“First step from school to coconut cultivation”

“පොල් වගාවට පාසලෙන් මුල් පියවර” පාසල් පාදකව ක්‍රියාත්මක වන්නා වූ වැඩසටහන් මාලාවේ හත්වන අදියර සිරි/ රතනජෝති විද්‍යාතන සහ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථාන පරිශ්‍රයේ දී

දහම් අධ්‍යාපන අතින් මහත් සේවයක් සපයන මෙම ආයතනය, ප්‍රාථමික සහ ද්වීතියික ලෙස ප්‍රධාන පාසල් දෙකකින් සමන්විත විය. සිසු සිසුවියන් 550ක් පමණ වර්තමානයේ ඉගෙනුම ලබන්නා වූ මෙම පරිශ්‍රයේ "good hands කප්රුක පාසලෙන්" වැඩසටහන් මාලාව 2023 වසරේ මාර්තු මස අවසන් සතියේදී දියත් කරන ලදී..

In the first half of 2023, the Principal of Siri Ratanajoti Vidyathan, Mr. M. Shantha, invited us to a school-related programme conducted by the good hand’s project. These premises, known as the “Sri Rohana Sangha” headquarters, became very famous in the southern province of Sri Lanka. This institution, which provides excellent services in terms of religious education, has two leading schools, primary and secondary. The “good hands – The Kapruka from School” programme was launched in the last week of March 2023 in this institution, where about 550 students are currently studying.

සිරි/ රතනජෝති විද්‍යාතනය, තෙලිජ්ජවිල

විද්‍යායතනයේ විදුහල්පති, විහාරාධිපති ස්වාමීන්වහන්සේ අනෙකුත් ප්‍රධානීන්ගේ අනුග්‍රහය කැටුව අප වැඩසටහන මාතර නගරයේ සිට උතුරු දෙසින් පිහිටි එම පරිශ්‍රය තුළදී ආරම්භ කළ හැකිවිය. නායක හිමිපාණන්, විදුහල්පති, ගුරුවරුන් සහ දෙමාපියන් මෙන්ම පාසලේ 7 සිට 11 ශ්‍රේණීන්ගේ ඉගෙනුම ලබන සාමනේර ස්වාමීන් වහන්සේලා සහ සිසු සිසුවියන් අප වැඩසටහන වෙත සහභාගී විය. ප්‍රථමයෙන්ම "පොල් වගාව" පිළිබඳ දේශන මාලාවක්ද, පොල් ආශ්‍රිතව ශීඝ්‍රයෙන් පැතිර යන සුදු මැස්සාගේ සහ වැලිගම පොල් කොළ කුණුවීමේ රෝගය සහ මර්ධනය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම විශේෂයෙන් සිදු කෙරිණ.

අනතුරුව පොල් බීජයක සිට පොල් පැළයක් සාදා සිටුවීම දක්වා වූ ක්‍රියාකාරකම් සිසු සිසුවියන් වෙත ප්‍රායෝගික දැනුවත් කර, ඔවුන් වෙත පැවරීම සිදු කෙරිණ. මෙහිදී පිරිවනේ දායකත්වයෙන් ඉතාමත් සාර්ථක බීජ තවානක් ඉදිකර තිබීම මෙහිදී විශේෂයෙන් දක්නට ලැබිණ. පාසලේ දූ දරුවන් සඳහා පොල් බීජ 120 කින් පමණ සමන්විත වූ බීජ තවානක් ඔවුන්ගේ සියතිනම තැනිය හැකිවිය.

එම සැසිය අවසානයේ දී රැස්ව සිටි සියල්ලන්ගේම සහයෝගය ඇතිව විද්‍යායතන සහ විහාරස්ථාන පරිශ්‍රයන්හි කප්රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. පාසල් සිසු සිසුවියන්ගේ වැඩිදුර අධ්‍යනය සඳහා "good hands පොල් වගාවේ අත්පොත" අප විසින් පුස්තකාලය වෙත පිරිනැමුණ අතර වැඩසටහනට සම්බන්ධ වූ සියල්ලන්හටද බෙදාහැරිණ. අවසානයේදී වැඩසටහන වෙත සහභාගිවූ ස්වාමීන්වහන්සේලා, ගම්වාසී දෙමාපියන් සහ පාසල් ගුරුවරුන් වෙත good hands සංකල්පයට දැක්වූ උනන්දුවට සහ වැඩසටහන සඳහා දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස තවාන් කිරීමට පොල් බීජ මෙන්ම රෝපණයට පොල් පැළ, බෙදාහරින ලදී.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.