Follow-up of a series of programs conducted with the Kalutara SSP’s Office and Wadduwa Police Headquarters

කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සහ වාද්දූව පොලිස් මූලස්ථානය සමඟ සිදුකරනු ලැබූ වැඩසටහන් මාලාවේ පසු විපරම

good hands ක්‍රියාන්විතය මඟින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සහ වාද්දූව පොලිස් මූලස්ථානයන්හි ප්‍රජා පොලිස් එකක හා සබැඳිව, බීජ පොල් තවාන් දැමීම සහ බීජ පොල් ප්‍රදේශවාසින් හට නොමිලේ බෙදාහැරීමේ වැඩසටහන් මාලාවක් පසුගිය නොවැම්බර් මස මුල් සතියේදී, සිදු කෙරිණි.

මෙම වැඩසටහනහිදී බීජ තවාන් දමන ආකාරය පිළිබඳව ගැඹුරින් සහ ප්‍රායෝගික්ව පහදා දුන් අතර, මේ වෙත සම්බන්ධ වූ ප්‍රදේශවාසී හිතවතුන් කිහිපදෙනෙකු වෙත තවාන් දැමීම සඳහා බීජ පොල් නොමිලයේ ලබා දීම ඒ ඒ පරිශ්‍රයන්හිදී සිදු කෙරුණි. අප ලබාදුන් උපදෙස් වලට අනුව බීජ ලබාගත් ප්‍රදේශවාසීන් හට මාසයක් අධික කාලයක් ඔවුන්ගේ ගෙවතු තුළ, සියතින්ම පොල් බීජ තවාන් කරවීමට අවස්ථාව ලබා දුන්නෙමු. දෙසැම්බර් මස මැද භාගයේදී, අප කණ්ඩායම ඒ ඒ ප්‍රදේශයන්ට අදාළ පොලිස් ස්ථානයන්ගෙන් ලද තෙරතුරු වලට අනුව ක්ෂේත්‍ර අධ්‍යයනයක් සිදු කෙරුණේ, ක්‍රියාන්විතයේ සාර්ථකත්වය පිරික්සීමේ අරමුණු සිත් ඇතිවය.

බීජ පොල් ලාභීන් සියලු දෙනාගේ නිවෙස් අධ්‍යයන කළ නොහැකි වූවද, වැඩිමනත් ප්‍රමාණයක් හා සම්බන්ධ විය හැකි විය. ඔවුන් සාර්ථකව තවාන් දැමීම සිදු කර ඇති අයුරු අපට දැකගත හැකිවූයේ වැඩසටහනේ සාර්ථකත්වය පිළිබිඹු කරමිනි. මෙහිදී අවට සිටි ගම් වැසියන් පොල් වගාව හා ඒ සම්බන්ධ කෘමි හානි සහ පෝෂක ඌණතා පිළිබඳ ගැටලු අප වෙත ඉදිරිපත් කළ අතර, ඒවා හට විසඳුම් සහ උපදෙස් එම ස්ථානයින්හිදීම සුපුරුදු පරිදි ලබාදෙන ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.