A series of projects carried out by Good Hands Initiative in the Kalutara District with the objective of creating interest and confidence among Sri Lankans in making coconut seedlings from coconut seed nursery at home.

good hands ක්‍රියාන්විතය විසින් කළුතර දිස්ත්‍රික්කයේ සිදුකරනු ලැබූ, නිවසේදීම බීජ පොල් තවාන්කරණය මගින් පොල් පැළ සාදාගැනීම සඳහා ලාංකීකයන්හට, උනන්දුව සහ විශ්වාසය ඇතිකරලීම, අරමුණ කොට සිදු කරනු ලැබූ ව්‍යාපෘති මාලාව. (පළමු අදියර)

පොල් වගාව සඳහා උනන්දුවක් දක්වමින්, ෆේස්බුක් පිටුව තුළින් ඉල්ලීම් කළ අපගේ සහෘදයින් පිරිසකට අත්වැලක් ලෙසින් ගුඩ් හෑන්ඩ්ස් ක්‍රියාන්විතයෙන් මගින් පොල් බීජ තවාන් කිරීමේ සහ පොල් පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘති රැසක් පසු ගිය මාස කිහිපය තුළදී සාර්ථකව අවසන් කෙරිණ.
මෙම ව්‍යාපෘතිය කාණ්ඩ 3ක් යටතේ සිදු කෙරුණ අතර, පළමු පියවර මතුගම ප්‍රදේශය අවට සිදු කෙරුණේ මාර්තු මස අවසානයේදී ය.
ඉන්පසුව අප්‍රේල් මාසයේ දී, අගලවත්ත, බුලත්සිංහල, මෝල්කාව, බදුරලිය, පානදුර සහ බණ්ඩාරගම යන ප්‍රදේශ මූලික කරගනිමින් ව්‍යාපෘති රාශියක් දියත් කර, සාර්ථකව අවසන් කෙරුණේ good hands ක්‍රියාන්විතයේ අප්‍රතිහත උත්සාහය සහ කැපකිරීම් තුළිනි.
එක් එක් ප්‍රදේශයන්හි වෙසෙන පවුල් වෙත, තවාන් දැමීම සඳහා නොමිලේ බීජ පොල් ලබාදීම, ප්‍රායෝගික දැනුම නිවෙස් මට්ටමින් දැනුවත් කිරීම සහ පොල් ආශ්‍රිත විස්තර ඇතුළත් good hands අත්පොත ලබාදීමද සිදු කෙරිණි.


අවසානයේදී good hands විසින් තේරුම් කළ දෙයක් වූයේ, ක්‍රියාන්විතයේ මුඛ්‍ය පරමාර්ථය පැළ හෝ බීජ පොල් බෙදා දීම නොවන බවත්, රටේ පුරවැසියන් සැවොම පොල් බීජයකින්, එක් පොල් පැළයක් හෝ සදාගෙන සිටුවීමට උනන්දු කරවීම සහ එහි ඇති සාර්ථකත්වය පිළිබඳව විශ්වාසය ඔවුන් වෙත ඇති කරවීම යන්නය.

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.