Fostering a Sustainable Tomorrow for Nakkawaththa Mahinda Maha Vidyalaya, Andiyagala (Giriulla)

තිරසර හෙටක් - කප්රුක පාසලෙන් නාක්කාවත්ත මහින්ද මහා විද්‍යාලය

ගිරිවුල්ල ප්‍රදේශයේ පවතින නොයෙකුත් වැදගත්කම්‍ රාශියක පන්හිඳක් වූ දැනට සිසු සිසුවියන් 3000කට වැඩි ප්‍රමාණයකට සෙවණක් වූ නාක්කාවත්ත ජාතික පාසල, ආඩියාගල ප්‍රදේශයේ පිහිටා ඇත.

අභියෝග වලට මුහුණ දෙමින්, අධ්‍යාපන ජයග්‍රහණ සහ සිසු කුසලතා මෙන්ම මූලික සාරධර්ම අතින් පොහොසත් ඉතිහාසයක් සමඟ මෙම පාසල ඉහළ මට්ටමක පවතී. මූලිකවම මිස්සක අනුරාධ මහතාගේ ආරාධනාවට අනුව මෙම පාසල් ආශ්‍රිත පරිසර වැඩසටහන් මාලාව good hands අපට දියත් කළ හැකි විය.

මේ අනුව විද්‍යාලයේ විදුහල්පති සහ ගුරුවරුන්ගේ නායකත්වය කැපවීම යටතේ අප තිරසර අනාගතයක් සඳහා වූ වැඩසටහනේ කේන්ද්‍රස්ථානයක් බවට මෙම පාසල පත්විය. අවසානයේ ගිරිඋල්ල අධ්‍යාපන කලාප කාර්යාලය සමග සිදුකළ කටයුතු තුළින් අනතුරුව, දෙසැම්බර් මස පළමු සතියේ පාසල් පරිශ්‍රයේදී වැඩසටහන දියත් කිරීමට හැකි විය. තිරසාර අනාගතයක් සඳහා කැපවූ good hands කණ්ඩායම විසින් මෙහෙයවන ලද කෘෂිකර්මාන්තය සහ පරිසරය ආශ්‍රිත දැනුවත් කිරීමේ වැඩසටහන ආරම්භයේදී පවත්වන ලද අතර මේ සඳහා හය සහ හත ශ්‍රේණිවල සියලු සිසු සිසුවියන්, ගුරුවරුන් සහ ගම්වාසීන්ගේ උද්යෝගිමත් සහභාගිත්වයක් දක්නට ලැබිණ.

පළමුව පොල් වගාව කෙරෙහි අවධානය යොමු කරමින් වත්මන් කෘෂිකාර්මික අභියෝග, ඒවාට විභව විසඳුම්, ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් සහ උපාය මාර්ග පිළිබඳව සිදු කරන ලද වැඩසටහන ආරාධිත කථිකයන්ගේ ආමන්ත්‍රණය සමඟ ආරම්භ විය. මෙහිදී අප කණ්ඩායම සිදු කරන ලද ප්‍රශ්න විචාරාත්මක සැසියට සිසුන්ගෙන් ලද ආකර්ෂණීය ප්‍රතිචාරය හේතුවෙන් ජයග්‍රාහකින් සහ සහභාගී වූ සියළු සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීමක් සිදු කෙරිණ.

මීළඟ අංගය වූ කප්රුක රෝපණය සහ ප්‍රායෝගිකත්වය සඳහා වූ සැසියට සහභාගි වූ සිසු සිසුවියන්ගේ සක්‍රීය සහභාගිත්වය එදින විශේෂ විය. තවද පොල් බීජ භාවිතයෙන්, බීජ තවානක් දරුවන්ගේ සියතින්ම අප කණ්ඩායමේ මඟ පෙන්වීම ඔස්සේ පාසල් භූමියේ ස්ථාපනය කරන ලදී. මෙම ප්‍රායෝගික සැසිය සිසුන් කණ්ඩායම් වෙත බෙදා සිදුකළ අතර මෙය අධ්‍යාපනය පමණක් නොව ප්‍රායෝගික සහ තිරසර කෘෂිකාර්මික භාවිතයන් පිළිබඳ වගකීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම මූලික අරමුණ විය.

දීර්ඝකාලීන ආයෝජනයක් ලෙස පාසල් පුස්තකාලය සඳහා " Good Hands පොල් වගා අත්පොත" විදුහල්පතිතුමිය වෙත පිළිගන්වා, සහභාගි වූ සැමට බෙදා දෙන ලදී.

අනාගතයට ආයෝජනයක් ලෙසින් දියත් කළ මෙම වැඩසටහන් මාලාවට දැක්වූ දායකත්වය සහ උනන්දුව සඳහා කෘතඥතාව පළ කිරීම සඳහා, සහභාගී වූ ගම්වාසීන්ට සහ ගුරුවරුන්ට පොල් පැළ, තිරසාර සංවර්ධනය සඳහා වූ ඔවුන්ගේ කැපවීම අගයකිරීමක් ලෙස පිරිනමන ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.