“First step from school to coconut cultivation” The 8th stage of demonstrating and disseminating information about coconut cultivation centred around schools held at the Ma/Imbulpitiya Maha Vidyala, Karagahahinna.

“පොල් වගාවට පාසලෙන් මුල් පියවර” පාසල් පාදකව ක්‍රියාත්මක වන්නා වූ වැඩසටහන් මාලාවේ අටවන අදියර ඉඹුල්පිටිය මහා විද්‍යාලයීය පරිශ්‍රයේ දී

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කැටුව පසුගිය වසරේදී දූල්ලෑව මහා විද්‍යාලයේ සිදු කළ ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක් ලෙස ඉඹුල්පිටිය ප්‍රදේශයේ වැඩසටහක් good hands කණ්ඩායමට දියත් කළ හැකිවිය. එසේම මාතලේ දිස්ත්‍රික් ලේකම්තුමියගේ දැනුවත් කිරීම මත උකුවෙල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ සහ මාතලේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගය ද මේ සඳහා ලැබිණ. අප ව්‍යාපෘතිය සාමාන්‍ය රුක් රෝපණ වැඩසටහනක් පමණක් නොව පරිසරය සහ කෘෂිකර්මය ආශ්‍රිත පාඩමක් වූ බැවින්, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂකතුමාගේ පූර්ණ සහයෝගය වැඩසටහන දියත්කරලීමේහිලා නොමඳව ලැබිණි. අවසානයේදී මාතලේ දිස්ත්‍රික්කයේ, උකුවෙල අධ්‍යාපන කොට්ඨාශයට අයත් ඉඹුල්පිටිය මහා විද්‍යාල පරිශ්‍රය මෙලෙස තෝරා ගැනිණ.

ඉඹුල්පිටිය මහා විද්‍යාලය, කරගහහින්න

මාතලේ නගරයේ සිට කිලෝ මීටර් 25 ක පමණ දුරින්, අතිදුෂ්කර කඳුකර ප්‍රදේශයක මෙම පාසල පිහිටා තිබිණ. පාසලේ සිසු සිසුවියන් 150කට පමණ ප්‍රාථමික වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා මෙම පාසලෙන් ඉගෙනුම ලබයි. දින පෙර දින ගණනාවක සිදු කළ මූලික සූදානම් වීමේ ප්‍රථිඵලයක් ලෙස වෙත, 2023 වසරේ අප්‍රෙල් මස 27වන දින කරගහහින්න ප්‍රදේශය good hands කණ්ඩායම ප්‍රවිශ්ඨ වුණි.

මෙම වැඩසටහන සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් චමිලා අතපත්තු මහත්මිය, කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක ආනන්ද විජයකුමාර මහත්මා, දිස්ත්‍රික් ලමා ආරක්ෂණ නිළධාරී බුද්ධික බණ්ඩාර මහත්මා, ඉඹුල්පිටිය මහා විද්‍යාලයේ විදුහල්පති සුදම් කුමාර රත්නායක මහත්මා, ඉඹුල්පිටිය ශ්‍රී නන්දනාරාම මහා විහාරයේ විහාරාධිපති යටවත්තේ රාහුල හිමියන්, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිළධාරීන්, පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් මෙන්ම පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණීය දක්වා ඉගෙනුම ලබන සිංහල දමිළ සියලු සිසු සිසුවියන් සහභාගී විය.

අනතුරුව පොල් බීජයක සිට පොල් පැළයක් සාදා සිටුවීම දක්වා වූ ක්‍රියාකාරකම් සිසු සිසුවියන් වෙත ප්‍රායෝගික දැනුවත් කර, ඔවුන් වෙත පැවරීම සිදු කෙරිණ. පාසලේ දූ දරුවන් සඳහා පොල් බීජ 100 කින් පමණ සමන්විත වූ බීජ තවානක් ඔවුන්ගේ සියතින්ම තැනිය හැකිවිය.

එම සැසිය අවසානයේ දී රැස්ව සිටි සියල්ලන්ගේ සහයෝගය ඇතිව පාසල් පරිශ්‍රයේ කප්රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණ. පාසල් සිසු සිසුවියන්ගේ වැඩිදුර අධ්‍යනය සඳහා "good hands පොල් වගාවේ අත්පොත" අප විසින් පාසල් පුස්තකාලය වෙත පිරිනැමුණ අතර වැඩසටහනට සම්බන්ධ වූ සියල්ලන්හටද බෙදාහැරිණ.

අවසානයේදී වැඩසටහන වෙත සහභාගිවූ ගම්වාසී දෙමාපියන් සහ පාසල් ගුරුවරුන් වෙත good hands සංකල්පයට දැක්වූ උනන්දුවට සහ වැඩසටහන සඳහා දැක්වූ දායකත්වය අගය කිරීමක් ලෙස තවාන් කිරීමට පොල් බීජ මෙන්ම රෝපණයට පොල් පැළ, බෙදාහරින ලදී.

ඉඹුල්පිටිය ශ්‍රී නන්දනාරාම මහා විහාරය

ඉඹුල්පිටිය පාසල සහ ගම්මානය හා මූලිකව සබැඳි, ඉඹුල්පිටිය ශ්‍රී නන්දාරාම විහාරස්ථාන පරිශ්‍රයේ රෝපණයට පොල් පැළ ප්‍රදානය කිරීමක් ඉහත වැඩසටහනට සමගාමීව අප සිදු කළෙමු. විහාරාධිපති යටවත්තේ රාහුල හිමියන් මෙම කටයුත්තේ මූලික වගකීම භාරගැනිණ.

කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය, උකුවෙල

අප වැඩසටහන් මාලාව සාර්ථක කරගැනීමට දැක්වූ මහත් වූ සහය දැක්වූ, මාතලේ දිස්ත්‍රික්කයේ දකුණු කලාපයට අයත් උකුවෙල කොට්ඨාශ අධ්‍යාපන කාර්යාල පරිශ්‍රයේ රෝපණය සදහා පොල් පැළ පිරිනැමීමක් සිදු කෙරිණ. අවුරුදු 30 කට වැඩි සේවා කාලයක් හෙබවූ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක, ආනන්ද විජයකුමාර මහතා ඒ වනවිටත් පොල් රෝපණය උත්තේජනය සඳහා, පොදු ස්ථාන මට්ටමින් අරඹා ඇති අයුරු මෙහිදී අප දකින්නට හැකි විය.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.