good hands ක්‍රියාන්විතය, අධ්‍යාපනය, සවිබල ගැන්වීම, පරිසරය සහ ආර්ථිකය යන ප්‍රධාන කරුණු හතර හරහා බල ගැන්වෙන දීර්ඝකාලීන වැඩසටහන් මාලාවකි. අපගේ ජීවයේ වෘක්ෂය - පොල් ගස වටා මුල් බැසගත් ශක්තිමත් ප්‍රජාවක් ලෙස, භූමිය රැකබලා ගැනීමට දරුවන්ට උගන්වමින්, ආදායම් අවස්ථා ඇති පවුල් සවිබල ගන්වමින් සහ පාරිසරික ඔරොත්තු දීමේ හැකියාව පෝෂණය කරන්නෙමු. අද රෝපණය කරන්නාවූ සෑම පැළයක්ම හරිත, තිරසාර සහ ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් කරා යන පියවරකි.
මෙය හුදෙක් පැළ සිටුවීමකට වඩා වෙනස් මුලපිරුමකි; එය මව් බිමට අපව සමීප කරවන සහ අනාගතය දීප්තිමත් ලෙස හැඩගස්වන බලාපොරොත්තුවක්, ආඩම්බරයක් මෙන්ම උරුමයක් පැළ කිරීම ගැනයි.
ඔබේම පොල් ගසට සාර්ථකව ජීවය ලබා දීමට සහ එහි ඵල නෙලා ගැනීමට අවශ්‍ය තොරතුරු ඔබට ලබාදීම අපගේ අරමුණයි. මෙම ඉලක්කය ලංකාවේ කර්මාන්තවල සුරක්ෂිතතාව සඳහා වූ විශාල අභිලාෂයන් වෙත සහ ලෝක ආර්ථික වේදිකාවේ රටේ ස්ථානය පවත්වා ගැනීම හා සම්බන්ධ වේ. ඔබටත් කප්රුක තවදුරටත් ප්‍රචලිත කරලීමට ලබාදෙන කුඩා සහයකින්, අපේ ජාතියේ පොල් අස්වැන්න සීඝ්‍රයෙන් අඩුවීමට එරෙහිව කටයුතු කළ හැක. මෙමගින් ශ්‍රී ලංකාව ඇගේ පොල් පරිභෝජනයෙන් ස්වයංපෝෂිත කරනවා පමණක් නොව, සැකසුම් සහ අපනයන සඳහා වැඩි පොල් ප්‍රමාණයක් ලබා ගැනීමටත්, එමගින් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ඉහළ නැංවීමටත් හේතුවන බව නොඅනුමානය.