පෙබරවාරි මස 18 වන දින ත්‍රිකුණාමලය මූලික පොලිස් ස්ථානයේද පොල් පැළ 10 ක් රෝපණය කෙරුණේ එහි පොලිස් නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්යෝගිමත් සහභාගිත්වයෙනි.
එදින පොලිස් ස්ථානයේ සිටි සියළුම නිළධාරීන් සහ නිළධාරිණියන්ගේ එක් වීමත්, ඇසූ ප්‍රශ්ණත් ඔවුන් තුළ තිබූ මහත් උද්යෝගය විෂද කරන්නක් විය. පොල් පැළ වල වැඩීම, ඒවාට වැළඳෙන රෝග සහ පිළියම් යනාදිය දැන ගැනීමට ඔවුහු මහත් උනන්දුවක් දැක්වූහ.
මෙම අවස්ථාවේදී ද good hands විසින් තේරුම් කළ දෙයක් වූයේ ක්‍රියාන්විතයේ මුඛ්‍ය පරමාර්ථය පැළ බෙදා දීම නොවන බවත්, පුරවැසියන් සැවොම එක් පොල් පැළයක් හෝ සිටුවීමට උනන්දු කිරිම යන්නය.
එමෙන්ම පොල් ගෙඩියක් තවාන් කර මාස හතක් ඇවෑමෙන් පොල් පැළයක් සාදා ගන්නා ආකාරයත් පැහැදිළි කර දුන් අතර ඒ සඳහා ඔවුන්ට බීජ පොල් බෙදා දීමද සිදු කෙරිණි.
ප්‍රතිචාරයක් සටහන් කරන්න