ස්ථානය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිටබැද්දර, අකුරැස්ස
ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ පිටබැද්දර සහ අකුරැස්ස නිස්කලංක පරිසරය මූලික කොට ගෙන 2024 ජූලි මස මුලදී 77 වන "බීජයේ සිට සාර්ථකත්වය දක්වා" වැඩසටහන ආරම්භ කිරීම සඳහා වේදිකා තැනිණ. ජාතික තරුණ සේවා සභාව (NYSC) විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන පිටබැද්දර ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් ප්‍රසංගිකා මහත්මිය සහ තරුණ සේවා අංශය භාර නිලධාරීනී එන් කේ ධම්මික මහත්මියගේ මැදිහත් වීම පරිදි, පොල් වගාව කෙරෙහි තිරසාර කෘෂිකාර්මික භාවිතයන් තුළින් ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම අරමුණු කර ක්‍රියාත්මක කිරීමට සැලසුම් යොදන ලදී.
ගම පදනම් කරගත් කෘෂිකාර්මික වැඩසටහන්වල පරිවර්තනීය හැකියාවන් හඳුනා ගත් තරුණ සේවා සභාවේ ලේකම් ඒ එච් සිනෙත් මහතා එදින වැඩසටහන මෙහෙයවන ලදී. අප පෙර පැවැත්වූ වැඩසටහන්වල සාර්ථකත්වය මත පදනම්ව, ආර්ථික වශයෙන් අභියෝගයට ලක් ජනතාව වෙසෙන පිටබැද්දර ප්‍රදේශයේ සියලුම වගාකරුවන් සහ පොල් පිළිබඳ උනන්දුවක් දක්වන අය මෙහිදී ආරාධනා ලැබිණ.
පිටබැද්දර නගර මධ්‍යයේ පිහිටා ඇති මහ - නගර ශාලාව වැඩසටහනේ ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානය විය. ගම්වාසීන්, ගොවීන් සහ තරුණ ප්රජාවන්ගේ සාමාජිකයින්, ආසන්න වශයෙන් පුද්ගලයන් 100 කට වැඩි ප්‍රමාණයක් පමණ මෙම සාරවත් ක්‍රියාකාරකම් වෙත උනන්දුවෙන් සහභාගී වීමත් සමඟ වැඩසටහන ආරම්භ විය. තිරසාරත්වය සහ සමාජ වගකීම් අංශයේ සහකාර කළමනාකරු එල් බී කොන්ගහවත්ත මහතා ඇතුළු කථිකයන් සහ තරුණ සේවා සභාවෙහි ප්‍රධාන නිළධාරීන්, කෘෂිකාර්මික අභියෝග සහ නව්‍ය වගා ක්රමෝපායන් මූලිකවම දැනුවත් කළ අතර, සහභාගී වූවන් අතර තිරසාර භාවිතයන් සඳහා නව උනන්දුවක් ඇති කිරීමට එදින සැසිය ප්‍රයෝජනවත් වූ බව සහභාගි වූ සියළු නිළධාරීන්ගේම අදහස විය. කෘෂිකර්මාන්තය පිළිබඳ වූ ප්‍රායෝගික අවබෝධය ගැඹුරු ලෙස දැනුවත් කිරීමට තරමක් සූක්ෂම ලෙස සැලසුම් කරන ලද ප්‍රායෝගික සැසි මඟින් අප කණ්ඩායමට, සහබාගිවූවන් සියළු දෙනාහට සාර්ථක අත්දැකීමක් ලබා දීමට හැකි විය.
ඒ අනුව Good hands කණ්ඩායම් කෘෂි විශේෂඥයින්ගේ සහ කැපවූ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරි සහ ප්‍රජා නායකයින්ගේ මගපෙන්වීම යටතේ සහභාගිවූවන් වෙත පොල් වලවල් සැකසීමේ සිට නියමිත තවාන් වල පැළ පෝෂණය කිරීම දක්වා ක්‍රියාකාරකම්වල ප්‍රායෝගිකත්වය පිළිබඳව දැනුවත් කිරීම සිදුවිය. ගම්වාසී ප්‍රජා නායකයින්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, කෘෂිකාර්ම ආශ්රිත ක්ෂේත්රවල උසස් අධ්‍යාපනය හැදෑරීමට තරුණ සහභාගි වූවන්ගේ දිරිගැන්වීම සඳහා සම්මන්ත්රණයක්ද මීට සමගාමීව සංවිධානය කෙරුණි. නවීන කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ දියුණු වීමට අවශ්‍ය දැනුම හා කුසලතාවන්ගෙන් පුද්ගලයන් සන්නද්ධ කිරීම, එමඟින් ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම මෙම මුලපිරීමේ අරමුණ විණ.
තිරසර කෘෂිකර්මාන්තය සඳහා වූ සාමූහික කැපවීම සංකේතවත් කරමින් සහභාගි වූ සහ සංවිධානය කළ සියලු දෙනා හට, ගෙවත්තේ සිටුවීමට පොල් පැළ බෙදාදීම සිදු අවසානයේ දී සිදු කෙරිණි. අමතරව "පොල් වගා අත්පොත් සහ පත්‍රිකා" ද මේ අතරදි නොමිලේ බෙදාදුනි. අඛණ්ඩව වගාව, වගා ආරක්ෂාව සහ තිරසාර කෘෂිකාර්මික කටයුතුවල වැදගත්කම අවධාරණය කරමින් අප මව් ආයතනයෙන් සහ good hands ව්‍යාපෘතයෙන් ඉදිරියට පවතින සහයෝගය පිළිබඳ පුළුල් සාකච්ඡාවකින් වැඩසටහන අවසන් විය.
ප්‍රතිචාරයක් සටහන් කරන්න