Fostering a Sustainable Tomorrow for Gamini Dissanayake Model School, Pallewaththa (Hasalaka)

තිරසර හෙටක් - ගාමිණී දිසානායක ආදර්ශ විද්‍යාලයට

පුංචි සිත් තුළ පාරිසරික වගකීම පිළිබඳ හැඟීම ඇති කිරීමට සහ තිරසාර සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයක් ලෙස පල්ලෙවත්ත ගාමිණී දිසානායක ආදර්ශ විද්‍යාලය සහ හසලක ප්‍රාදේශීය ලේකම් කාර්යාල, Good Hands Initiative සමඟ එක්ව අර්ථවත් වැඩසටහන් මාලාවක් පසුගියදා ආරම්භ කළේය. පොල් වගාව කේන්ද්‍ර කරගනිමින් පාසල් පාදක පරිසර වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.

හසලක සමාජ සේවා නිළධාරි අරුණ ජයතිලක මහතාගේ ආරාධනය මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමට මූලික අඩිතාලමක් විය. මේ අනුව ව්‍යාපෘති නිළධාරීන් එම සම්බන්ධතාව, පල්ලෙවත්ත ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පිහිටි ගාමිණී දිසානායක ආදර්ශ පාසලේ සිට හසලක කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලය දක්වා පරිවර්තනීය සහයෝගීතාවයකට අඩිතාලම සකස්කරන ලදී. 2023 ඔක්තෝම්බර් මාසයේ සිට Good Hands ව්‍යාපෘති නිළධාරීන්, විදුහල්පති සමන් මහතාගේ සම්බන්ධීකරණයෙන් පාසලට ගැළපෙන පරිදි පාසල් පාදක වගා වැඩසටහනක් ලෙස දියත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම අරඹන ලදී.

හසලක ප්‍රදේශයේ තරමක් දුෂ්කර සහ හුදකලා ප්‍රදේශයක පිහිටි ගාමිණී දිසානායක ආදර්ශ පාසල, 01 සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා අධ්‍යාපනය ලබා දෙන්නා වූ රාජ්‍ය ආයතනයක් ලෙස ක්‍රියා කරයි. උක්ත සිසු සිසුවියන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ක්‍රීඩා සහ මළල ක්‍රීඩා වල සක්‍රීයව නියැලෙමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වා ඇත. ඔවුන්ගේ දක්‍ෂතා, අධ්‍යයන කටයුතුවලදී පමණක් නොව විෂය බාහිර ක්‍රියාකාරකම්වලදීද පවා පැහැදිලි වන බව, ඔවුන් Good Hands වැඩසටහනට වෙත දැක්වූ උනන්දුව තුළින් ඉස්මතු

2023 ඔක්‌තෝබර් මස අවසන් සතිය තුළදී, Good Hands කණ්ඩායම පාසල් පරිශ්‍රය තුළ තම ව්‍යාපෘති ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී. පාසල් ගුරුවරුන්, දෙමාපියන් සහ 6 - 7 ශ්‍රේණි වල සියලුම සිසුන්ගේ උද්යෝගිමත් සහභාගීත්වය සහ ප්‍රතිචාර අතිමහත් විය. පළමුව පොල් වගාව කෙරෙහි අවධානය යොමු කරමින් වත්මන් කෘෂිකාර්මික අභියෝග, විභව විසඳුම්, ප්‍රශ්න විචාරාත්මක සහ උපාය මාර්ග පිළිබඳව සිදු කරන ලද වැඩසටහන් ආරාධිත කථිකයන්ගේ ආමන්ත්‍රණය සමඟ ආරම්භ විය.

සමාජ සේවා නිළධාරින් සහ විදුහල්පතිතුමා ඇතුළු කැපවීමෙන් කටයුතු කළ ගුරුභවතුන්ගේ මඟපෙන්වීම යටතේ, මීළඟ අංගය වූ පොල් පැළ රෝපණය සහ ප්‍රායෝගිකත්වය සඳහා වූ සැසියට සහභාගි වූ සිසු සිසුවියන්ගේ සක්‍රීය සහභාගිත්වය එදින විශේෂ විය. මෙලෙස ඉගෙනුම අත්දැකීම් මගින් ශක්තිමත් කිරීම සඳහා, පොල් බීජ භාවිතයෙන්, බීජ තවානක් දරුවන්ගේ සියතින්ම අප කණ්ඩායමේ මඟ පෙන්වීම ඔස්සේ පාසලේ ස්ථාපිත කරන ලදී. දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස පාසල් පුස්තකාලය සඳහා " Good Hands පොල් වගා අත්පොත" විදුහල්පතිතුමා වෙත පිළිගන්වා, සහභාගි වූ සැමට බෙදා දෙන ලදී. වැඩසටහනේ අංගයක් වූ තරගකාරී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සියළු සිසුන්ගේ සිත්ගත් අංගයක් වූ අතර මේ වෙත උද්යෝගීමත්ව සහභාගි වූ සහ ජයග්‍රහණය කළ සියළු දෙනා හට පාසල් උපකරණ බෙදා හැරීමක් ද සිදු කරන ලදී. වැඩසටහන සඳහා ඔවුන්ගේ නොසැලෙන දායකත්වය සහ උනන්දුව සඳහා කෘතඥතාව පළ කිරීම සඳහා, සහභාගී වූ දෙමාපියන්ට පොල් පැළ, තිරසාර සංවර්ධනය සඳහා වූ ඔවුන්ගේ කැපවීම පිළිබඳ අගයකිරීමක් ලෙස ලබා දෙන ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.