Managing Coconut Cultivation

පොල් වගාව කළමනාකරණය කිරීම

පොල් වගාවේදී සාර්ථක කළමනාකරණ ක්‍රම අනුගමනය තුලින් සාර්ථක පලදාවක් ලබාගත හැකිය. තවද ශ්‍රී ලංකාව වැනි රටක පොල් වගාව තුලින් ලැබෙන දායකත්වය ඉතාම වැදගත්ය. රට තුළ ආර්ථික ඵලදායිතාවය වර්ධනය කරනු වස් අනිකුත් වැවිලි බෝග හා සාපේක්ෂව පොල් නිෂ්පාදනය තුළින් ලැබෙන ප්‍රතිලාභ ඉතාමත් උසස් නමුත් නිවැරදි පොල් වගාවක් තුල සාර්ථක අස්වනු ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය අවබෝධ කර ගැනීම ඉතා වැදගත්ය.

1.ඉඩම පිළිබඳව අවබෝධය

ඉඩමේ ස්වභාවය පිළිබඳව නිසි අවබෝධයක් මූලිකවම තිබිය යුතු අතර ඒමගින් සියල්ල තීරණය වේ. උදාහරණ ලෙස වගාව ඇරඹීමේ සිට අස්වැන්න නෙලීම දක්වා සියලුම වැඩ, ඉඩම මුලික කරගෙන සිදුවේ. මෙහෙයින් ප්‍රධාන ලෙසම පස පිළිබඳව අවධානය යොමු කල යුතුය.පාංශු සංරක්ෂණ ක්‍රම, දුර්වල පස පිළිබඳව අවබෝධය ආදිය තුළින් සාර්ථක අස්වැන්නක් ලඟා කර ගත හැකිය.

2. වගාවේ වයස

පවතින වගාවේ වයස් කාණ්ඩ ගැන අවබෝධය තුලින් පොහොර යෙදීම ආදිය ක්‍රමානුකූලව සිදුකල හැක. වයස් සීමාව තුළ ශාකවල ස්වරුපය මත ඉදිරි ඵලදායිතාවය තීරණය කළ හැකිය.

3. ජල මූලාශ්‍ර

නිවැරදි ජල මූලාශ්‍රයක් මත වගාව සඳහා ජලය ලබා දීම වැදගත් වන අතර ඒ තුළින් වියළි කාලයන්හි දී ගසට අවශ්‍යය ජලය ලබා දීම පිළිබඳව තීරණය කළ හැක. ජල මූලාශ්‍ර හඳුනා ගැනීමේ දී වැදගත් කරුණක් වන්නේ වියළි කාලයේදීත් නොසිඳෙන මූලාශ්‍රයක් සොයා ගැනීමයි.

4. ගස් සංඛ්‍යාව

පවතින ගස් සංඛ්‍යාව පිළිබඳව අවබෝධය වැදගත් වන්නේ ක්ෂේත්‍රය තුළ පවතින ගස් සංඛ්‍යාව මත සියල්ල තීරණය වීම හේතුවනි. මෙහිදී පොහොර යෙදීම ,පුරප්පාඩු සංඛ්‍යාව, අවශ්‍ය පොල් පැළ සංඛ්‍යාව,ඉවත් කිරීම් ආදිය නිර්ණය කරගත හැක.පවතින ගස් සංඛ්‍යාව පිළිබඳව අවබෝධය වැදගත් වන්නේ ක්ෂේත්‍රය තුළ පවතින ගස් සංඛ්‍යාව මත සියල්ල තීරණය වීමයි

I. පොහොර යෙදීම
පොහොර යෙදීමේදී පවතින ගස් සංඛ්‍යාව පිළිබඳ අවබෝධය වැදගත් වේ. පොහොර යෙදීමට අවශ්‍ය පොහොර ප්‍රමාණය තීරණය කිරීමට මෙය ඉතා වැදගත්ය.

ii.පුරප්පාඩු සංඛ්‍යාව
ක්ෂේත්‍රය තුළ පවතින පුරප්පාඩු සංඛ්‍යාව පිළිබඳ අවබෝධය වැදගත් වන්නේ එමගින් නැවත සිටුවිය යුතු පැළ සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් ලැබෙන නිසාවෙනි.පවතින පොල් ගස් සංඛ්‍යාව පිළිබඳ වාර්තා යාවත්කාලීන කරගැනීමට මෙය වැදගත්ය.

iii.ගස් ඉවත් කිරීම
නිරෝගී වැඩි පලදාවක් ඇති උපරිම ගස් ප්‍රමාණයක් පමණක් නඩත්තු කිරීම හා දුර්වල ගස් ඉවත්කර පාඩු වළක්වා ගැනීම අතපසු නොකළ යුතුය. හොඳ පාලනයක් යටතේ වුවත් බාල වයස් පොල් වගාවක 5% පමණ දුර්වල ගස් තිබීම සාමාන්‍ය දෙයකි.

5. වල් පැළෑටි මර්ධනය

දැඩි ලෙස වල් පැළෑටි වර්ධනය වුවහොත් එය වගාවට බාධාවක් වන නිසා ඒවා නිසි ලෙස මර්ධනය කල යුතුය

6.පොහොර කවය පවත්වාගෙන යාම

පොහොර කවය අස්වැන්නට විශාල දායකත්වයක් සපයන නිසා වසුන් පවත්වාගෙන යාම හොඳින් නඩත්තු කිරීම වැදගත්ය.

7.රෝග හා පලිබෝධ මර්ධනය

වගාවේදී මෙය ඉතා වැදගත් වන අතර පොල් පැළය සිටුවීමේ සිට විවිධ වයස් කාණ්ඩයන්හි දී රෝග රාශියක් නිර්මාණය වේ. මේ පිළිබඳව ප්‍රමුඛස්ථානයක් දීම, නිතරම ශාඛ පරික්ෂාව, ගුණාත්මක පොල් වගාවක් සඳහා මුලික අවශ්‍යතාවයකි.

පහත සදහන් කරුණු ද ඉතා වැදගත්ය.


*උපරිම භූමිය භාවිතා කිරීම

* අස්වැන්න නිසි පරිදි නෙලීම

* නිවැරදි ක්‍රම අනුගමනය

* නිවැරදි කාලයන්හි පොහොර යෙදීම

* නිවැරදි ලේඛන පවත්වාගෙන යාම

මීට අමතරව නිසි උපදෙස් හා මාර්ගෝපදේශයන් අදාළ ප්‍රදේශයේ පොල් වගා කිරීමේ නිලධාරියා හරහා ලබා ගත හැකි අතර පොල් වගා කිරීමේ මණ්ඩලය මගින්ද අවශ්‍ය තොරතුරු, සහනාධාර ක්‍රම සහ පුහුණු වැඩසටහන් ආදිය මගින් වගාව පිළිබදව දැනුවත් කරනු ලබයි. මේ නිසා පොල් වගාවේ පලදායිතාවය වර්ධනය සඳහා නිසි කළමනාකරණය ඉතාම වැදගත්ය.