goodhands Initiative First Anniversary 2021

good hands ක්‍රියාන්විතයේ වසරක සැමරුම 2021

කප්රුක නමින් හැඳින්වෙන පොල්ගස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා පරම්පරා ගණනාවක සිටම බැඳීමක් පවතින කල්ප වෘක්ෂකි. අපගේ සාම්ප්‍රදායික ආහාරවේල වැඩිමනත් පොල් මත පදනම්ව තිබීම නිසාවෙන්, ඒක පුද්ගල පොල් පරිභෝජනය ඉහළ අගයක් පවතින බව නොදන්නෙක් නොමැත. දැනට ඇස්තමේන්තු කර ඇති අන්දමට, මෙරට පොල් වාර්ෂික ඵලදාවෙන් සියයට 70ක් පමණ, භාවිතා වන්නේ ගෘහාශ්‍රිත ආහාර සඳහාය.


කෙසේ නමුත් විවිධාකාර හේතූන් නිසා ක්‍රමිකව පොල්ගස් අප භූමියෙන් නැසීයාම පසුගිය කාලය පුරාවටම කැපීපෙනුන සංසිද්ධියක් විය. මේ සමඟම රටේ පරිභෝජනය සඳහා ඉල්ලුම සැපයීමට දැනට පවතින පොල් පලදාවට නොහැකිවී පවතින අතර ඊට අනුරූපව මිළ ගනන්වල උච්චාවචනය වීම, ජන ජීවිත වලට දරාගැනීමට නොහැකි තත්ත්වයන්ටද ළඟාවිය.


මීට අමතරව ප්‍රධාන වශයෙන් පළිබෝධ හානි සහ පෝෂක ඌණතාවය නිසා ඇතිවන ඵලදාවේ අඩුවීම හේතුවෙන්, දරුණු ලෙස පොල් වගාවට සහ ඒ ආශ්‍රිත සෑම අංශයකටම වර්තමානයේදී බලපෑම් එල්ල වී ඇත. අපට නොදැනෙන මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් මිදීම අසීරු නොවන්නේ මන්දයත් ඒ සඳහා සාධනීය සහ දීර්ඝකාලීන පිළියම් යෙදීමට සුදුසුම කාලයේ අප සියලු දෙනා පසුවෙන බැවිනි.


ප්‍රශ්නය වන්නේ, අවශ්‍යතාවයේ පමණට පොල්ගස් නොමැති වීමයි.

මෙවන් පසුබිමක් තුළ good hands ක්‍රියාන්විතය හඳුන්වා දෙනු ලබන්නේ මෙම ගැටළුවට සාධනීය සහ දීර්ඝ කාලීන විසඳුමක් සඳහා ය.


අපගේ ඒකායන අරමුණ වන්නේ, අවම වශයෙන්, එක් පුරවැසියෙකු එක් පොල් පැළයක්, හෝ ගෙවත්තෙදී බීජ පොල් වලින් සාදාගෙන රෝපණයට මෙන්ම නඩත්තුවට, උනන්දුව, විශ්වාසය ඇති කරවීම සහ හැකි උපරිමයෙන් ශක්තියක් වීමයි.


අපගේ මෙම ඒකායන දැක්ම සහ අරමුණු කෙරෙහි විශ්වාසය රටවැසියන්ට අවබෝධ කරවීම සෑමවිටම අභියෝගක් වන මුත්, මෙමගින් ශ්‍රී ලංකාව නැවත පොල් වලින් ස්වයංපෝෂිත වනු බව නිසැකය.


එය අපගේ එකම විශ්වාසයයි !!!


good hands ක්‍රියාන්විතය තුළින් සිදු කරනු ලැබූ ප්‍රජා සත්කාර කෙටියෙන්…

  1. පොල් වගාව සඳහා උනන්දුවක් දැක්වු, අපගේ සමාජ ජාලා වෙතින් good hands ක්‍රියාන්විතය හා සම්බන්ධ වූ පවුල් වෙත බීජ පොල් තවාන් දැමීම සහ රෝපණය සඳහා පොල් පැළ බෙදාදීම.

    • මේ වන විට ගම්මාන 35ක පමණ පොල් බීජ තවාන් කිරීම සහ දැනුම ලබාදීම මූලික කරගත් ව්‍යාපෘති ගණනාවක් සාර්ථකව සිදු කිරීමට හැකිවිය.

