පොල් සඳහා පොහොර යෙදීම

පොල් ගස් වැඩි අස්වැන්නක් ලබා දීම සඳහා අවශ්‍ය පෝෂක බොහෝමයක් ලබාගන්නේ පසෙනි. බොහෝ ප්‍රදේශයන්හී පෝෂක හිඟ මට්ටමක පවතින නිසා පසට නිසි පෝෂක සැපයීම “පොහොර යෙදීම” ලෙස හැදින්වේ. රසායනික පොහොර මෙන්ම කාබනික පොහොර මඟින්ද මෙය සිදුකල හැකිය.

I. රසායනික පොහොර යෙදීම.

මෙය ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ඔස්සේ භාවිතා කළ හැක.

i. මිශ්‍ර පොහොර යෙදීම

ii. අමිශ්‍ර පොහොර යෙදීම.

පොල් පැළ සඳහා වෙනම පොහොර නිර්දේශයකුත්, පල දරණ ගස් සදහා වෙනම පොහොර නිර්දේශයකුත් ඇත.

සෑමවිටම පසේ තෙතමනය ඇතිවීම සිදුකළ යුතු අතර තද වැසි අවසානයේ යෙදීම තුලින් සෝදා යාම අවමකරගත හැක.

මාස 06 කට වරක් පැළයේ වයස අනුව පොහොර ප්‍රමාණය යෙදිය යුතු අතර පසුව පොහොර කවයේ විසුරුවා උදැල්ලෙන් කොටා වසුන් කල යුතුය.

පැළයේ වයසපොහොර
කවයේ අරය
මාස 06අඩි 01
වසර 01අඩි 02
වසර 02අඩි 03
වසර 03අඩි 04
වසර 04 සිටඅඩි 05

පල දරණ ගස් සඳහා පොහොර යෙදීම වසරකට වරක් සිදු කල යුතු අතර පල දරණ ගසක පොහොර කවය අඩි 06ක් දක්වා දීර්ඝ වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *