Conservation of Wetness In Coconut Plantation

පොල් වගාවේ තෙතමන සංරක්ෂණය

පොල් වගාවේ තෙතමනය සංරක්ෂණය හා ජල සම්පාදනය ජලය පොල් වගාව සඳහා අත්‍යවශ්‍ය සාධකයකි. දිනකට වැඩුණු පොල් ගසක් සඳහා ජලය ලීටර් 40 - 60 අවශ්‍ය වන අතර පැළ ගසක් සඳහා ලීටර් 10 - 15 ජලය අවශ්‍ය වේ. වසර තුල පවතින වර්ෂාපතනය මත පොල් අස්වැන්න විචල්‍ය වේ. තෙතමනය සංරක්ෂණය කිරීම වැදගත් වන්නේ වියලි කාලය තුල නිසි ජල සංරක්ෂණය මගින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමයී.

පොල් වගාව සඳහා තෙතමනය සංරක්ෂණ ක්‍රම කීපයක් හරහා සිදුකරනු ලබන අතර මේ තුලින් මුලික ලෙසම බලාපොරොත්තු වන්නේ පෙර සඳහන් කල ආකාරයටම

I.ජලය රඳවා ගැනීම
II.ජලය ගලා යාම අඩු කිරීම
III.සෝදා පාළුව ආරක්ෂාව

පාංශු තෙතමනය සඳහා සංරක්ෂණ ක්‍රම රාශියක් දැකගත හැකිය.



1. පොහොර කවය වසුන් කිරීම.

මෙම ක්‍රමයේදී ගසේ මුල සිට අඩියක ප්‍රමාණයක් අතහැර
අඩි හයක අරයකින් යුතු වෘත්තාකාර පෙදෙසක් පිදුරු, පොල් අතු සහ පොල් ලෙලි යොදා වසුන් කරනු ලැබේ.

2. පොල්/ලෙලි කොහු බත් වැළලීම

පොල් ලෙලි පසට එක් කිරීමේ වැදගත්කම වන්නේ එහි බර මෙන් හය ගුණයක් ජලය උරා ගැනීමට පොල් ලෙල්ලට ඇති හැකියාවයි.මෙහිදී වර්ෂා
කාලයේදී ලෙල්ලට උරා ගන්නා ජලය පසුකාලීනව පසට මුදා හැරේ. මෙහිදී
පොල් ලෙලි වෙනුවට සඳහා කොහුබත්ද යොදා ගත හැකිය. පොල් ලෙලි වලක
ප්‍රතිපල අවුරුදු 5 - 6 අතර කාලයක් පුරාවට ලබාදෙයි.

මෙහිදී පොල් ලෙලි වැළලීමේ ප්‍රධාන ක්‍රම කීපයක් ඇත.

✔️ පොල් ගස් දෙකක් අතරට එක වලක් යෙදීම
එක පොල් ගසක් සඳහා එක වලක් යෙදීම
✔️ පොහොර කවයට පිටතින් කවාකාර වලවල් යෙදීම
✔️ පොල් ගස් පේලි අතර අඟල් කපා පොල් ලෙලි වැළලීම

3. සමෝච්ඡ කාණු කැපීම

බෑවුම් සහිත පොල් ඉඩම් වල මතුපිට පස පාංශු ඛාදනයෙන් ආරක්ෂාවට මේ ක්‍රමය අනුගමනය කරයි.
මීට අමතරව බෑවුම් සහිත ඉඩම් වල
✔️ සමෝච්ඡ වැටි යෙදීම
✔️ ජීව වැටි යෙදීම
✔️ හෙල්මළු යෙදීම

4. ආවරණ බෝග වගාව, සිදු කෙරේ.

ආවරණ බෝග වගා කිරීම මහා පරිමාණ ඉඩම් වල සිදු කරන ජල සංරක්ෂණ ක්‍රමවේදයකි.
මේ සඳහා වැල් ආවරණ බෝග හා පඳුරු ආවරණ බෝග යොදාගත හැකිය. වැල් ආවරණ බෝග:

✔️ පියුරේරියා
✔️කැල පොගොනියම්
✔️සෙන්ට්‍රොසිමා
✔️සිරාට්ට්‍රෝ

පඳුරු ආවරණ බෝග

✔️ග්ලිඩිසීරියා

ජල සම්පාදනය

පොල් වගාව සඳහා නියමිත ජල මට්ටම නොපැවතීම අස්වනු අඩු වීම සඳහා සෘජුවම බලපානු ලබයි. ජල සම්පාදනය අඩාල වන විට හෝ අඩු වන විට,

I පොල් ගෙඩි සංඛ්‍යාව අඩු වීම
II ගෙඩි වල ප්‍රමාණය අඩු වීම
III පොල් ගස් මියයාම
IV ගැහැණු මල් පිළිසිඳීම අඩු වීම
V නොමේරු ඵල වැටීම, යනාදිය සිදුවේ.

පොල් ගසක ජල අවශ්‍යතාවය පහත සාධකයක් මත වෙනස් වේ.

I පාරිසරික සාධක
II ගසේ වයස
III පාංශු සාධක

ජල සම්පාදනය තෝරා ගැනීමේදී ඒ සඳහා යොදා ගන්නා ජල ප්‍රභවය වියලි කාලයේ නොසිඳෙන එකක් විය යුතුය. ජල සම්පාදන ක්‍රම

I බිංදු ජල සම්පාදනය
II කාණු ජල සම්පාදනය
iii විසුරුම් ජල සම්පාදනය
iii බදුන් සම්පාදනය
V හෝස් ජල සම්පාදනය