ශ්‍රි ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පාලනය වන ත්‍රිකුණාමලයේ නිවාඩු නිකේතන පරිශ්‍රයේ දියත් කෙරුණු ලැබූ පොල් පැළ බෙදාහැරීමේ ව්‍යාපෘතිය.

මාර්බල් වෙරළ තීරයේ පිහිටා ඇති, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් පාලනය වන නිවාඩු නිකේතන පරිශ්‍රයේ පොල් පැළ සිටුවීම පෙබරවාරි මස 18 සහ 19 යන දෙදින එහි නිළධාරීන්ගේ ඇරියුමින් සිදු විය.
මුහුදු තෙර අසබඩත්, ප්‍රධාන පිවිසුමට මුහුණලාත් පොල් පැළ රෝපණය කිරීම එහි නිළධාරීන්ගේ දැඩි උනන්දුව සහ සහභාගිත්වය මධ්‍යයේ කෙරුණු අතර පැළ 50 ක් බෙදා දීම සිදු කෙරිණි. මෙම අවස්ථාවේදී good hands විසින් තේරුම් කළ දෙයක් වූයේ ක්‍රියාන්විතයේ මුඛ්‍ය පරමාර්ථය පැළ බෙදා දීම නොවන බවත්, පුරවැසියන් සැවොම එක් පොල් පැළයක් හෝ සිටුවීමට උනන්දු කිරිම යන්නය.

එමෙන්ම පොල් ගෙඩියක් තවාන් කර මාස හතක් ඇවෑමෙන් පොල් පැළයක් සාදා ගන්නා ආකාරයත් පැහැදිළි කර දුන් අතර ඒ සඳහා ඔවුන්ට බීජ පොල් බෙදා දීමද සිදු කෙරිණි.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.