How to produce a coconut plant from a coconut – Gradual development from 1st month to 7th month

පොල් ගෙඩියකින් පොල් පැළයක් සාදා ගැනීම - මාස 1 සිට 7 දක්වා ක්‍රමික වර්ධනයේ විස්තර සහ ඡායාරූප

ඔබට නිවසේදීම පොල් ගෙඩියක් තවාන් දමා රෝපණය කර ගැනීමට සුදුසු පැලයක් සාදා ගත හැකියි.තවාන් දැමීම සඳහා අදහස් කරන පොල් ගෙඩිය හොඳ මව් ශාකයකින් ලබා ගත යුතුය

 හොඳ මව් ගසක ලක්ෂණ මතු දැක්වේ.

  1. අතු ලඟින් පිහිටි හොඳින් වැඩුනු ගසක් වීම
  2. උසස් පලදාවක් සහිත වීම
  3. ලං ලංව පත්‍ර පිහිටා තිබීම සහ ගසසේ මුල සිට බලන විට මුදුන ගෝලාකාරව පෙනීම.

    උක්ත සඳහන් ලක්ෂණ වලින් සමන්විත වන පොල් ගසකින් ලබා ගන්නා පොල් ගෙඩිය පහත දැක්වෙන පරිදි විය යුතුය.

    01.රවුම් බවින් යුතු හොඳින් පැසුණු බරැති ගෙඩියක් වීම
    02.පොල් ගෙඩියේ මතුපිට පලුදු නොතිබිය යුතුය
    03.තැරිය සහ නැට්ට වියලී නොතිබිය යුතුය.

