Gradual development of a coconut plant from 6th month to 5th year

මාස 6 සිට අවු 5 දක්වා පොල් පැළයක ක්‍රමික වර්ධනයේ විස්තර සහ ඡායාරූප

වයසමාස 6
පළිබෝධකයා පිළිබඳ විස්තර• උස අඩි 2-2 1/2 ක් පමණ
• කොළ පැහැති සිහින් දිගටි පත්‍ර 3ක් පමණ
• පත්‍රවල දිග අඟල් 6සිට 18 දක්වා පමණ වේ
• තියුණු තුඩකින් හෙබි අඩියක් පමණ උස කොළ පැහැති කෙළින් වැඩුණු ගොබයකි
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම• වේයන් ඇති විය හැක.ඔවුන් ඇසට පෙනේ.වේයා පොල් ගෙඩියේ ලෙල්ලට හානි කරන අතර ,පසුව පාදස්ථ කොටසටද හානි කරයි. ගොබය මැලවීමේ ලක්ෂණ ප්‍රථමයෙන් පෙන්නුම් කරන අතර ගොබය අතින් ඇද්ද විට පහසුවෙන් ගැලවේ.
ප්‍රතිකරමයක් ලෙසින් ඇඩ්මයර් මි.ලි 1ත් 2ත් අතර ප්‍රමාණයක් වතුර ලීටරයකට දිය කර ඉසීම කල හැකිය.
ප්ලැසිස්පා හානියද සිදු වීමට හැකි බැවින් ඒ ගැන පරික්ෂාවෙන් සිටිය යුතුය. ප්ලැසිස්පා පත්‍ර සූරා කමින් ජීවත් වන කෘමියෙකි. මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි. 2ක් වතුර ලීටර් 1ක දිය කර හොදින් කා වදින ලෙස ඉසින්න.
මෙය සති දෙකකට වරක්වත්,ප්ලැසිස්පා හානිය ඉවත් වන තෙක් කල යුතුය.
සංලක්ෂ්‍යයරෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප අපගේ වෙබ් අඩවියේ රඳවා ඇති වීඩියෝ පටවලින් ඔබට නැරඹිය හැකිය.වෙබ් අඩවියට අමතරව good hands අත් පත්‍රිකා මගින්ද මෙම විස්තර පෙන්වා දී ඇත.
වයසඅවුරුදු 1
පළිබෝධකයා පිළිබඳ විස්තර• උස දී 5ක් පමණ
• කොළ පැහැති දිග පත්‍ර හැරීම ආරම්භ වේ.ඉරටු මතු වීමද දැකිය හැක.එකට බැඳී පවතී පත්‍ර වෙන්වීමද ඇරඹේ
• අතු 6ත් 10ත් අතර ප්‍රමාණයක් දැකිය හැකිවන අතර ඒවායේ දිග අඩි 5ත් 7ත් අතර වෙයි.
මුදුන කොළ පැහැ ගන්නා ගොබය පහල කොටසේදී සුදු පැහැයක් ගනී. ක්‍රමක්‍රමයෙන් මෙය පත්‍ර බවට පත් වෙයි.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්මවේයන් ඇති විය හැක.ඔවුන් ඇසට පෙනේ.වේයා පොල් ගෙඩියේ ලෙල්ලට හානි කරන අතර ,පසුව පාදස්ථ කොටසටද හානි කරයි.
ප්ලැසිස්පා හානියද සිදු වීමට හැකි බැවින් ඒ ගැන පරික්ෂාවෙන් සිටිය යුතුය. ප්ලැසිස්පා පත්‍ර සූරා කමින් ජීවත් වන කෘමියෙකි. මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි. 2ක් වතුර ලීටර් 1ක දිය කර හොදින් කා වදින ලෙස ඉසින්න.
• ප්ලැසිස්පා හානියද සිදු වීමට හැකි බැවින් ඒ ගැන පරික්ෂාවෙන් සිටිය යුතුය.ප්ලැසිස්පා පත්‍ර සූරා කමින්ජිඉවත් වනකෘමියෙකි.මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි 3ක් වතුර ලීටර් 1ක දිය කර හොදින් කා වදින ලෙස ඉසින්න.මෙය සති දෙකකට වරක්වත්,ප්ලැසිස්පා හානිය ඉවත් වන තෙක් කළ යුතුය
සංලක්ෂ්‍යයරෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප අපගේ වෙබ් අඩවියේ රඳවා ඇති වීඩියෝ පටවලින් ඔබට නැරඹිය හැකිය.වෙබ් අඩවියට අමතරව good hands අත් පත්‍රිකා මගින්ද මෙම විස්තර පෙන්වා දී ඇත.
වයසඅවුරුදු 2
පළිබෝධකයා පිළිබඳ විස්තර• උස අඩි 7ක් පමණ
• කොළ පැහැති පත්‍ර දිග හැරී පැතිරෙන්නට ඇරඹේ අත්තේ මුල් භාගය පටු ස්වරුපයක් ගන්න අතර ඒවා මැදදී පළල්වී නැවතත් අගිස්ස සිහින් බවට වෙයි. පොල් ඉරටු ශක්තිමත් වීමද දැකිය හැක
