ලංකාවේ නොයෙක් පොල් වගාකරන ප්‍රදේශයන්හි පසෙහි පවතින ප්‍රධාන ශාක පෝෂකයන්‌ගේ ඌණතාවයන් සෘජුවම පොල් ගසෙහි වර්ධනය සහ ඵලදාව කෙරෙහි අභිතකරව බලපා ඇත. පොල් අතුවල දැකිය හැකි විශේෂිත ලක්ෂණයන් මගින් අත්‍යවශ්‍ය පෝෂක වල තදබල ඌණතාවයන් පෙන්නුම් කරයි.
එ නමුත්, සමහර අවස්ථාවලදී පොල් අතු වල එවැනි ලක්ෂණයන් නොපෙන්වුවද පෝෂක ඌණතාවයන් තිබිය හැකි බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. මෙම පියවි ඇසට නොපෙනෙන හෝ පහසුවෙන් හදුනා ගත නොහැකි, ඌණතා ලක්ෂණ, තහවුරු කර ගත හැකි වන්නේ පොල් ගසේ කොටස් රසායනික විශ්ලේෂණය කිරීම මගිනි.
පියවි ඇසින් හඳුනා ගත හැකි ඌණතා ලක්ෂණයන්,
1.නයිට්‍රජන් – N
සාමාන්‍යයෙන් නයිට්‍රජන් හිඟය ඇතිවන්නේ පසෙහි ප්‍රමාණවත් නයිට්‍රජන් නොතිබීම හේතුවෙනි. නයිට්‍රජන් ඌණතාවයේ මුල් අවධියේදී කරටියේ සියළුම පොල් අතු (පරිණත) ලා කොළ වර්ණයෙන් දිස්වේ. මේ අයුරින් ඌණතාවය ක්‍රමයෙන් වැඩි වන විට කරටියේ අතූ කහ පැහැවේ.
සැ.යු. පසේ රඳා පවතින ජල ප්‍රමාණය, දැඩි නියඟය, වැනි හේතු නිසා ද මීට සමාන ලක්ෂණ ඇති විය හැකි ය.
මීට අනුරූපව ඌණතාවය අධික වූ විට, ලා කොළ පැහැයෙන් පැවති පොල් කොළවල, කහ පැහැය වැඩි වීමට නැඹුරු වීම සහ කරටියේ වට ප්‍රමාණය කුඩාවී, ක්‍රමක්‍රමයෙන් කඳ සිහින්වීමට ලක්වේ. මෙම අවධියේදී, පහත මාලයේ පොල් අතු රන්වන් පැහැයකටද, ඉන්පසු රතට හුරු අළු පැහැයකට ද හැරී අවසානයේදී මැරියයි.
*නයිට්‍රජන් ඌණතාවයට පිළියම්
පෝෂක හිඟ ලක්ෂණ නොපෙනෙන තුරු වාර්ෂිකව පොහොර යෙදීම නිර්දේශිතය.
2 .පොටෑසියම් – K
පොල් ගසේ මෝරන ලද පොල් අතුවල, පොටෑසියම් ඌණතාවය පළමුවෙන් දැක ගැනීමට හැකිය. මෙහිදී ඉරටුව දෙපැත්තේ පොල් කොළය පුරා මළකඩ වර්ණයට හුරු තිත් ඇතිවීම සිදුවේ. මෙම අවධියේදී, පොල් කොළ තරමක් කහ පැහැයෙන් යුක්තව ඈතට පෙනෙන අතර, කොළයේ අග දෙසට කහ පැහැයහි ත්‍රීව්‍රතාව වැඩිවේ.
කල් ගතවීමත් සමඟම මෙම මලකඩ පැහැ තිත් ක්‍රමයෙන් විශාල වී පුල්ලි බවට පත්වේ. එවිට පොල් කොළවල කෙළවර වියළි පිළිස්සුණ ස්වාභාවයක් දැක ගත හැක. මෙම අවධියේ දී කරටියේ අතු කහ පැහැයෙන් දිස්වන අතර පහත මාලයේ අතු ලා තැඹිලි පාටින් දැකිය හැකිවේ. ඌණතාවය වැඩි වන අවස්ථාවලදී, කරටියේ සියළුම අතු කුඩා වී තැඹිලි පැහැයට හුරු කහ පැහැයක් ගන්නා අතර ගස්වල කඳන් සිහින් වීමද සුලභ ලක්ෂණ වේ.
