පොල් ශාකයේ අකල් පරිහානි තත්ත්වයන්

විවිධ පරිසර තත්ත්වයන් යටතේ පොල් වැවෙන ප්‍රදේශවල පොල් ගසෙහි ඇතිවන පරිහානි තත්ත්වයන් නිසා
අස්වැන්නෙහි අවම වීම් සුලභව දැකිය හැකිය. නිසරු පසේ මෙන්ම සරු පසේ වැවෙන පොල් ගස් ද මෙම
පරිහානි තත්ත්වයන්ට භාජනය වේ. එමෙන්ම මෙම තත්ත්වයන්ට භාජනය වන බොහෝ ගස් වැඩි ඵලදාවක්
ලබාදුන් ගස් බව ද පෙනී ගොස් ඇත. මෙම අකල් පරිහානි තත්ත්වය පොල් ගසෙහි පෙන්නුම් කරන ලක්ෂණ
අනුව, පොල් කොළ කරවීම සහ කඳ සිහින් විම ලෙසින් බෙදා වෙන්කළ හැක.

A.පොල් කොළ කරවීම/ වියළී යාම.

පොල් කොළ කරවීමේ පරිහානී තත්ත්වය අවුරුදු 15ට වැඩි වයස් මට්ටමේ පොල් ගස්වල දැකිය හැකිය. මෙම තත්ත්වයේදී හොඳින්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, පොල් ගසේ පහළ මාලයේ අතුවල පත්‍රිකාවන්හි අග කරවීමත්, එය පොල් අතුවල මැද නාරටිය දෙපසට ව්‍යාප්ත වීමත්, පසුව පත්‍රිකා පහතට කරකැවී යාමත් සිදුවෙි. පොල් කොළ කරවීමේ පරිහානි තත්ත්වයට භාජනය වූ පොල් ගසක හානි ලක්ෂණ පෙන්වන අනුපිළිවෙල මෙසේ දැක්විය හැකිය..

මධ්‍යස්ථ අවධියේ ලක්ෂණ:

අවසාන අවධියේ ලක්ෂණ.

කොළ කරවීමේ පරිහානි තත්ත්වයේ අවසාන අවධියට පාත්‍ර වූ ගස්වල ඉහළින්ම ඇති අළුත් අතු කෙටි ලා පැහැති වුවත් ඒවායේ කිසිවිටෙකත් වියළීයාමේ ලක්ෂණ නොපෙන්වයි. කොළ වියළීමේ තත්ත්වය සහිත ගස්, පොල් වගාවන්හි, අතරින් පතර විසිරී පවතියි. මෙම පරිහානි තත්ත්වයට ගොදුරු වූ ගස් විනාශවී යන වේගය ගසින් ගසට වෙනස්වේ. මූලික රෝග ලක්ෂණ පහළ වී වසර 2 – 6ත් අතරේදී අස්වනු ලබාදීම නතර වන අතර, ගසක් සම්පූර්ණයෙන් අතු වියළී මිය යාමට වසර 8 -10 හෝ එයට වඩා වැඩිපුර කාලයක් ගතවිය හැක.

B. කඳ සිහින් වීම

කඳ සිහින්වීමේ පරිහානී තත්ත්වයද සාමාන්‍යයෙන් හටගන්නේ අවුරුදු 15ට වැඩි පොල් ගස්වලය. මෙම තත්ත්වයේදී කැපී පෙනෙන ලක්ෂණ වනුයේ, හොඳින් ඵල දරමින් තිබූ ගස් ඉතා කෙටි කලකදී පත්‍ර ලා කොළ පැහැති වී, පත්‍ර කිරුළ (ගොබය) ඉහළට සහ පහළට බෙදුන ස්වරූපයක් දිස්වීමත්, ඉන් අනතුරුව කරටියට වහාම පහළින් සිදුවන කඳ සිහින් වීමත්ය. කඳ සිහින් වීමේ පරිහානී තත්ත්වයට භාජනය වූ ගසක් එකී ලක්ෂණ පෙන්වන අනුපිළිවෙල මෙසේ දැක්විය හැකිය.

