(තෙවන අදියර)
පොල් වගාව සහ පොල් බීජ තවාන් සඳහා උනන්දුවක් දක්වමින්, ෆේස්බුක් පිටුව තුළින් ඉල්ලීම් කළ අපගේ සහෘදයින් පිරිසකට සවියක් ලෙසින් good hands ක්‍රියාන්විතය මඟින් පොල් බීජ තවාන් කිරීමේ සහ පොල් පැළ ඛෙදාදීමේ ව්‍යාපෘති රැසක් ඔක්තෝබර් මාසය අග භාගයේදී සාර්ථකව අවසන් කෙරිණ.
මෙම ව්‍යාපෘතිය කාණ්ඩ 3ක් යටතේ සිදු කෙරුණ අතර, පළමු පියවර මතුගම ප්‍රදේශය අවට සිදු කෙරුණේ මාර්තු මස අවසානයේදීය. ඉන්පසුව දෙවන පියවර අප්‍රේල් මාසයේ දී, අගලවත්ත, බුලත්සිංහල, මෝල්කාව, බදුරලිය, පානදුර සහ බණ්ඩාරගම යන ප්‍රදේශ මූලික කරගනිමින් සිදු කෙරුණි. ඔක්තෝබර් මස කොරෝනා වසංගත තත්වය යම්තාක් දුරට පහවීමත් සමඟම තෙවන පියවර එනම් කළුතර, වාද්දූව, තල්පිටිය, දොඩංගොඩ සහ බෝම්බුවල යන ප්‍රදේශ ආශ්රිත පවුල් 16කට අධික ප්‍රමාණයක් සමඟ සිදු කර සාර්ථකව අවසන් කෙරුණේ ප්‍රදේශවාසීන්ගේ උද්යෝගිමත් සහයෝගය හමුවේය.
සෑම ප්‍රදේශයකම වෙසෙන අප හා සම්බන්ධ වූ පවුල් වෙත, තවාන් දැමීම සඳහා බීජ පොල් නොමිලේ ලබාදීම, ප්‍රායෝගික දැනුම නිවෙස් මට්ටමින් දැනුවත් කිරීම, ගැටලු සාකච්ඡා කිරීම සහ පොල් ආශ්රිත විස්තර ඇතුළත් good hands අත්පොත ලබාදීමද සිදු කෙරිණි. විශේෂයෙන්ම පොල් බීජයකින් පොල් පැළයක් සාදාගැනීමට උනන්දු වූ සියලුම පවුල් හට පොල් පැළයක්ද තිළිණ කෙරුණි. good hands විසින් මූලිකව තේරුම් කළ ක්‍රියාන්විතයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ, පැළ හෝ බීජ පොල් ඛෙදා දීම නොවන බවත්, රටේ පුරවැසියන් සැවොටම පොල් බීජයකින්, පොල් පැළයක් හෝ සාදාගැනීමට විශ්වාසය ඇති කරවීම සහ පොල් පැළයක් සිටුවීමට උනන්දුව ඇති කරවීම යන්නයි.
2021.10.22
ප්‍රතිචාරයක් සටහන් කරන්න