“A coconut plant from a coconut seed” The series of programs conducted in the Gurudeniya Madhya Maha Vidyalaya for the uplifting of coconut cultivation throughout Sri Lanka

“පොල් බීජයකින් පොල් පැළයක්” පොල් වගාවේ ප්‍රවර්ධනය සඳහා ගුරුදෙණිය මධ්‍ය මහා විද්‍යාල පරිශ්‍රයේ සිදුකළ වැඩසටහන් මාලාව

ගුරුදෙණිය මධ්‍ය මහා විද්‍යාලය

2022 වසරේ අප්‍රේල් මස අප පල කළ ෆේස්බුක් සටහනකට ප්‍රතිචාර දක්වමින්, මහනුවර ගුරුදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ ඉගැන්වීම් කටයුතු සිදු කරන්නා වූ බිසෝමැණිකේ මහත්මිය ක්‍රියාන්විතය හා සම්බන්ධ වූවාය. මධ්‍යම පළාතේ good hands විසින් පාසල් ආශ්‍රිතව සිදු කළ වැඩසටහන් ඇයගේ මහත් ඇගයීමට ලක් වූ කරුණක් වූ අතර පසුව අපගේ ඉල්ලීම් වලට අනුව එම පාසලේ විදුහල්පති හා සිදුකළ සාකච්චා වට ගණනාවකින් පසු වැඩසටහනකට මග සෑදුණි. මෙම පාසල පිහිටා තිබුණේ මහනුවර නගරයේ සිට රිකිල්ලගස්කඩ දක්වා වූ ප්‍රධාන මාර්ගයට යාබදවය. 6 වසරේ සිට උසස් පෙළ දක්වා සිසුන් 1000කට අධික ප්‍රමාණයක් දැනට මෙම පාසලේ ඉගෙනුම ලබයි. දීර්ඝ දුරකථන සංවාද කීපයකට පසු පාසලට පැමිණ ව්‍යාපෘතිය සහ වැඩිදුර විස්තර සාකච්ඡා කරන ලෙස විදුහල්පතිතුමාගෙන් අප වෙත ආරාධනාවක් ලැබිණි. ඒ අනුව, අප පාසලට ගොස් විදුහල්පතිවරයා සමඟ සාකච්ඡාවෙන් අනතුරුව වැඩසටහනකට සඳහා මූලික පියවරයන් ගත හැකි විණ.

සැප්තැම්බර් මස අවසාන සතියේදී අප කණ්ඩායමට පාසලේ good hands වැඩසටහන දියත් කිරීමට හැකි විය. මේ අනුව පැවති මූලික දැනුවත් කිරීමේ වැඩසටහන වෙත, විද්‍යාලයීය අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය, මහනුවර දිස්ත්‍රික් ගුරු උපදේශක, දෙමාපියන් සහ සිසු සිසුවියන් රැසක් යුහුසුලුව සහභාගි විය. පොල් වගාව කළමනාකරණය කර ගැනීම සහ good hands ව්‍යාපෘතිය වෙතින් සිදු වන්නා වූ මෙහෙවර ඉදිරි පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ වත්මන් පොල් වගාවේ තත්ත්වය සහ එහි අනාගතය පිළිබඳව පැය කිහිපයක් මෙම සාකච්ඡාව පැවැත්විණි විදුහල්පති සහ ගුරු උපදේශකගේ නොමද සහය ඔස්සේ එය සිදු කෙරිණ. මින් පසුව පාසැලේ කෘෂිකාර්මික ගොවිපළේ විවෘත කොටසක් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා තෝරාගෙන ඒ සදහා අවශ්‍ය දැනුම හා බීජ තවාන් කිරීමේ ශිල්පීය ක්‍රම මෙන්ම පොල් වගාව හා වෙනත් බෝග සම්බන්ධ ගැටළු වලට විසඳුම් දෙමාපියන්ට සහ සිසුන් හට ලබා දෙන ලදී. පාසලේ සම්බන්ධ වූ සිසු සිසුවියන් මහත් උනන්දුවක් දක්වන ආකාරය මැනෙවින් දක්නට ලැබුණි.

මීළඟ පියවර වූයේ සිසුන්ගේ මූලික සහභාගිත්වය යටතේ සහ ඔවුන්ට ලබා දෙන ප්‍රායෝගික පැවරමක් ලෙස බීජ 100කට අධික ප්‍රමාණයක් තවාන් කිරීමය. සිසු දෙමාපිය එකමුතුවෙන් එම කර්තව්‍යය සහ පාසල් පරිශ්‍රයේ පොල් පැළ රෝපණය කිරීමක්ද සිදු කෙරුණේ අවශ්‍ය සෑම ප්‍රායෝගික කරුණක්ම පාහේ අප විසින් ලබා දීමෙන් අනතුරුවය. පාසල් ව්‍යාපෘතිය අවසානයේ සහභාගී වූ දෙමාපියන්ට සහ ගුරුවරුන්ට රෝපණයට පොල් පැළ සමඟ තවාන් කිරීමට පොල් බීජ ලබා දෙන ලදී. අනාගතයට ආයෝජනයක් ලෙස, good hands අත්පොත් 50කට අධික ප්‍රමාණයක් විදුහල්පති හරහා පාසල් පුස්තකාලයට භාර දීමටද අප කණ්ඩායම කටයුතු කරන ලදී. තවද good hands අත්පොත සම්බන්ධ වූ සියලු දෙනාට ලබා දීමෙන් අනතුරුව බීජ වර්ධනය සටහන් කරන ආකාරය පැහැදිලි කිරීමෙන් වැඩසටහන නිමා කරන ලදී.

තලාතුඔය පොලිස් ස්ථානය

විදුහල්පති තුමියගේ දැනුවත් කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පොලිස් ස්ථානය වන තලාතුඔය පොලිස් ස්ථානයට අප කණ්ඩායම ගමන් ගත්තේය. පොලිස් ස්ථානාධිපති ක්‍රිෂාන්ත මහතා අපව පිළිගෙන තලාතුඔය පොලිස් ස්ථානය තෝරා ගැනීම සම්බන්ධයෙන් සහ ප්‍රජා වැඩසටහන් ගම් මට්ටමින් සංවිධානය කිරීම පිළිබඳව good hands වෙත සතුට පළ කරන ලදි. එම පොලිස් ස්ථාන පරිශ්‍රයේ දී පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පොල් බීජ තවාන් කිරීමක්, රෝපණයට පොල් පැළ ලබාදීමක් මෙන්ම good hands අත්පොත් සහභාගි වූවන් අතර ඛෙදා දීමක් ද සිදු කරන ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.