මධ්‍යස්ථ අවධියේ ලක්ෂණ:

අවසාන අවධියේ ලක්ෂණ:

මෙම තත්ත්වය ඇති ගස් වගාව පුරා තැනින් තැන විසිරී පැවතිය හැක. මෙම පරිහානී තත්ත්වයේ රෝගී ලක්ෂණ පෙන්වා වසර 2ත් 6ත් අතරේදී ගස් නිසරු බවට පත් වන තර ගස මිය යාමට අවුරුදු 8 -10 දක්වා හෝ සමහර අවස්ථා වලදී ඊටත් වඩා වැඩි කාලයක් හෝ ගත විය හැක.

හේතූන්….?

1. කොළ කරවීමේ හා කඳ සිහින් වීමේ පරිහානී තත්ත්වය ඇති වීමට වැඩි ඵලදාවක් ලබා දෙන ප්‍රභේද වලින් ඉවත් වන මූල ද්‍රව්‍ය ප්‍රමාණයට අනුරූපව පොහොර නොයෙදීම ප්‍රධාන හේතුවකි.

2. වගාවක දිගින් දිගටම ප්‍රධාන නයිට්‍රජන්, මැග්නීසියම්, පොටෑසියම්, හා පොස්පරස් ආදිය යෙදුවත් තුත්තනාගම් හා තඹ වැනි ක්ෂුද්‍ර මූල ද්‍රව්‍ය ලබාදෙන ප්‍රධාන ප්‍රභව වන කාබනික පොහොර නොයෙදීම.

3. වගාවකට ප්‍රධාන පෝෂක නයිට්‍රජන්, පොස්පරස් මැග්නීසියම් (N,P,Mg) ඌණතාවයන් දීර්ඝ හා කාලයක් පැවතීම සහ නියමිත පොහොර යෙදීමෙන් ඒවා යථා තත්ත්වයට පත් නොකිරීම.

4. පසේ ඇති අහිතකර තත්ත්වයන්

   – තද බොරළු සහිත පස.

   – ගැඹුරින් අවම පස. (මතුපිටට නොගැඹුරින් තද බොරළු හෝ මැටි ස්ථර පිහිටීම)

   – නිතර ජලය රැඳෙන හෝ වියළී යාමකට ලක් විය හැකි මැටි පස.

   – මුල් වලට කෘමීන් හානි සිදු කිරීම.

කොළ කරවීම සහ කඳ සිහින් වීම යන පරිහානී තත්ත්වයන් දෙකෙහිම අවසාන අවධියේදී පෙන්වන ලක්ෂණ එක හා සමානය . එබැවින් මුල් අවධියේ හැර ඊට පසු අවස්ථාවන් වලදී ගස කුමන පරිහානී තත්වයක් නිසා කඳ සිහින් වීමකට ලක් වුවාද යන්න හඳුනා ගැනීම අසීරුය. එමෙන්ම මධ්‍යස්ථ අවධියට පසු මෙම පරිහානී තත්ත්වයන්ට භාජනය වූ ගස් යථා තත්ත්වයට පත් කළ නොහැක.

අකල් පරිහානියට පත්වූ ගස් යථා තත්ත්වයට පත් කිරීම.

1. නියමිත කාලයේදී නයිට්‍රජන්, පොටෑසියම්, මැග්නීසියම් හා පොස්පරස් (N,K,Mg & P) සපයන පොහොර නියමිත මාත්‍රාව යෙදිය යුතුය. ඊට අමතරව වසරකට එක් ගසකට පදම් කළ කුකුල් පොහොර කිලෝ ග්රෑම් 20 - 40ක් සහ මි.මී 1 -2 ප්‍රමාණයේ පොල් කටු අඟුරු කිලෝ ග්රෑම් 40 – 60 ක් (හැකි තරමක් හෝ) පොහොර කවයට එකතුකර හොඳින් පස් සමඟ මිශ්‍ර කිරීම මඟින් පසේ වයනය දියුණු කර, හිතකර තත්ත්වයට පත්වන තුරු වසරකට වරක් බැගින් යෙදිය යුතුය.

2. මීට අමතරව පහත සඳහන් කළමනාකරණ පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබගේ වගාවේ කොළ කරවීමේ හා කඳ සිහින් වීමේ තත්ත්වයන් ඇති වීම වළකා ගත හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *