Planting Coconut Plants

පොල් පැළ සිටුවීම

පොල් වගාවේ පලදායි ආයු කාලය වසර 60 ක් පමණ වන නිසා තෝරා ගන්නා පැළය උසස් පැළයක් විය යුතු අතර එය සාර්ථක පොල් වගාවක පදනමයි. නිවැරදි සාරවත් ශාඛයකින් ගන්නා බීජ පොල් තවාන් කර හොද පොල් පැළයක් නිර්මාණය කරගනු ලබයි. මෙම පැළ පොල් වගා කිරීමේ මණ්ඩලයේ තවාන් වලින් ලබා ගත හැක.

ප්‍රධාන වශයෙන් පොල් පැළ ලබා ගැනීමේදී එය දෙයාකාරයකට ලබා ගත හැකි අතර,

I.බිම් පැළ

බීජ පොල් තවාන් කර මාස 07 ක් ඉකුත් වූ පසු සිටුවීමට සුදුසු පැළ පමණක් සිටුවයි.

ii.බඳුන් පැළ

තවාන් භුමියේ තවාන් කළ බීජ පොල් වල බීජ අංකුරය අඟල් ½ පමණ වන විට බඳුන්ගත කරනු ලබයි මෙහිදී ඔබ බඳුන් ගත පැළ ක්ෂේත්‍රයේ සිටුවීම වාසිදායක වේ.

උසස් ගුණාත්මක පොල් පැළයක ලක්ෂණ

i. මහත කඳකින් යුක්ත වීම.
ii. මැද තද කොළ පැහැති අතු තිබීම.
iii. අතු පළල්ව විහිදී තිබීම.
iv. කෙටි පිති සහිත වීම.
v. පත්‍ර 4-5 කින් සමන්විත වීම.
vi. තියුණු පත්‍ර දාර තිබීම.
vii. රෝග පලිබෝධ වලින් තොර වීම.

පොල් පැළ සිටුවීම හා පරතරය

බඳුන් පැළයක් නම්, පොලි බෑගයේ යට පැත්ත කපා එය පසින් පුරවන ලද වලෙහි තැන්පත් කළ යුතුය .මේ සඳහා වලෙහි පිරි පසෙන් අවශ්‍ය වන තරමේ ප්‍රමාණයක් ඉවත් කළ යුතු වේ. අවසානයේ දී මූලයන්ට හානියක් නොවන පරිද්දෙන් පරිස්සම් සහිතව උගුල්ලා ගත යුතුයි.

පොල් පැළ සිටුවීම හා පරතරය

හොදින් හිරු එළිය ලැබෙන, ජලය බැසයන වැලි මිශ්‍ර ලෝම පසක් පැළය සිටවීම සදහා තෝරාගත යුතුය

පොල් වල අඩි 3’ X 3’ X 3’

පොල් වගාව තුළ මුලික ලෙසම පැළ සිටුවන ක්‍රමය හා නිර්දේශිත පරිසරය මත අවශ්‍ය පොල් පැළ සංඛ්‍යාව තීරණය වේ.

සිටුවන ක්‍රමයපැළ අතර පරතරයඅක්කරයකට පැළ සංඛ්‍යාව
සමචතුරස්‍රාකාර ක්‍රමය
26’ x 26’

24 x 24′
64

72
පළල් පේලි ක්‍රමය
26’ x 32’
52
විශේෂ පළල් පේළි ක්‍රමය26’ x 40’
42

පොල් වගාවට වඩාත් යෝග්‍ය පැළ සිටුවීමේ ක්‍රමය වන්නේ සමචතුරස්‍රාකාර ක්‍රමයයි. පොල් භෝගය සූර්යාලෝකයට ලැදි භෝගයක් වන නිසා වැඩුණු අත්තක දිග අඩි 10-12ත් වෙන නිසා විහිදීමට මෙම පරතරය අත්‍යවශයය.

ක්ෂේත්‍රයේ පැළ සිටුවීමට මාස 1-2 පෙර වලවල් සකස් කල යුතුය. වලෙහි ප්‍රමාණය පස් වර්ගය අනුව වෙනස් වේ.

වැලි ලෝම පසෙහි - අඩි 3×3× 3
බොරළු තිරිවානා සහිත පසෙහි - අඩි 4 ×4 ×4

තෙත් හා අතරමැදි කලාපවල යල ( මැයි/ජුනි) හා මහ ( ඔක්තෝබර්/නොවැම්බර්) වන කන්න දෙකේදීම පැළ සිටුවිය හැක. එහෙත් වියළි කලාපයේ පැළ සිටුවීම නිර්දේශ කරනුයේ මහ කන්නයේදී පමණි
.