“ Commencement of Coconut Cultivation from Schools”The 5th stage of demonstrating and disseminating information about coconut cultivation centred around schools held at the Katunayaka Maha Vidhyalaya.

“පොල් වගාවේ ඇරඹුම පාසලෙන්” පාසල් මූලිකව ක්‍රියාත්මක වන්නා වූ වැඩසටහන් මාලාවේ පස් වන අදියර කටුනායක මහා විද්‍යාලයීය පරිශ්‍රයේ දී

මීගමුව අධ්‍යාපන කලාපයේ පාසල් කෘෂිකර්ම සහ වගා කටයුතු අංශයෙන් 2022 වසරේ ප්‍රථම ස්ථානය ලබා ගත්තේ මෙතෝදිස්ත පාසල ලෙස කටුනායක මහා විද්‍යාලයයි. අධ්‍යාපන කටයුතු තුළින් පමණක් නොව විෂය බාහිර ක්‍රියාකාරකම් ඇසුරින් ප්‍රමුඛත්වය හොබවන මෙම පාසල එහි විදුහල්පති තුමියගේ පූර්ණ කැපවීම මත ගොඩනැගෙණ දිවිතීක පාසලකි. 2022 වසරේ අග භාගයේදී, විද්‍යාලයේ විදුහල්පති එම්.පී. ශ්‍යාමලී ද සිල්වා මහත්මිය good hands ව්‍යාපෘතියේ ක්‍රියාකලාපය පිළිබඳ දැනුවත් වී වයාපෘති නිළධාරීන් හා සම්බන්ධ විය. සිසුන් 167ක් පමණ වර්තමානයේ පාසලින් ඉගෙනුම ලබන අතර බොහොමයක් දැඩි ආර්ථික අපහසුතා සහිත පවුල්වල සාමාජිකයන් ය. නොයෙක් අභියෝග ඔස්සේ ඉදිරියට පියමනිමින් සිටින මෙවන් පාසලක දරු දැරියන්ගේ අනාගතයට සිදු කරන්නා වූ ආයෝජනයක් ලෙස good hands ව්‍යාපෘතිය දියත් කිරීමේ කටයුතු ඇරැඹුණි.

කටුනායක මහා විද්‍යාලය

2023 වසරේ ජනවාරි මස 03වන දින මූලික සූදානම් වීමේ කටයුතු අවසානයේ දී good hands කණ්ඩායම කටුනායක ප්‍රදේශය වෙත ප්‍රවිෂ්ට විය. පාසල් ගුරුවරුන් සහ දෙමාපියන් මෙන්ම පාසලේ සියලුම සිසු සිසුවියන් එදින උදෑසනම අප වැඩසටහන වෙත සහභාගී විය. ආරම්භයේදී අප විසින් පැවත්වූ දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ප්‍රාදේශීය සමෘධි නිළධාරී මහතා සහ කටුනායක මෙතෝදිස්ත දේවස්ථානය නියෝජනය කරමින් එහි දේවගැතිතුමන් ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි විය.

"පොල් වගාව සහ රටේ අනාගතය" පිළිබඳ දීර්ඝ දේශන මාලාවක් වීඩියෝ දර්ශනද ඇසුරින් රැස්ව සිටි සැමට දැනුවත් කිරීමට අපට කන්ඩායමට හැකිවිය. විශේෂයෙන්ම පොල් ආශ්‍රිතව ශීඝ්‍රයෙන් පැතිර යන සුදු මැස්සාගේ හානිය පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම රැස්ව සිටි සියලුම වැඩිහිටියන් වෙත සිදු කෙරිණ.

අනතුරුව පොල් බීජයකින් පොල් පැළයක් සාදාගෙන සිටුවීම දක්වා වූ ක්‍රියාකාරකම් සිසු සිසුවියන් වෙත ප්‍රායෝගික දැනුවත් කර, ඔවුන් වෙත පැවරීම සිදු කෙරිණ. මෙහිදී පාසලේ සඳහා පොල් බීජ 80කින් පමණ සමන්විත වූ බීජ තවානක් තැනිය හැකිවිය. එම සැසිය අවසානයේ දී පාසලේ භාවිතයට නොගන්නා පරිශ්‍රයන්හිදී පොල් පැළ 40ක් පමණ රෝපණ කටයුතු සිදු කෙරිණ.

පාසල් සිසු සිසුවියන්ගේ වැඩිදුර අධ්‍යනය සඳහා "good hands පොල් වගාවේ අත්පොත" අප විසින් විදුහල්පතිනිය වෙත පිරිනැමුණු අතර වැඩසටහනට සම්බන්ධ වූ සියලු දෙනා හටද බෙදාහැරිණ. අවසානයේදී වැඩසටහන වෙත සහභාගිවූ ගම්වාසී දෙමාපියන් සහ පාසල් ගුරුවරුන් වෙත තවාන් කිරීමට පොල් බීජ මෙන්ම රෝපණයට පොල් පැළ, බීජ සංකල්පයට දැක්වූ උනන්දුව අගය කිරීමක් ලෙස බෙදාහරින ලදී.

කටුනායක මෙතෝදිස්ත දේවස්ථානය

කටුනායක මහ විදුහලේ පැවති වැඩසටහන සහභාහි වූ කටුනායක මෙතෝදිස්ත දේවස්ථානයේ එස්.කේ.සුනිල් දේවගැතිවරයා වගාව සම්බන්ධයෙන් ඉතා උනන්දුවකින් පැවති පුද්ගලයෙක් විය. මේ හේතුවෙන් දේවස්ථාන පරිශ්‍රයේ රෝපණය සදහා පොල් පැළ සහ බීජ ප්‍රදානය කිරීමක් ද සිදුවිය.

සීදූව පොලිස් ස්ථානය

good hands ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව, සීදූව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ධනුෂ්ක මහතා, එම පොලිස් ස්ථාන පරිශ්‍රය වෙත පැමිණෙන ලෙසට අප කණ්ඩායම වෙත ආරාධනාවක් යොමු කර තිබුණි. ඒ අනුව පරිසරය පොලිස් ඒකකයේ එම්. කේ. විජේරත්න මහතා, ව්‍යාපෘතිය සහ එහි ඉදිරිගමන පිළිබඳ අප සමඟ සාකච්ඡා පවත්වන ලදී. මෙහිදී පොලිස් ස්ථාන පරිශ්‍රයේ රෝපණයට පොල් පැළ කිහිපයක් ප්‍රදානය කිරිම මෙන්ම පොලිස් නිලධාරීන් හට පොල් සම්බන්ධ අත්පොත් නොමිලේ ලබාදීම සිදු විය.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.