්‍රදේශයේ මොටන ගොවිජන සේවා වසම වෙත ලබා ගැනීමට, එම ප්‍රදේශයට අනුයුක්ත ගොවිජන සේවා නිළධාරී සහ ග්‍රාම නිළධාරී, අප වෙත සම්බන්ධ කරන ලදී. ප්‍රාදේශීය නිළධාරීන්ගේ සහයෝගය සහ පැසසුම් මධ්‍යයේ, ප්‍රාථමික සූදානම් වීම් වලින් අනතුරුව ජනවාරි මස අවසාන සතියේ දී වැඩසටහනක් සංවිධානය කිරීමට අප කණ්ඩායමට භාග්‍යය උදා වුණි. මෙම වැඩසටහන් මාලාවට මූලික දායකත්වය, මොටන ගොවිජන සේවා නිළධාරී දීපානි රාජපක්ෂ මහත්මිය, එම ගම්මානයේ කාන්තා සමිතිය සහ ධර්මවිජයාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය අමරානන්ද හිමිපාණන්ගේ මැදිහත්වීම මධ්‍යයේ සිදුවිණ.

මොටන ගොවිජන සේවා වසම

2023 ජනවාරි මස 26 වන දින අලුයම් කාලයේදී අප කන්ඩායම, දුෂ්කර ප්‍රදේශයක් හරහා විහිදුණ සහ දැඩි ලෙස අබලන් තත්වයක පැවති මාර්ගය ඔස්සේ මොටන ගම්මානය වෙත පිවිසුනි. වැඩසටහන පැවැත්වීමට අප මූලික කරගත්, මොටන ප්‍රජා ශාලාවේදී ගම්වැසියන් සියයක පමණ සහභාගීත්වයෙන් දැනුවත් කිරීමේ සැසිය ඇරැඹිණ.
"පොල් වගාව සහ ශ්‍රී ලංකාවේ අනාගතය" පිළිබඳ දීර්ඝ දැනුවත් කිරීමක් පැමිණ සිටි ගමිවාසීන්ගේ නොමඳ සහයෝගය මධ්‍යයේ goodhands කන්ඩායම විසින් දැනුවත් කෙරිණ. මෙම අවස්ථාව, වර්තමානයේදී ශ්‍රී ලංකා පුරා වසංගත තත්ත්වයක් ලෙසට වර්ධනය වෙමින් පවතින පොල් සුදු මැස්සාගේ රෝගය පිළිබඳ දැනුවත් කිරීමටද අප හැකිවිණ. සාපේක්ෂව අනෙක් ප්‍රදේශයන්ට වඩා මෙම ප්‍රදේශයේ පවතින සිසිල් දේශගුණික තත්ත්වය සුදු මැස්සාට අහිතකර තත්ත්වයක් වූවත්, මෙවන් කෘමි හානියක් ආරම්භක අවධියේදීම මැඩපැවැත්වීමට අවශ්‍ය මූලික කරුණු පිළිබඳව දැනුවත් කිරීම අප කණ්ඩායම විසින් සිදු කෙරිණ.
බීජ පොල් සාර්ථකව තවාන් කර ගැනීම, පොල් පැළ රෝපණය සහ තවත් වගා පිළිවෙත් පිළිබඳව තාක්ෂණික සහ ප්‍රායෝගික දැනුම බෙදා හැරීම එම ගොවිජන සේවා මධ්‍යස්ථානය අසල දී ඔවුන්ගේ සාම්ප්‍රදායික ඥානයට ගරු කරමින් සිදු කෙරිණ. අවසානයේදී වැඩසටහනට සම්බන්ධ වූ පවුල් වෙත තවාන් කිරීමට පොල් බීජ, රෝපණයට පොල් පැළ සහ දැනුම සඳහා good hands අත්පොත නොමිලයේ බෙදාහැරීම අප විසින් සිදු කෙරුණි. ලබාදුන් බීජ සහ පැළ රෝපණය විධිමත්ව සිදු කිරීම අධ්‍යනය සඳහා, කාන්තා සමිතිය වෙත සහ ගොවිජන සේවා නිළධාරී වෙත වගකීම අප විසින් ලබා දුන්නෙමු.

මොටන ධර්මවිජයරාම විහාරස්ථානය

මොටන ග්‍රාම සේවා වසමේ පිහිටි අඩුපාඩු රැසකින් යුත් ධර්මවිජයාරාම විහාරස්ථානය වෙත සහයක් වීමටද අපට හැකි විණ. විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන්වහන්සේ, අමරානන්ද හිමිපාණන් වෙත විහාරස්ථාන පරිශ්‍රයේ රෝපණය කිරීමට පොල් පැළ කිහිපයක් ලබාදීමට අප කටයුතු මෙහිදී කළෙමු. තවද විහාරස්ථානයේ උපස්ථාන කටයුතු වල නියැලෙන විශ්‍රාමලත් ආබාධිත යුධ හමුදා නිළධාරීන් කිහිපදෙනෙකුටද රෝපණයට පොල් බීජ සහ පැළ ලබාදී අත්වැලක් වීමට අවසානයේ අපට හැකිවිය.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.