A series of programs carried out in Anuradhapura to expand the good hands concept of “Let’s make a coconut plant from a coconut seed nursery”

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ‘පොල් බීජ තවානක් මඟින් පොල් පැළයක් සාදා ගනිමු’ යන good hands සංකල්පය ව්‍යාප්ත කිරීමෙහිලා සිදු කළ වැඩසටහන් මාලාව.

2022 නව වසර උදාවත් සමඟම good hands ක්‍රියාන්විතය හට තවත් සමාජ සත්කාර මාලාවකට අත්පොත් තැබීමට භාග්‍ය උදාවිය. පසුගිය වසරේ පොල් වගාව සඳහා උනන්දුවක් දක්වමින්, ෆේස්බුක් පිටුවට ප්‍රතිචාර එක්කළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මාන කිහිපයක පදිංචි අපගේම සහෘදයින් වෙත තවාන් දැමීම හා සමගාමී වැඩසටහන් මාලාවක් දියත් කෙරිණ. මෙහිදී දිස්තික්කයේ පවුල් 40 කට අධික ප්‍රමාණයක් මේ සඳහා මූලිකව සම්බන්ධ කර ගැනුණි.

ජනවාරි මස මුලදී තලාව, ගල්කුලම, ශ්‍රාවස්තිපුර, අනුරාධපුර නගරය, පණ්ඩුලගම, හිදෝගම සහ අශෝකාරාමය යන ප්‍රදේශ අවට දුෂ්කර ගම්මාන ආශ්‍රිතව වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණ. දින කිහිපයක් තුළදී සිදු කරන ලද පොල් බීජ තවාන් කිරීමේ ව්‍යාපෘතිය, ගම් වැසියන්ගේ උද්‍යෝගය සහ සහයෝගය මධ්‍යයේ සාර්ථකව අවසන් කිරීමට අපට හැකි විය. නොමිලේ බීජ පොල් තවාන් කිරීමට අමතරව, පොල් වගාකිරීම ආශ්‍රිතව ගම්වැසියන් යොමුකළ ගැටලු සාකච්ඡා කිරීම මෙන්ම ප්‍රායෝගික පිළිවෙත් පිළිබඳව දැනුවත් කිරීම good hands කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලදී. තව ද මේ සමඟම good hands අත් පොත ලබා දීමද සිදු කෙරුණේ අප ව්‍යාපෘතියේ සංකල්ප ඉදිරියට ගෙන යාමේ අරමුණු පෙරදැරිවය.

අනුරාධපුර පැවති ක්‍රියාකාරකම් අතරතුරදී ඒ ඒ ප්‍රදේශය යාබදව පිහිටි පොලිස් ස්ථානය වෙත ද අපට පොල් බීජ තවාන් කිරීමේ සහ පැළ රෝපණ වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව උදා වුණි. අනුරාධපුර, කවරක්කුලම, තබුත්තේගම සහ තලාව යන පොලිස් ස්ථාන වෙත මේ අයුරින් අපගේ සංකල්පය ව්‍යාප්ත කෙරුණේ පොලිස් ස්ථානභාර ස්ථානාධිපතිවරයන් ගේ නොමඳ පැසසුම් මධ්‍යයේය.

මෙකී වැඩසටහන් සියල්ලකදීම පාහේ good hands කාර්ය මණ්ඩලය විසින් මූලිකව පහදා දුන් ක්‍රියාන්විතයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ, පැළ හෝ බීජ පොල් ඛෙදාදීම නොවන බවත්, රටේ පුරවැසියන් සැවොටම පොල් බීජයකින්,

එක් පොල් පැළයක් හෝ සදා ගෙන සිටුවීමට උනන්දුව ඇති කරවීම යන්නයි. 

ප්‍රතිචාරයක් සටහන් කරන්න

Your email address will not be published.