Good hands ක්‍රියාන්විතයේ වැඩසටහන් සහ එහි අරමුණ පිළිබඳ සමාජ මාධ්‍ය හරහා මනා ලෙස දැනුවත් වීමකින් අනතුරුව උපුල්වෙහෙර කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව් එම් කමල් මහත්මා, අප වෙත සක්‍රීයව සම්බන්ධ විය. ගලේවෙල - කලාවැව දක්වා වූ මාරගයේ දී හමුවන ආඩියාගල නගරයේ සිට කිලෝමීටර් 10-15 පමණ ඇතුළත නෑගම්පහ නම් වූ ගම්මානය පිහිටා ඇත. වන අලි තර්ජන වලින් නොඅඩු මෙම ගම්මානය ඉතාමත් දුෂ්කර ජීවිතයකට හිමිකම් කියන ගැමියන්ගෙන් සමන්විත වූ අතර ඔවුන්ගේ මූලික ජීවනෝපාය වූයේ ද කෘෂිකර්මාන්තයයි.
2023 අප්‍රේල් මාසයේදී විදුහල්පති, නෑගම්පහ ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡාවක් සඳහා අප වෙත ආරාධනා කළ අතර තවද කලාවැව ප්‍රදේශයට අනුයුක්ත අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාද මේ අයුරින් සම්බන්ධ කර ගැනිණ. අනතුරුව වැඩසටහන් සංවිධානය කිරීමේ මූලික කටයුතු ඇරැඹි අතර වැඩසටහන දියත් කිරීම මැයි මස අගභාගයේදී සිදු කෙරිණ.
සියළු මූලික සූදානම්වීම් වලින් අනතුරුව good hands ක්‍රියාන්විතය දියත් කරලීමට යෝජනා වූ උපුල්වෙහෙර කණිෂ්ඨ විද්‍යාල පරිශ්‍රයේ වෙතට අපට පැමිණිය හැකි විය.
මෙදින උදෑසනම පොල් වගාවේ ප්‍රවර්ධනය උදෙසා පැවති උපදේශනාත්මක වැඩසටහන වෙත නෑගම්පහ ප්‍රදේශයේ ග්‍රාම සේවා නිළධාරී එම් එම් ඒකනායක මහත්මිය, සංවර්ධන නිලධාරී එම් කේ විජේතුංග මහත්මිය, ප්‍රාදේශීය ගොවි සමිති සභාපති කේ ආර් හේරත්, විදුහල්පති, ගුරු දෙගුරුන් සහ එම පාසලේ සියළුම සිසු සිසුවියන් සම්බන්ධ විය. මෙහිදී දැනුවත් කිරීමේ වැඩසටහන වෙත සිසුන්ගේ තිබූ මහත් උනන්දුව හේතුවෙන් අප කණ්ඩායම විසින් ඔවුන් වෙත පාසල් උපකරණ බෙදාදීමක්ද සිදු කෙරිණ.
සාමාන්‍ය පරිදි පළමු ප්‍රායෝගික කටයුත්ත ලෙස සහ දරුවනට පරිසර ආශ්‍රිත පැවරුමක් වූ, පොල් බීජ තවාන් යෙදීම “එක් දරුවකුට එක් බීජයක්” ලෙසින් සිදුකෙරිණ. පසුව ගුරුවරුන්ගේ, ගම්වාසීගේ දෙමාපියන්ගේ නොමඳ සහයෝගය මධ්‍යයේ පාසල් පරිශ්‍රයේ “එක් සිසුවෙකුට එක් පොල් පැළයක්” මැයෙන් කප්රුක් රෝපණය වැඩසටහනක් සිදු කළ හැකිවිය. මෙහිදී දරුවන් තම මව හෝ පියා සමඟ, ඇරඹුමේදී ලබාදුන් උපදෙස් වලට අනුකූලව පාසලේ අතහැර දමා තිබූ කොටස් තුළ රෝපණ කටයුතු කරන ලදී.
අනතුරුව පොල් බීජ, පැළ සහ පොල් පිළිබඳ තොරතුරු ඇතුලත් good hands අත්පොත ද වැඩසටහන් වෙත සක්‍රීයව සම්බන්ධ වූ සියලු ගම්වාසීන්හට නොමිලේ බෙදාහරින ලදී. අවසානයේ දී පාසල් පුස්තකාලය වෙතද good hands පොල් පිළිබඳ අත්පොත් ප්‍රදානය කිරීමක් විදුහල්පතිතුමා වෙත අප කණ්ඩායමේ ප්‍රධාන විධායක නිළධාරීතුමා සුරතින් සිදු කෙරිණ.
ප්‍රතිචාරයක් සටහන් කරන්න