• අතු 8ත් 12ත් අතර ප්‍රමාණයක් දැකිය හැකිවන අතර ඒවායේ දිග අඩි 7ත් 10ත් අතර වෙයි.
• දිගින් දිගටම ගොබ නිර්මාණය වීම නිසාවෙන් පොල් අතු සැදෙමින් ගස වර්ධනය වෙයි.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම• ප්ලැසිස්පා හානිය දැකිය හැකි වේ.මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි 3ක් වතුර ලීටර් 1ක දිය කර හොදින් කා වදින ලෙස ඉසින්න.මෙය සති දෙකකට වරක්වත්,ප්ලැසිස්පා හානිය ඉවත් වන තෙක් කල යුතුය.
• කළු කුරුමිණි හානියද ඇරඹෙන කාලයකි. උන් විසින් පොල් ගොබයට හානි සිදු ගොබයට අසන්න පිතිවල කපුරු බෝල 2 බැගින් 6ක් රැඳවීමෙත්,ගොබය ශක්තිමත් වන තෙක් ගොබය වටා ඇති පිතිවල පමණක් දැවී තෙල් ආලේප කිරීමත් ප්‍රතිකර්ම ලෙසින් යෙදේ.
• ගොබයට අසන්න පිතිවල කපුරු බෝල 2 බැගින් 6ක් රැඳවීමෙත්,ගොබය ශක්තිමත් වන තෙක් ගොබය වටා ඇති පිතිවල පමණක් දැවී තෙල් ආලේප කිරීමත් ප්‍රතිකර්ම ලෙසින් යෙදේ.
සංලක්ෂ්‍යය• රෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප රෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප අපගේ වෙබ් අඩවියේ රදවා ඇති වීඩියෝ පටවලින් ඔබට නැරඹිය හැකිය.වෙබ් අඩවියට අමතරව good hands අත් පත්‍රිකා මගින්ද මෙම විස්තර පෙන්වා දී ඇත.
වයසඅවුරුදු 3
පළිබෝධකයා පිළිබඳ විස්තර• උස අඩි 12ක් 15ක් පමණ පොල් ඇත්තේ මුල( පොල් පිත්ත) විශාල වී පොල් ගසත් සමග දැඩිව බැදේ.මෙහිදී බූමටුළු සැදෙන අතර ඒවා පොල් අතු,ගස සමග සම්බන්ධ කරයි.
• අතු 10ත් 14ත් අතර ප්‍රමාණයක් දැකිය හැකිවන අතර ඒවායේ දිග ආදී 8 ත් 12ත් අතර වේ.
• එක ගොබයක් උසින්ද අනික කෙටිවද ලෙසින් ගොබ දෙකක් දැකිය හැක.
.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම• ප්ලැසිස්පා හානිය දැකිය හැකි වේ.මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි 3ක් වතුර ලීටර් 1ක දිය කර හොදින් කා වදින ලෙස ඉසින්න.මෙය සති දෙකකට වරක්වත්,ප්ලැසිස්පා හානිය ඉවත් වන තෙක් කල යුතුය.
• කළු කුරුමිණි හානියද ඇරඹෙන කාලයකි. උන් විසින් පොල් ගොබයට හානි සිදු ගොබයට අසන්න පිතිවල කපුරු බෝල 2 බැගින් 6ක් රැඳවීමෙත්,ගොබය ශක්තිමත් වන තෙක් ගොබය වටා ඇති පිතිවල පමණක් දැවී තෙල් ආලේප කිරීමත් ප්‍රතිකර්ම ලෙසින් යෙදේ.
• ගොබයට අසන්න පිතිවල කපුරු බෝල 2 බැගින් 6ක් රැඳවීමෙත්,ගොබය ශක්තිමත් වන තෙක් ගොබය වටා ඇති පිතිවල පමණක් දැවී තෙල් ආලේප කිරීමත් ප්‍රතිකර්ම ලෙසින් යෙදේ.
• රතු කුරුමිණි ව්‍යසනයද ඇරඹෙන කාලයකි.පොල් ගසේ පිතිවල පැලුණු සහ කිරි මුල් වර්ධනය වන ස්ථානවල ඇති පැළුම් තුවාල මත බිත්තර දැකිය හැකිය.
• මේ හේතුවෙන් ගොබය පෙදෙසේ හෝ කඳේ පිරිසිදුව තබා ගැනීම,හානිය වූ ගස් වලට මොනොක්රෝටොපොස් රසායනිකය ගසට එන්නත් කිරීම මෙන්ම රතු කුරුමිණි පෙරමොනද දීම පිළියම් වේ.
සංලක්ෂ්‍යය• රෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප රෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප අපගේ වෙබ් අඩවියේ රදවා ඇති වීඩියෝ පටවලින් ඔබට නැරඹිය හැකිය.වෙබ් අඩවියට අමතරව good hands අත් පත්‍රිකා මගින්ද මෙම විස්තර පෙන්වා දී ඇත.
