ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් නුගේගොඩ, කෝට්ටේ, මාදිවල, කඩවත, පොතුවටුන සහ දංකොටුව යන ප්‍රදේශයන්හි සිදුකරනු ලැබූ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

good hands ක්‍රියාන්විතය මගින්, පොල් වගාවට උනන්දුවක් දක්වමින්, facebook පිටුව තුළින් පොල් පැළ ලබා දෙන ලෙසින් ඉල්ලීම් කළ අපගේ සහෘදයින් පිරිසකට අත්වැලක් ලෙසින් පොල් පැළ බෙදා දීමේ ව්‍යාපෘති කිහිපයක් පසු ගිය දින කිහිපය තුළදී සාර්ථකව අවසන් විය. පළමු බෙදා හැරීම නියමු ව්‍යාපෘතියක් ලෙසින් සිදු කෙරුණේ පෙබරවාරි මස 6 වන දින බස්නාහිර පළාත මූලික කර ගනිමිනි. එහිදී අපගෙන් පැළ ලබා දෙන ලෙසින් ඉල්ලීම් කළ සහෘදයින් පිරිසකට පොල් පැළ ලබාදීම සිදු කෙරිණි. නුගේගොඩ, කෝට්ටේ, මාදිවල, කඩවත, පොතුවටුන සහ දංකොටුව වැනි ප්‍රදේශයන්හි වෙසෙන පවුල් කිහිපයකට පැළ බෙදා දීමත්, පැළ සිටුවීමත්, පොල් වගාවට වැළඳෙන පළිබෝධ සහ සත්ත්ව හානි මෙන්ම ඒවාට යෙදෙන පිළියම් ආදිය පැහැදිළි කරදීමද මෙදින සිදු විය. මේ අවස්ථාව සඳහා එක් රැස් වූ පිරිසද පැළ ලබා ගත් සහෘදයින් ලෙසින්ම මෙම ක්‍රියාව බෙහෙවින් අගය කළහ.

මෙම අවස්ථාවට සහභාගි වී පොල් පැළ ලබා ගත් good hands facebook පිටුව සමග නිරන්තරයෙන් සම්බන්ධ වන, ජාත්‍යන්තර පාසලක උසස් පෙළ සිසුන්ගේ ගුරුතුමෙකු විසින් මේ හා සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් කළේ මෙලෙසිනි.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.