Coconut Seedling Nursery, Coconut Seedling Distribution and Awareness Project launched by Good Hands Initiative at Hirana, Panadura and Bandaragama Police Station premises with the objective of encouraging Sri Lankans to cultivate coconut plants.

ලාංකිකයින් පොල් වගාව සඳහා දිරිමත් කිරීමේ අරමුණ සිත් ඇතිව good hands ක්‍රියාන්විතය විසින් හිරණ, පානදුර සහ බණ්ඩාරගම පොලිස් ස්ථාන පරිශ්‍රයන්හි දියත් කෙරුණු ලැබූ පොල් බීජ තවාන් කිරීම, පොල් පැළ බෙදාහැරීම සහ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය.

අප්‍රේල් මස 27 වන දින පානදුර සහ බණ්ඩාරගම මූලික පොලිස් ස්ථාන සහ හිරණ පොලිස් මුරපොළේදී පොල් පැළ බෙදාදීම සහ බීජ පොල් තවාන් දැමීම සිදු කෙරුණේ එහි පොලිස් නිළධාරීන්ගේ සහ නිළධාරිණියන්ගේ උද්‍යෝගිමත් සහභාගිත්වයෙනි.

එදින පොලිස් ස්ථානයන්හි සිටි නිළධාරීන් සහ නිළධාරිණියන්ගේ සහභාගි වීම සහ අප ව්‍යාපෘතිය සඳහා ඔවුන්ගේ පැසසුම් නොමසුරුව ලැබිණ. පොල් සම්බන්ධව කරුණු කාරණා පිළිබඳව දැන ගැනීමට ඔවුහු මහත් උනන්දුවක් දැක්වූ අතර good hands අත්පොත ඔවුන් වෙත ලබාදීමටද කටයුතු කෙරිණ.

අවසානයේදී good hands විසින් තේරුම් කළ දෙයක් වූයේ, ක්‍රියාන්විතයේ මුඛ්‍ය පරමාර්ථය පැළ හෝ බීජ පොල් බෙදා දීම නොවන බවත්, රටේ පුරවැසියන් සැවොම පොල් බීජයකින්, එක් පොල් පැළයක් හෝ සදාගෙන සිටුවීමට උනන්දු කරවීම සහ එහි ඇති සාර්ථකත්වය පිළිබඳව විශ්වාසය ඔවුන් වෙත ඇති කරවීම යන්නය.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.