වයසඅවුරුදු 4
පළිබෝධකයා පිළිබඳ විස්තරඋස අඩි 20ක් පමණ අතු 12ත් 16ත් අතර ප්‍රමාණයක් දැකිය හැකි අතර ඒවායේ දිග අඩි 10ත් 14ත් අතර වෙයි.
• මේ අවස්ථාවෙදී පොල් කඳ පොළවෙන් ඉහලට මතුවී වර්ධනය වන ආකාරයද දැකිය හැකි වේ.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම• ප්ලැසිස්පා හානිය දැකිය හැකි වේ.මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි 3ක් වතුර ලීටර් 1ක දිය කර හොදින් කා වදින ලෙස ඉසින්න.මෙය සති දෙකකට වරක්වත්,ප්ලැසිස්පා හානිය ඉවත් වන තෙක් කල යුතුය.
• කළු කුරුමිණි හානියද ඇරඹෙන කාලයකි. උන් විසින් පොල් ගොබයට හානි සිදු ගොබයට අසන්න පිතිවල කපුරු බෝල 2 බැගින් 6ක් රැඳවීමෙත්,ගොබය ශක්තිමත් වන තෙක් ගොබය වටා ඇති පිතිවල පමණක් දැවී තෙල් ආලේප කිරීමත් ප්‍රතිකර්ම ලෙසින් යෙදේ.
• රතු කුරුමිණි ව්‍යසනයද ඇරඹෙන කාලයකි.පොල් ගසේ පිතිවල පැලුණු සහ කිරි මුල් වර්ධනය වන ස්ථානවල ඇති පැළුම් තුවාල මත බිත්තර දැකිය හැකිය.
එයින් පිටවන කීටයා ම කද තුලට ගොස්
අතුලී පටක කා දමන්නට පටන් ගනී.
• මේ හේතුවෙන් ගොබය පෙදෙසේ හෝ කඳේ පිරිසිදුව තබා ගැනීම,හානිය වූ ගස් වලට මොනොක්රෝටොපොස් රසායනිකය ගසට එන්නත් කිරීම මෙන්ම රතු කුරුමිණි පෙරමොනද දීම පිළියම් වේ.
සංලක්ෂ්‍යය• රෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප රෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප අපගේ වෙබ් අඩවියේ රදවා ඇති වීඩියෝ පටවලින් ඔබට නැරඹිය හැකිය.වෙබ් අඩවියට අමතරව good hands අත් පත්‍රිකා මගින්ද මෙම විස්තර පෙන්වා දී ඇත.
වයසඅවුරුදු 5
පළිබෝධකයා පිළිබඳ විස්තර• උස අඩි 25ක් 30ක් පමණ
• පොල් කඳ පොලවට ආසන්නයේදී වට අඩි 4ක් පමණ වන අතර පොලව මට්ටමෙන් අඩි 4ක් පමණ උසින් එය වට අඩි 3ක් පමණ වෙයි.
• අතු 15ත් 20ත් අතර ප්‍රමාණයක් දැකිය හැකිවන අතර ඒවායේ දිග අඩි 10ත් 14ත් අතර වෙයි.
• අතු ශක්තිමත්ව පොල් ගස වටා කවාකාරව විහිද යයි. පොල් මල් හට ගැනීම ආරම්භ වන අතර පුෂ්ප මංජරිය තුලින් බැට්ටි ආදියද දැකිය හැකි වේ.
• මල් පිපීම ආරම්භ වනු ඇත. මල් කළඹ හරහා ටෙන්ඩර් ගෙඩි දැකගත හැකි විය.
• පළමු පොල් වල්ල හට ගැනුණු පසු එය බිමට වැටීමට ඇති ඉඩකඩ බොහෝය. ඒ නිසා ගසට කරුවක් තබා සහයක් දිය යුතුවේ.මෙය සිදු වන්නේ පළමු පොල් වල්ල හට ගැනීමේදීය.පසුව පල දරණ වළු වලට මෙම ප්‍රශ්නය පන නොනගී.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම• වැළදිය හැකි රෝග සහ පළිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම අවුරුදු 3සහ 4දී දැකිය හැකි හානි මෙහිදී එලෙසින්ම දැකිය හැකි වේ.ඊට අමතරව ගොබ කුණුවීමේ රෝගය,මැදින් ඕජස් ගැලීම සහ මයිටා හානියද ඇතිවේ.
සංලක්ෂ්‍යය• රෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප රෝග සහ පලිබෝධ හානි,පොහොර යොදන ආකාරය පිළිබද විස්තර සහ රූප අපගේ වෙබ් අඩවියේ රදවා ඇති වීඩියෝ පටවලින් ඔබට නැරඹිය හැකිය.වෙබ් අඩවියට අමතරව good hands අත් පත්‍රිකා මගින්ද මෙම විස්තර පෙන්වා දී ඇත.

