Series of programs conducted at Panvila Rajasinghe Central College,Central Province to spread the concept of“Coconut Seedling from a Coconut Seed” throughout Sri Lanka

“පොල් බීජයක් මඟින් පොල් පැළයක්” සංකල්පය ලංකාව පුරා ව්‍යාප්ත කිරීමෙහිලා මධ්‍යම පළාතේ, පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය පරිශ්‍රයේ සිදුකළ වැඩසටහන් මාලාව

මධ්‍යම පළාතේ, කටුගස්තොට නගරයේ සිට වත්තේගම හරහා කබරගල වෙත දිවෙන මාර්ගයේ මහත් සුන්දරත්වයකින් යුතු පන්විල නගරයේ මෙම පාසල පිහිටා ඇත. 2022 ජනවාරි මස අග භාගයේදී විදුහලේ ක්‍රීඩා සහ පරිසර කටයුතු භාර මධුෂාන් ගුරුතුමා අප හා සම්බන්ධ වූයේ ෆේස්බුක් ලිපියකට අනුවය. දීර්ඝ වශයෙන් ඔහු සමඟ සිදු කළ සංවාද වලින් අනතුරුව, අපහට පාසල වෙත පැමිණ ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීමට විදුහල්පතිතුමාගෙන් ආරාධනාවක් ලැබුණේ good hands සංකල්පය පිළිබඳ ඔහු මහත් සේ පැහැදීමකින් පසුවූ හෙයිනි.

ඒ අනුව අප මාර්තු මස එකොළොස් වන සිකුරාදා දින පාසල වෙත ගොස් විදුහල්පති හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව¦ තවාන් කිරීමට සුදුසු ස්ථාන, තවාන් ක්‍රමවේද, ගම් වාසී දෙමව්පියන් සහ සිසු සිසුවියන් හට පෙර දැනුවත් කිරීම් කටයුතු සංවිධානය කෙරුණි.. මේ අනුව මාර්තු මස අවසන් සතියේදී, good hands කණ්ඩායම පාසල වෙත ළඟා වූ අතර, පෙර අප සූදානම් කරගත් පරිදි සියල්ල සූදානම් ව තිබුණි. අප කණ්ඩායම විසින් පාසලේ විදුහල්පති සමඟ රැස්ව සිටි සියළු ගුරු දෙගුරුන්ගෙන් සහ සිසුන් සිසුවියන් හට “වගා කිරීමෙන් කෙසේදැයි තම තමන් ස්වයංපෝෂිත වන්නේ” යන්න දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණ. ඉන් අනතුරුව පොල් බීජ තවාන් දැමීමේ සිට පොල් වගාව පිළිබඳව ප්‍රායෝගිකව පැහැදිලි කිරීම් සිදු කෙරුණේ, පෙර සුදානම් කරගත් පාසලේ විවෘත භූමියක ය.

මීළඟ පියවර ලෙස බීජ 120කට අධික ප්‍රමාණයක් පාසල් භූමියේ තවාන් දැමීම සිසුන්ගේ මූලික මැදිහත්වීම සහ උනන්දුව යටතේ සිදු කෙරිණ. සම්බන්ධ වූ සිසුන් හට තවාන් කළ එක් බීජයක්, එය පැළ වන තුරු රැකබලා ගැනීමට සහ වර්ධන සටහන් කිරීම, විෂයබාහිර ක්‍රියාකාරකමක් ලෙස good hands පැවරුවේ ස්වයංපෝෂිත අනාගතයට දරුවන්ගේ මූලික මානසික සංවර්ධනයට මහත් රුකුලක් වන නිසාවෙනි. ඉන් අනතුරුව පාසල් භූමියේ කප්රුක් රෝපණ වැඩසටහන දෙමව්පිය සහ පාසලේ ශිෂ්‍ය භට කණ්ඩයේ මූලිකත්වයෙන් සිදු කෙරිණි. වන සත්ත්ව හානි උග්‍ර මට්ටමක මෙම ප්‍රදේශයේ පවතින බැව් විදුහල්පති පෙර පවසා සිටි හෙයින් සිටුවූ පොල් පැළවල ආරක්ෂාව සඳහා පියවර අප විසින් එම අවස්ථාවේදීම දෙමාපියන් කැටුව ගනු ලැබිණ.

අවසානයේදී දෙමාපියනට සහ ගුරුවරුන් හටද තවාන් කිරීම සඳහා පොල් බීජ ලබාදීම සිදු කෙරුණි. මෙහිදී, දෙමාපියන්ට ලැබුණ බීජ ප්‍රමාණයෙන් අඩක් බැගින් පාසලේම තවාන් යෙදීමට තමන්ගේ දරුවන් වෙත ලබාදීම ඉතා කැපී පෙනුණ සහ අගය කළ යුතු සිදුවීමක් විය. පසුව සම්බන්ධ වූ සියලු දෙනා හට good hands අත්පොත ලබාදීම සිදු කරනු ලැබිණ. පොල් බීජ සහ පැළ නොමිලේ ලබා දුන්නාට වඩා සිසු සිසුවියන්ට මෙම විෂයබාහිර ක්‍රියාකාරකම ලබාදීම පිළිබඳව ගුරුවරුන්ගේ සහ දෙමාපියන්ගේ පැසසුම් මධ්‍යයේ පාසලේ වැඩසටහන අවසන් කෙරුණි. මීළඟට ප්‍රදේශයේ පොලිස් ස්ථානය විසින් කළ ඉල්ලීමක්ට අනුව සංකල්පය ව්‍යාප්ත කරවීමේ අරමුණින් ළඟා වුණු අතර මෙම පොලිස් ස්තානයේ, වැඩබලන ස්ථානාධිපතිතුමා අපව සාදරයෙන් පිලිගත් අතර මෙහිදීද good hands සංකල්පය පිලිබද සහ රැස්ව සිටි අයගේ ගැටලු පිළිබඳව සාකච්ඡාවක් සිදු කෙරුණි. පොල් බීජ සහ පොල් පැළ රෝපණය කිරීමක් ද පොලිස් ස්ථාන පරිශ්‍රයේදී සිදු කෙරුණි. අවසානයේ දී good hands අත්පොත ද ස්ථාන පරිශ්‍රයේ සිටි නිළධාරීන් සහ ගම්වාසීන් හට ලබා දෙනු ලැබිණ.

22/04/2022

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.