*පොටෑසියම් ඌණතාවයට පිළියම්
3. මැග්නීසියම් – Mg
මැග්නීසියම් ඌණතාවයේ පවතින් පොල් ගස් වල ඇති විශේෂ ලක්ෂණයක් වන්නේ, මේරූ පොල් අතුවල කහ පැහැවීමයි. පොල් කොළ නිරීක්ෂණය කිරීමේදී, ලා කහ පැහැයෙන් දිස්වන අතර, ඉරටුව දෙපස කොළ පැහැති තීරු දෙකක් නිරීක්ෂණය කළ හැක.
එලෙසින්ම පොල් කොළයේ මුල නැතහොත්, පොල් කොළ එහි ඉත්ත හා සම්බන්ධ වන පාදස්ථ කොටස් ආසන්නව කොළ පැහැය ඉතිරිව ඇති බැවින්, පොල් අත්තේ නාරටිය දෙපස කොළ පැහැති තීරු දකින්නට ලැබේ. කල්ගත වෙත්ම පොල් කොළවල කෙළවර වියළි පිළිස්සුණ ස්වභාවයක් දැකීමට හැකිවේ.
*මැග්නීසියම් ඌණතාවයට පිළියම්
4. බෝරෝන් – B
බෝරෝන් ඌණතා ලක්ෂණ පොල් ගසේ අග්‍රස්ථ අංකුරය අවට ඇති ළපටි අතු වලින් දැකගත හැක. මෙහිදී පොල් අත්තෙහි පොල් කොළ එකිනෙකින් වෙන්ව නොවී පවතින අතර, ඒවා “සිග්සැග්”ආකාරයට නැවී එකිනෙකට සම්බන්ධ වී පවතී. සමහර අවස්ථාවල පොල් කොළ නොමැති, කෙටි, ඝන පොල් අතු දැකගත හැක.
ඌණතාවය උග්‍ර අවස්ථාවේදී ගසේ අතු සංඛ්‍යාව අඩු වී අග්‍රස්ථ අංකුරය කළු පැහැවීමත් සමඟම ගසේ වර්ධනය නැවතී අවසානයේදී ගස මිය යෑම සිදුවේ. බෝරෝන් ඌණතාවය පුෂ්ප මංජරියට සහ ගෙඩි වලට බලපෑම් එල්ල කරන අතර පුෂ්ප මංජරිය සහ ගෙඩි නරක්වීමට හේතුවේ.
*බෝරෝන් ඌණතාවයට පිළියම්
ඌණතාවයේ මුලික අවස්ථාවේදී පිළියම් යෙදීමෙන් ඌණතාවය නිවැරදි කර ගත හැක.
5. පොස්පරස් – P
අම්ලික සහ ක්ෂාරීය පස් සහිත ප්‍රදේශයවල සුලබ වේ. ඌණතාවය සමඟ පත්‍ර දම් පැහැයට හැරේන අතර පොල් ගසේ මන්දගාමී වර්ධනයක් පෙන්නුම් කරයි. නොමේරූ පොල් කොළ ගැලවී යාමත්, එහි වර්ධනය, ප්‍රමාණය සහ පත්‍ර ගණනද අඩු වේ.
*පොස්පරස් ඌණතාවයට පිළියම්
සැ.යු:
ඌණතා ලක්ෂණ පෝෂක එකකට වඩා වැඩි සංඛ්‍යාවක් නිසා ඇති වන අවස්ථාවලදි, ඉහත සඳහන් ලක්ෂණ නොගැළපිය හැකිය. මෙවැනි අවස්ථාවක ප්‍රදේශයේ සිටින පොල් සංවර්ධන නිළධාරී මහතාගෙන් උපදෙස් ලබාගැනීම වඩා වැදගත් වේ.