ඉහත දක්වා ඇති සියලු වයස් කාණ්ඩ තුලදී පහත දක්වා ඇති කරුණු ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

  1. ඌරන්ගෙන් සහ ඉත්තෑවන්ගෙන් ඇතිවන හානි අවම කර ගැනීම.
  2. පල දරන ශාකයන්ට වඳුරන්,රිළවුන් සහ ඳඬුලේනන්ගෙන් හානි සිදුවිය හැක.

පරිස්සම් විය යුතු සහ අවධානය යොමු කල යුතු කරුණු.

කරුණ/ඌණතාවයහේතුව/හේතුන්යෝජිත ප්‍රතිකර්ම
ගස කුණු වීමපයිටොප්තෙරාපාම්වොරා දිලිරය (මෙය වයස අවු 5සිට 45 දක්වා ගස් වලට හානි කරයි. )මේටැක්සිල් අඩංගු දිලිර නාශක ගරැම් 4ක් ජලය ලීටර 1ක දිය කර සති දෙකකට වරක් ගොබය පෙඟෙන සේ දීම.
කදින් ඕජස් ගැලීමසේරටෝසිස්ටිස් පැරඩොක්සා දිලිරය මෙයට හේතු වේ.සේරටෝසිස්ටිස් පැරඩොක්සා දිලිරය මෙයට හේතු වේ.
පත්‍ර කහ වීමනයිට්‍රජන් ඌණතාවය, මැග්නිසියම් ඌණතාවය, පොටෑසියම් ඌණතාවයන්ට යන්ට අධික සූර්යාලෝකය,ජල ඌණතාවය මෙන්ම එහි අධික බවයූරියා ,කීසරයිට් මියුරේට් ඔෆ් පොටෑෂ් පිළිවෙලින් යෙදිය හැකිය.
කොළ කුණු වීමදිලිර විශේෂයක් නිසාවෙන් පත්‍රවල ලප ඇතිවේ.මෙම ලප විශාලවී කුණු වීම ඇරඹේ.රෝගී ගස්වල කරති කපා ගිනි තැබීම
පත්‍ර මැලවිමවැලිගම කොළ මැලවීමේ රෝගය ලෙසින්ද මෙය හදුන්වයි. ප්යිටෝප්ලස්මා මෙහි රෝග කාරකයයි.පොලව මට්ටමෙන් ගස් කපා ඉවත් කර කරති පුළුස්ස දැමිම.

විශේෂ සටහන්

1.) පොල් ගෙඩියකින් පැළයක් රෝපණය කරන විටදී එය මාස 7ක් තවානේ තිබුනද රෝපණය කල අවස්ථාවේ සිට වයස ගණනය කරනුයේ 0 සිටය.වසරක් පිරෙනුයේ තවන් කල දින සිට නොව තවානෙන් ගෙන රෝපණය කල දින සිට වසරක් පිරුණු තැනය.

2.) ජලය සැපයිම නිසි පරිදි කල යුතුය.පැල ගස්වලට ලීටර 10-15ක් දිනකට යෙදිය යුතු වේ.පැල ගස් ලෙසින් සැලකෙන්නේ වසර 4 දක්වා වන ගස්ය.අවුරුදු 5න් පසුව ගස් වලට දිනකට ජලය ලීටර 40-60ක් පමණ අවශ්‍ය වේ.ඒ අනුව ජලය සම්පාදනය කල යුතුය.