බීජ සිට සාර්ථකත්වයට - 76 වැනි ප්‍රජා මූලික වැඩසටහන් මාලාව
ස්ථානය: ඉඟුරුවත්ත ශ්‍රී සිද්ධාර්ථ මහා පිරිවෙන, දොළුව ග්‍රාම නිළධාරී වසම, ගම්පොල
ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතට අයත් ඉඟුරුවත්ත ශ්‍රී සිද්ධාර්ථ මහා පිරිවෙන් පරිශ්‍රයේ දී, 76 වැනි ප්‍රජා මූලික පාරිසරික වැඩසටහන් මාලාවට 2024 මැයි මස මුලදී දොරටු විවර වීමත් සමගය. ගුඩ් හෑන්ඩ්ස් ව්‍යාපෘතිය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන් මාලාවට, එන්.ජී. එස් සුබද්‍රා මහත්මිය එනම් දොළුව කෘෂිකාර්මික පාරිසරික හා සමාජ පාරිසරික සංවිධානයේ අධ්‍යක්ෂකගේ ආරාධනාවට අනුව, තිරසාර කෘෂිකාර්මික භාවිතයන් තුළින් ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම අරමුණු කර ගෙන ක්‍රියාත්මක වින.
දොළුව ප්‍රාදේශීය ලේකම්, ඩබ්ලිව්.ජී.වයි.ඩී. දයාරත්න මහත්මියගේ අදහසකට අනුව ආරම්භ කරන ලද කෘෂිකර්මික වැඩසටහන් මාලාවකට අනුබද්ධිතව මෙම මුලපිරීමේ බීජ වපුරන ලදී. එමගින්, ගම්මාන මූලික කරගත් කෘෂිකාර්මික වැඩසටහන්වල පරිවර්තනීය හැකියාව හඳුනා ගනිමින් එය දියත් කිරීමටද අපට හැකියාව සහ සහය ඔවුන්ගේ නොඅඩුව ලැබිණ. ඒ අනුව දීර්ඝ වශයෙන් සිදුකරන ලද සාකච්ඡා වලට අනුව ඵලදායී වැඩසටහන් මාලාවක් රාජ්‍ය මැදිහත්වීමද කැටුව දියත් විණ.
පේරාදෙණිය ගලහ මංසන්ධියට නුදුරින් මනරම් පරිසරයක පිහිටි ඉඟුරුවත්ත ශ්‍රී සිද්ධාර්ථ මහා පිරිවෙන ගම්පොළ කලාපයේ දහම් අධ්‍යාපනයේ තෝතැන්නක්ය. මහත් උද්යෝගයකින් සහභාගි වූ ගම්වාසීන්, ගොවීන් සහ තරුණ ප්රජාවන්ගේ සාමාජිකයින් ද සමග ආසන්න වශයෙන් පුද්ගලයන් 150 ක් පමණ, ග්‍රාමීය ජනතාවක් අප වැඩසටහන ආරම්භයේ සිටම සහ ක්‍රියාකාරකම් සඳහා උනන්දුවෙන් සහභාගී වීණ. වැඩසටහනේ ප්‍රධාන විධායක නිලධාරී සහ තිරසාරත්ව අංශයේ සහකාර කළමනාකරු ඇතුළු සම්භාවනීය කථිකයන් කෘෂිකාර්මික අභියෝග සහ වගා ක්රමෝපායන් පිළිබඳව යාවත්කාලීන වූ තොරතුරු දැනුවත් කළ අතර, සහභාගිවන්නන් අතර තිරසාර භාවිතයන් සඳහා ආශාවක් දැල්වීය හැකි වූ බව දැකියහැකි විය. අන්තර්ක්‍රියාකාරී සැසි සහ තොරතුරු ඉදිරිපත් කිරීම් තුළින් සහභාගිවූවන්ගේ කෘෂිකර්මාන්තය පිළිබඳ අවබෝධය ගැඹුරු කළ අතර ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද ප්‍රායෝගික සැසි මඟින් ප්‍රායෝගික ඉගෙනුම් අත්දැකීම් සඳහා ඉඩ ලබා දීමක් ද සිදුවිණ. වැඩසටහනේ නිළධාරීන්ගේ සහ කැපවූ ගම්මානයේ ප්‍රජා නායකයින්ගේ මගපෙන්වීම යටතේ සහභාගිවූවන් හට පොල් වලවල් සකස් කිරීමේ සිට නියමිත තවාන් වල පැළ රෝපණය කිරීම දක්වා වූ ක්‍රියාකාරකම් මූලිකවම දැනුවත් කරන ලදී.
ප්‍රජා නායකයින්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, අප විසින් තරුණ වයස් මට්ටම් වල සහභාගිවූවන් වෙත කෘෂිකර්මාන්තයට සම්බන්ධ ක්ෂේත්රවල උසස් අධ්‍යාපනය සහ අපනයන ක්ෂේත්රය හැදෑරීමට පෙළඹවීම සඳහා සම්මන්ත්රණ මාලාවක්ද සංවිධානය කළේය. නවීන කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ දියුණු වීමට අවශ්‍ය දැනුම සහ කුසලතාවන්ගෙන් පුද්ගලයන් සන්නද්ධ කිරීම, එමඟින් ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් වැඩිදියුණු කිරීම මෙම මුලපිරීමේ අරමුණ විය. තිරසාර කෘෂිකර්මාන්තය සඳහා වූ සාමූහික කැපවීම සංකේතවත් කරමින් පොල් පැල සහ බීජ 150කට වැඩි ප්‍රමාණයක් සහ පොල් බීජද බෙදාදීමක්ද එදින සිදු කෙරිණි. දටුවන්ගේ සහභාගීත්වය ඇගයීම වෙනුවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කරන ලද අතර, සහභාගිවූවන්ගේ දැනුමට අතිරේකව සහ අඛණ්ඩ ඉගෙනීම ප්‍රවර්ධනය කිරීම සඳහා අප පිළියෙල කරන ලද පොල් වගා කිරීමේ අත්පොත්ද නොමිලේ බෙදා දෙන ලදී.
ප්‍රතිචාරයක් සටහන් කරන්න