Inauguration of programmes to be conducted with the cooperation of the Community and Environment Police Divisions to promote cultivation of coconuts in Sri Lanka, at the SSP office, Kalutara and Police HeadQuarters, Wadduwa

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රයේදී සහ වාද්දූව පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකරනු ලැබූ, පොල් බීජයක් තවාන් කර නිවසේදීම පොල් පැළ සාදාගැනීම සඳහා ලාංකීකයන්හට, උනන්දුව සහ විශ්වාසය ඇතිකරලීම, අරමුණ කොට සිදු කරනු ලැබූ වැඩසටහන් මාලාව.

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාල පරිශ්‍රයේදී සහ වාද්දූව පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී, බීජ පොල් තවාන් දැමීම මූලික කරගනිමින් සිදුකරනු ලැබූ වැඩසටහනක්, නොවැම්බර් මස මුල් සතියේදී, එහි නිළධාරීන්ගේ අනුග්‍රහයෙන් සිදු විය.

ප්‍රජා පොලිස් ඒකකය හා අනුබද්ධිතව පැවැති මෙම වැඩ සටහනට කළුතර සහ වාද්දූව ප්‍රදේශය අවට පොල් වගාව පිළිබඳ උනන්දුවක් දැක්වූ ප්‍රදේශවාසීන් සහ පොලිස් නිළධාරීන් 46කට අධික ප්‍රමාණයක් සම්බන්ධ විය.

මෙහිදී ක්‍රියාන්විතයේ මුඛ්‍ය පරමාර්ථය වන, පැළ හෝ බීජ පොල් බෙදා දීම නොවන බවත්, රටේ පුරවැසියන් සැවොටම පොල් බීජයකින්, පොල් පැළයක් සදා ගෙන සිටුවීමට උනන්දුව ඇති කරවීම යන්නත් මූලිකවම පැහැදිලි කෙරුණි.

පොල් බීජ සඳහා වන සාම්ප්‍රදායික සහ තාක්ෂණික මූලික පියවරයන් විස්තරාත්මකව පැහැදිලි කිරීමට සහ ඔවුනොවුන්ට මතුවූ ගැටලු පිළිබඳ සුහදව සාකච්ඡා කර කිරීමටත් good hands අපට හැකිවිය. රැස්ව සිටි අය වෙත බීජ පොල් තවාන් දමන ආකාර ප්‍රායෝගිකව පහදා දීමද, බීජ පොල්, පොල් පැළ සහ පොල් සඳහා මූලික තොරතුරු ඇතුළත් good hands අත් පොත නොමිලයේ ලබා දීම, මෙම පරිශ්‍රයේදී සිදු කෙරුණි.

2020.11.10

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.