Seed Coconut Nursing and Knowledge Distribution Project for the residents of the Kuruwita, at the Kuruwita Police Headquarters by Good Hands Initiative with the objective of encouraging Sri Lankans to cultivate coconut.

කුරුවිට පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී, බීජ පොල් තවාන් දැමීම මූලික කරගනිමින් සිදුකරනු ලැබූ වැඩසටහනක්, මැයි මස මුල් සතියේදී, එහි නිළධාරීන්ගේ ඇරියුමින් සිදු විය. 

පොලිස් නිළධාරීන්ගේ අනුග්‍රහයෙන් පැවැති වැඩසටහනට කුරුවිට ප්‍රදේශය අවට පොල් වගාව පිළිබඳ උනන්දුවක් දැක්වූ ගොවි මහත්ම මහත්මීන් පිරිසක් සම්බන්ධ වූ අතර, ඔවුනොවුන්ට මතුවූ ගැටලු සහ යෝජනා පිළිබඳ සුහදව සාකච්ඡා කර දැනුම හුවමාරු කරගැනීමට good hands අපට හැකිවිය. තවද, රැස්ව සිටි අය වෙත බීජ පොල් තවාන් දමන ආකාර ප්‍රායෝගිකව පහදා දීමද, මෙම පරිශ්‍රයේදී සිදු කෙරුණි.

මෙහිදී good hands විසින් මූලිකවම පැහැදිලි කරන ලද්දේ, පොල් පැළ සොයාගැනීම සඳහා අපතේ දමන කාලය ඉතා ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගැනීමට සුදුසුම සහ විශ්වාසදායීම ක්‍රමය “තම නිවසේදීම පොල් ගෙඩියක් තවාන් කර පොල් පැළයක් සාදාගැනීම” බවයි. තවද අපගේ දැක්ම පිළිබඳව විශ්වාසය තබා පැමිණි පිරිස වෙත බීජ පොල් සහ පොල් පැළ බෙදා දීමද සිදු කෙරුණේ, එක් පුද්ගලයෙක් එක් පොල් පැළයක් හෝ සිටුවීම සඳහා වන අත්වැලක් ලෙසිනි.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.