වයසමෙය තවාන් දමා ඇති මාසයක් වයස ඇති පොල් ගෙඩියකි.
පළිබෝධකයා පිළිබඳ විස්තරපොල් ගෙඩිය වියළි ස්වරූපයක් ගෙන ඇත.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්මවේයන් ඇතිවිය හැකිය.ඔවුන් ඇසට පෙනේ.ප්‍රතිකර්මයක් ලෙසින් අඩ්මයර් කෘමිනාශක මි.ලි. 1ත් 2ත් අතර ප්‍රමාණයක් වතුර ලීටරයකට දිය කර ඉසීම කළ හැකිය.මෙසේ ඉසිය යුත්තේ ගෙඩිය මතුපිටට සහ එයට ආසන්න පස තෙත් වන පරිදිය.
වයසමෙය තවන් දමා ඇති මාස දෙකක් (2) වයස ඇති පොල් ගෙඩියකි.
පළිබෝධකයා පිළිබඳ විස්තරපොල් ගෙඩිය විවර කරගෙන අංකුරයක් පැන නැගී ඇත.මෙය අවම වශයෙන් අඟල් 1/2ක් පමණ වේ.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්මවේයන් ඇතිවිය හැකිය.ඔවුන් ඇසට පෙනේ.ප්‍රතිකර්මයක් ලෙසින් අඩ්මයර් කෘමිනාශක මි.ලි. 1ත් 2ත් අතර ප්‍රමාණයක් වතුර ලීටරයකට දිය කර ඉසීම කළ හැකිය.මෙසේ ඉසිය යුත්තේ ගෙඩිය මතුපිටට සහ එයට ආසන්න පස තෙත් වන පරිදිය.
වයසමෙය තවන් දමා ඇති මාස තුනක් (3) වයස ඇති පොල් ගෙඩියකි.
පළිබෝධකයා පිළිබඳ විස්තරඅංකුරය අවම වශයෙන් අඟල් 1/2ක් පමණ වේ.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම
වේයන් ඇතිවිය හැකිය.ඔවුන් ඇසට පෙනේ.ප්‍රතිකර්මයක් ලෙසින් අඩ්මයර් කෘමිනාශක මි.ලි. 1ත් 2ත් අතර ප්‍රමාණයක් වතුර ලීටරයකට දිය කර ඉසීම කළ හැකිය.මෙසේ ඉසිය යුත්තේ ගෙඩිය මතුපිටට සහ එයට ආසන්න පස තෙත් වන පරිදිය.
වයසමෙය තවන් දමා ඇති මාස හතරක් (4) වයස ඇති පොල් ගෙඩියකි.
පළිබෝධකයා පිළිබඳ විස්තරඅංකුරය කෙටි පත්‍ර 2ක් බවට පත්වී ඇත.ඒවා අවම වශයෙන් අඟල් 1/2ක් පමණ යුතු වේ.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම
වේයන් ඇතිවිය හැකිය.ඔවුන් ඇසට පෙනේ.ප්‍රතිකර්මයක් ලෙසින් අඩ්මයර් කෘමිනාශක මි.ලි. 1ත් 2ත් අතර ප්‍රමාණයක් වතුර ලීටරයකට දිය කර ඉසීම කළ හැකිය.මෙසේ ඉසිය යුත්තේ ගෙඩිය මතුපිටට සහ එයට ආසන්න පස තෙත් වන පරිදිය.
වයසමෙය තවන් දමා ඇති මාස පහක් (5) වයස ඇති පොල් ගෙඩියකි.
පළිබෝධකයා පිළිබඳ විස්තරපත්‍ර පළල් වීමට පටන් ගනී. ඇත.ඒවායේ දිග අවම වශයෙන් අඩියක් පමණ වේ.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම
වේයන් ඇතිවිය හැකිය.ඔවුන් ඇසට පෙනේ.ප්‍රතිකර්මයක් ලෙසින් අඩ්මයර් කෘමිනාශක මි.ලි. 1ත් 2ත් අතර ප්‍රමාණයක් වතුර ලීටරයකට දිය කර ඉසීම කළ හැකිය.මෙසේ ඉසිය යුත්තේ ගෙඩිය මතුපිටට සහ එයට ආසන්න පස තෙත් වන පරිදිය. පත්‍ර පළල් වීමට පටන් ගැනීමත් සමග ප්ලැසිස්පා හානියද සිදු වීමට හැකි බැවින් ඒ ගැන පරීක්ෂාවෙන් සිටිය යුතුය.ප්ලැසිස්පා පත්‍ර සුරා කමින් ජිවත්වන කෘමියෙකි.මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි.3ක් වතුර ලීටර 1ක දිය කර පත්‍රවලට හොදින් කා වදින ලෙස ඉසින්න.මෙය සති දෙකකට වරක්වත්,ප්ලැසිස්පා හානිය ඉවත් වන තෙක් කළ යුතුය.
වයසමෙය තවන් දමා ඇති මාස හයක් (6) වයස ඇති පොල් ගෙඩියකි.
පළිබෝධකයා පිළිබඳ විස්තරපත්‍ර තුන හතරක් දැකිය හැකි අතර ඒවා අවම වශයෙන් අඩි 2ක් පමණ දිගින් යුතුවේ.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම
වේයන් ඇතිවිය හැකිය.ඔවුන් ඇසට පෙනේ.ප්‍රතිකර්මයක් ලෙසින් ඇඩ්මයර් කෘමිනාශක මි.ලි. 1ත් 2ත් අතර ප්‍රමාණයක් වතුර ලීටරයකට දිය කර ඉසීම කළ හැකිය.මෙසේ ඉසිය යුත්තේ ගෙඩිය මතුපිටට සහ එයට ආසන්න පස තෙත් වන පරිදිය.ප්ලැසිස්පා හානියද සිදු වීමට හැකි බැවින් ඒ ගැන පරීක්ෂාවෙන් සිටිය යුතුය.ප්ලැසිස්පා පත්‍ර සුරා කමින් ජිවත්වන කෘමියෙකි.මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි.3ක් වතුර ලීටර 1ක දිය කර පත්‍රවලට හොඳින් කා වදින ලෙස ඉසින්න.මෙය සති දෙකකට වරක්වත්,ප්ලැසිස්පා හානිය ඉවත්වන තෙක් කළ යුතුය.
වයසමෙය මාස හතක් තවන් ගතව තිබූ,රෝපණය කිරීමට ආසන්නයේ ඇත්තාවූ පොල් ගෙඩියකි.
පළිබෝධකයා පිළිබඳ විස්තරතරමක් හොදින් වැඩුණු පත්‍ර 5ක් පමණ දැකිය හැකිය.පත්‍ර අවම වශයෙන් අඩි 2 1/2ක් 3ක් පමණ දික් වේ.මෙම අවස්ථාවේදී සරුසාර පැළයක් ලෙසින් ශක්තිමත් කඳක්ද, තියුණු දාර වලින් යුතු කොළ පැහැති පත්‍රද ,කෙටි පිතිද දැකිය හැකිවේ.
වැළඳිය හැකි රෝග සහ පලිබෝධ හානි යෝජිත ප්‍රතිකර්ම
වේයන් ඇති විය හැක.ඔවුන් ඇසට පෙනේ.වේයා පොල් ගෙඩියේ ලෙල්ලට හානි කරන අතර ,පසුව පාදස්ථ කොටසටද හානි කරයි. ගොබය මැලවීමේ ලක්ෂණ ප්‍රථමයෙන් පෙන්නුම් කරන අතර ගොබය අතින් ඇද්ද විට පහසුවෙන් ගැලවේ.ප්‍රතිකරමයක් ලෙසින් මි.ලි 1ත් 2ත් අතර ප්‍රමාණයක් වතුර ලීටරයකට දිය කර ඉසීම කල හැකිය.ක්ෂේත්‍රයේ සිටුවන්නේ නම් බිම් පැළයක් නම් ,පැළයේ ගෙඩිය කොටස විනාඩි 3ක් පමණ සකස් කරගත් ඇඩ්මයර් ද්‍රාවණයේ ගිල්වා තබා රෝපණය කළ යුතුය.සිටුවන්නේ බදුන් පැළයක් නම්,මුල් අවට හොදින් තෙමෙන සේ ඇඩ්මයර් යෙදිය යුතුය.ප්ලැසිස්පා හානියද සිදු වීමට හැකි බැවින් ඒ ගැන පරීක්ෂාවෙන් සිටිය යුතුය.ප්ලැසිස්පා පත්‍ර සුරා කමින් ජිවත්වන කෘමියෙකි.මොවුන් මර්දනය සදහා මාෂෙල් 20 රසායනිකය මි.ලි.3ක් වතුර ලීටර 1ක දිය කර පත්‍රවලට හොදින් කා වදින ලෙස ඉසින්න.මෙය සති දෙකකට වරක්වත්,ප්ලැසිස්පා හානිය ඉවත් වන තෙක් කළ යුතුය.

වැදගත්

මෙම සෑම වයස් කාණ්ඩයකදීම පහත දැක්වෙන කරුණු ගැන සැලකිල්ල දැක් විය යුතුවේ.

  1. සූර්යාලෝකය නිසි පරිදි පතිත වන බවට වග බල ගැනීම.
  2. ප්‍රමාණවත් පරිදි ජලය යෙදීම
  3. ප්‍රාමාණිකයක්ගේ නිර්දේශයට අනුව නම් තවාන් කළ පොල් පැළ සදහා පොහොර යෙදීම අවශ්‍යය නොවේ
  4. නිරන්තර පරික්ෂාව මගින් පලිබෝධ හානිය වළක්වා ගැනීම