    • අප නියමු ව්‍යාපෘතිය ලෙස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි, කෝට්ටේ, නුගේගොඩ සහ කඩවත යන ප්‍රදේශයන්හි ද, පුත්තලම දිස්ත්‍රික්කයේ, දන්කොටුව සහ පොතුවටුන යන ප්‍රදේශවලදී පෙබරවාරි මාසයේ සිදු කෙරිණ.

    • කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම, අගලවත්ත, බදුරලිය, මහගම සහ මෝල්කාව ප්‍රදේශවලත්, පානදුර සහ බණ්ඩාරගම ප්‍රදේශවලත් මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී ව්‍යාපෘති ගණනාවක් සිදු කෙරිණ.
  2. රැකවරණය මධ්‍යස්ථාන, පොලිස් ස්ථාන සහ යුද හමුදා මූලස්ථාන පරිශ්‍ර ආදී පොදු ස්ථාන වල බීජ පොල් තවාන් දැමීම සහ පොල් පැළ රෝපණය.

    • ඇත්කදුර විශේෂ අවශ්‍යතා සහිත කාන්තා රැකවරණය මධ්‍යස්ථාන සහ ත්‍රිකුණාමලය ගුවන් හමුදා නිවාඩු නිකේතන පරිශ්‍රයන්හිදී විශේෂිත වැඩසටහන් සිදු කෙරිණ.
    .
    • ත්‍රිකුණාමලය, කුරුවිට, පානදුර, බණ්ඩාරගම සහ හිරණ යන පොලිස් ස්ථානයන්හිදී ද වැඩසටහන් සිදු කෙරුණේ එහි නිළධාරීන්ගේ සුහද ඇරයුමෙනි.
  3. goodhands ෆේස්බුක් පිටුව, වට්ස් ඇප් පණිවිඩ, යූටූබ් වීඩියෝ දර්ශන, වෙබ් අඩ්විය සහ දුරකථන ඇමතුම් ඔස්සේ ජනතාව වෙත පොල් ආශ්‍රිත දැනුම ලබාදීම සහ ගැටලුවලට පිළියම් සැපයීම.

    • මේ වන විට goodhands ෆේස්බුක් පිටුව හා සාමාජිකයන් පනස්දහසකට අධික ප්‍රමාණයක් එක්ව සිටී.
  4. පොල් ආශ්‍රිත නිෂ්පාදකයන්ට අත්වැලක් ලෙස goodhands වෙබ් අඩවියේ පිටුවක් පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ ව්‍යාපාර දිරිමත් කිරීමට අත්වැලක් වීම.
    • රටේ විවිධ ප්‍රදේශයන්හි සිටින පොල් ඇසුරින් නිෂ්පාදනයන්හි නියැලෙන පිරිස් වෙත අත්වැලක් ලෙසින් මෙම වැඩපිළිවෙළ අරඹා ඇත. පොල් ඉරටු, පොල් කොහු, පොල් කටු සහ පොල් ආශ්‍රිත ආහාර නිෂ්පාදනයන්හි නිරතවන පිරිස් වෙත ශක්තියක් වීමට අප මේ වන විටත්, වෙබ් පිටුව හා ෆේස්බුක් පිටුව හරහා කටයුතුවල නිරතවෙමින් සිටින්නෙමු.
    goodhands ක්‍රියාන්විතය ඉදිරියේදී තවත් නොයෙකුත් සැලසුම් දියත් කිරීම මගින් පොල් වගාව වර්ධනය කිරීමට අපේක්ෂා කරයි. මෙම කර්තව්‍යයේ උන්නතිය සඳහා වැඩදායි වන යෝජනා සහ උපදෙස් සියළුම පොල් වගාව අදාළ පාර්ශවයන්ගෙන්, අවසාන ඉලක්කය සපුරාලීම සඳහා ලබා ගැනීම ද සිදු කෙරෙයි….

    goodhands ක්‍රියාන්විතය නිළ වශයෙන් දියත් කර වසරක් සපිරෙන අද දින බීජ පොල් 100කට අධික ප්‍රමාණයක් තවාන්කරණය සහ පොල් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් කුරුණෑගල සහ පන්නල ප්‍රදේශයන්හිදී සිදු කෙරුණේ අනාගතය සඳහා තබන අඩිතාලමක් සහ ලක්වැසියනට ආදර්ශයක් වන ලෙසිනි.
    Pictures…

    2021/09/12.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.