Series of GHI programmes carried out at Dunkumbura village for the promotion and safety of coconut cultivation.

පොල් වගාවේ ප්‍රවර්ධනය සහ සුරක්ෂිතතාවය සඳහා දුන්කුඹුර ගම්මානයේදී සිදුකළ වැඩසටහන් මාලාව

දුන්කුඹුර ටැම්පිට විහාරස්ථානය සහ දුන්කුඹුර ගම්මානය

මෙම වසරේ good hands ක්‍රියාන්විතය සිදු කළ ක්‍රියාදාමයන් අතුරින්, තවත් විශේෂිත වැඩසටහන් මාලාවක් මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද ප්‍රදේශයේ දී පසුගිය ඔක්තෝබර් මස අග භාගයේදී සංවිධානය කිරීමට භාග්‍යය අප කණ්ඩායමට උදා වුණි. ෆේස්බුක් පිටුව සහ වෙබ් අඩවිය පරිශීලනය කර අප සමග බොහෝ කාලයක් මුළුල්ලේ සම්බන්ධ වූ හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි රුවන් අඹන්වල ගොවි මහත්මා, මෙම වැඩසටහන් මාලාවට මූලික දායකත්වය සහ අනුග්‍රහය සැපයිය.

සම්බන්ධීකාරක රුවන් මහතාගේ ආරාධනයට අනුව සැප්තැම්බර මාසයේදී මෙම ගම්මානය වෙත අප පැමිණ, ගම්මානයේ ප්‍රධාන විහාරස්ථානය වන්නාවූ දුන්කුබුර ටැම්පිට විහාරයේදී, ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී සහ විහාරස්ථානයේ ප්‍රධාන නාහිමි වන සෝමානන්ද ස්වාමීන් වහන්සේ සමග මූලික වටයේ සාකච්ඡා සිදු කෙරිණ. සති කිහිපයක් පුරාවට ‍සම්බන්ධීකාරක රුවන් මහතා සමග අප සිදුකළ සන්නිවේදන වලින් සහ ඔහුගේ කැපවීම මධ්‍යයේ වැඩසටහන් සදහා සංවිධානය කටයුතු ඔක්තෝබර් මස අවසන් සතියේ දී නිම කළ හැකි විය.

වැඩසටහන පැවැත්වීමට මූලික කරගත්, දුන්කුඹුර ටැම්පිට විහාරයේදී, ගම්වැසියන් සියයකට අධික ප්‍රමාණයකගේ සහභාගීත්වයෙන් එදින අලුයම කාලයේදීම දැනුවත් කිරීමේ සැසිය ඇරැඹිණ. විශේෂයෙන්ම මේ සදහා හතරලියද්ද, ප්‍රාදේශීය ලේකම් හේමන්ත කුමාර මහත්මයා, සුධර්මා මල්කාන්ති ග්‍රාම නිළධාරී තුමිය, ග්‍රාම සංවර්ධන මන්ඩලයේ සභාපති තුමා, සෝමානන්ද විහාරස්ථානයේ ප්‍රධානාචාර්‍ය ස්වාමීන්වහන්සේ සහ එම ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධන මණ්ඩලයේ නිළධාරීන් කිහිප දෙනෙකු ස්වකැමැත්තෙන් සහ ව්‍යාපෘතිය අගය කරමින් සහභාගි වූ අතර එය good hands හි අපට මහත් ශක්තියක් විය. පොල් වගාව සහ ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ දීර්ඝ වශයෙන් පැමිණ සිටි ගමිවාසීන්ගේ නොමද සහයෝගය මධ්‍යයේ good hands විසින් සහභාගි වූවන් දැනුවත් කෙරිණ.

ව්‍යාපෘතියේ දෙවන සැසිය ලෙස පොල් බීජ සාර්ථකව තවාන් කරගැනීම සහ පොල් පැළ රෝපණය පිළිබඳව ප්‍රායෝගික දැනුම අප විසින් ලබාදීම ගැමි ජනතාව වෙත සිදු කෙරිණ. ඔවුන්ගේ සාම්ප්‍රදායික ඥානයට ගරු කරමින් සහ ඒ ඒ සාම්ප්‍රදායික කරුණු විද්‍යානුකූල ගලපා සාකච්ඡා කිරීම මගින් අපට නිවැරැදිව වගා කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න උකහා පෙන්වා දිය හැකිවිය. මීට අමතරව විහාරස්ථානයේ කප්රුක් රෝපණය වැඩසටහනක් ද අපට සිදු කළ හැකි විය.

වර්තමානයේදී වසංගත තත්ත්වයක් ලෙසට වර්ධනය වෙමින් පවතින සුදු මැස්සාගේ හානිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමක් ඉහත වැඩසටහන් අවසානයේ දී අප විසින් විශේෂයෙන්ම පැවත් විණ. මෙම විශේෂ දැනුවත් කිරීමට හේතු වූයේ, මධ්‍යම පළාතේ 2022 වසරේ ඔක්තෝබර් මාසය වන විට සුදු මැස්සාගේ හානිය උග්‍ර මට්ටමක නොපැවතින බව අප අධ්‍යන වලදී පැහැදිලි වූ නිසා, මූලික අදියරේදීම සූදානම් වීමට අවශ්‍ය කරුණු ගොවි ජනතාවට පහදාදීම මුලික අරමුණු කොටගෙනය.

අවසානයේදී වැඩසටහනට සම්බන්ධ වූ පවුල් වෙත තවාන් කිරීමට පොල් බීජ, රෝපණයට පොල් පැළ සහ good hands අත්පොත නොමිලයේ බෙදාහැරීම අප විසින් සිදු කෙරුණි. ලබාදුන් බීජ සහ පැළ රෝපණය, විධිමත් ලෙස අධ්‍යනය කිරීම සදහා ගම්මානයේ ජනතාව කන්ඩායම් කර, ඒ ඒ කණ්ඩායමට නායකයන් පත් කරන ලදී.

හතරලියද්ද පොලිස් ස්ථානය

අප කන්ඩායමේ දැනුවත් කිරීමට අනුව සහ හතරලියද්ද පොලිස් ස්ථානයේ, ස්ථානාධිපති කැලුම් තරංග මහත්මයා අප ව්‍යාපෘතිය වෙත මහත් අවධානය යොමු කෙරිණ. ඒ අනුව වැඩබලන පොලිස් ස්ථානාධිපති නිලධාරී සුසිල් මහතා හට අප ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳ දැනුවත් කිරීම සහ good hands අත්පොත් පොලිස් ස්ථානය වෙනුවෙන් ලබා දෙන ලදී. හතරලියද්ද පොලිස් ස්ථානය පැවති ස්ථානය තාවකාලික තැනක් වූ බැවින් රෝපණය සදහා පොල් පැළ ලබාදීම සිදු කෙරිණ.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.