පොල් මයිටා හානි මර්ධනය සඳහා ජෛව විද්‍යාත්මක ක්‍රමයක්

පොල් මයිටා හානි මර්ධනයට විලෝපික මයිටාවන්

පොල් මයිටාවා (ඇසේරියා ගුරෙරෝනිස්) පොල් ගෙඩි වලට හානි කරන පළිබෝධකයකි. වැඩුණු පොල් මයිටාවෙකු ඉතා කුඩා වන අතර දිග සහ පළල පිළිවෙලින් මයික්‍රෝමීටර 255ක් සහ 52ක් පමණවේ. අපට එය පියවි ඇසින් දැකිය නොහැකි වන අතර රිදී ලප ලෙස දිස්වන සමූහ ලෙස ජීවත් වේ. සාමාන්‍ය ඇසකින් නිරීක්ෂණයට 10x (10 බලයකින් යුතු) අත් කාචයක් අවශ්‍ය වේ.

මයිටා හානිය

පොල් මයිටාවා දින 7-10 ක කාලයක් තුළදී ජීවන චක්‍රය අදියර 4 ක් යටතේ සම්පූර්ණ කරන අතර, වැඩිහිටි අවධියකින්, කීට අවධි දෙකකින් සහ බිත්තර අවධියකින් සමන්විත වේ. මෙලෙසින් කුඩා කාලයක් තුළදී වර්ධනය වීම, මයිටා ගහනය වේගයෙන් පැතිර යාමට හේතුවේ. මයිටාවන් පෝෂණය කරන්නේ ඵලය මතුපිට පටක සිදුරු කර යුෂ උරා ගැනීමෙනි.

Software: Microsoft Office

පොල් මයිටාවන් - ඇසේරියා ගුරෙරෝනිස්

ජීව විද්‍යාත්මක ක්‍රමයට පොල් මයිටාවන් පාලනය සඳහා විලෝපික මයිටාවාන් ක්ෂේත්‍රයට නිදහස් කිරීම නිර්දේශ කර ඇත. “නියෝසිලස් බරාකි” නමැති මෙම විලෝපික මයිටා විශේෂය, විශේෂිත අභිජනන මධ්‍යස්ථානය තුල සමූහ ලෙස ගුණනය කර හානි ගස් වලට මුදා හැරීම සඳහා වගා කරුවන්ට ලබා දීම සිදු කෙරේ.

විලෝපික මයිටාවන් - නියෝසිලස් බරාකි

විලෝපිකතාව

විලෝපික මයිටාවන් මගින් පොල් මයිටාවන් සම්පූර්ණයෙන්ම විනාශ නොවන අතර පොල් මයිටාවාන් යුෂ උරා බීමෙන් අස්වැන්නට සිදු වන හානිය අවම කිරිම අපේක්ෂා කළ හැක.

විලෝපික මයිටාවන් ගස් වලට යොදන ආකාරය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *