Kapruka From School – 30th School-Based Environmental Initiative

කප්රුක පාසලෙන් - 30 වැනි පාසල් පදනම් වූ පාරිසරික මුලපිරීම

ස්ථානය: නන්දන විද්‍යාලය, උඩස්ගිරිය, මාතලේ (මධ්‍යම පළාත)

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ උතුරු බෑවුමේ පිහිටා ඇති උඩස්ගිරිය නිස්කලංක ගම්මානය, තිරසාර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ හවුල් මෙහෙවරක සිසුන්, ගුරුවරුන් සහ ප්‍රජා නායකයින් එක්සත් කළ නිර්මාණාත්මක වැඩසටහනක් පසුගියදා පවත්වන ලදී. සිසුන් 121 දෙනෙකුට ඉගෙනුම ලබන කුඩා රජයේ පාසලක් වන නන්දන විද්‍යාලය, Good Hands Initiative විසින් මෙහෙයවනු ලබන අඛණ්ඩ වැඩසටහන් මාලාවේ කොටසක් වන 30 වන "පාසලෙන් කප්රුක" වැඩසටහන සඳහා ස්ථානය විය.

මෙම ව්‍යාපෘතිය යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු පළාත් පාලන ආයතන අතර ඇති ශක්තිමත් හවුල්කාරිත්වයේ ප්‍රතිඵලයක් ලෙස සිදු විණ. විශේෂයෙන්ම පොල් වගාවේ තිරසාර භාවිතයන් කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කරන්නාවූ පාසල් පාදක කෘෂිකාර්මික වැඩසටහන් මාලාව උක්ත ප්‍රදේශයට හඳුන්වා දීමෙන් ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම දෙවන අරමුණ විය.

2024 සැප්තැම්බර් අවසන් සතියේ 6 සිට 9 ශ්‍රේණි දක්වා සිසුන් 80ක් පමණ උනන්දුවෙන් වැඩසටහනට සහභාගී වූහ. දිනය විධිමත් පිළිගැනීමකින් ආරම්භ වූ අතර තිරසාර කෘෂිකාර්මික පිළිවෙත්වල වැදගත්කම පිළිබඳ තීක්ෂ්ණ බුද්ධිය සහිත ඉදිරිපත් කිරීම් සිදු කළ ලහිරු කේ බණ්ඩාර මහතා, හිඳගොඩ මහත්මිය සහ කල්ප මහතා ඇතුළු සම්භාවනීය කථිකයන් කිහිප දෙනෙකුගෙන් සිදු කරන ලදී. ප්‍රජාව සඳහා පාරිසරික හා ආර්ථික තිරසාරභාවය ඇති කිරීමේ ප්‍රධාන අංගයක් ලෙස පොල් වගාවට මෙම සාකච්ඡාවේදී මූලිකත්වය ලබා දෙනු ලැබිණ.

බාහිර ක්‍රියාකාරකම් වලින් සම්න්විත මීළඟ සැසි මගින් නවීන කෘෂිකර්මාන්තයේ අභියෝග සහ අවස්ථා පිළිබඳව අර්ථවත් සංවාදවල යෙදීමට සිසුන්ට ඉඩ සැලසිණි. ප්‍රායෝගික වැඩමුළු මගින් අනුපූරක වූ මෙම සාකච්ඡා සිසුන්ට ප්‍රායෝගික අත්දැකීමක් ලබා ගැනීමට උපකාරී විය. ගුරුවරුන්ගේ සහ වැඩසටහන් විශේෂඥයින්ගේ මගපෙන්වීම යටතේ, සිසුන් පොල් තවාන් සකස් කිරීම සහ පොල් පැළ සිටුවීම මඟින් තිරසාර කෘෂිකාර්මික අනාගතයක් සඳහා වූ මූලික අඩිතාලම සපයන ලදී.

වැඩසටහන අවසන් කිරීමට ප්‍රථම සිසුන්ට සහතිකපත් ප්‍රදානය කළ අතර, පාසල් ප්‍රජාවට පොල් පැළ සහ පාසල් උපකරණ ප්‍රදානය කෙරිණි. මෙම පිළිගැනීම් සඳහා ඔවුන්ගෙන් ලද ප්‍රතිචාර මගින් කලාපය තුළ අධ්‍යාපනික සහ කෘෂිකාර්මික වර්ධනය යන දෙකම පෝෂණය කිරීම සඳහා හවුල් කැපවීම සංකේතවත් වන ලදී.

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය තරුණ තරුණියන් අතර තිරසාර කෘෂිකාර්මික පිළිවෙත් සහ පාරිසරික භාරකාරත්වය පෝෂණය කිරීම සඳහා පාසල් බලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රාදේශීය ප්‍රජාවගේ සාමූහික ප්‍රයත්නය පිළිබඳ මෙම “කප්රුක පාසලෙන්” වැඩසටහනේ 30 වන වැඩසටහන සාක්ෂි දරයි.

.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.